Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකාව දිනවා මහේල කී‍්‍රඩකයන්ගේ කරපිටින් යයි

ශී‍්‍ර ලංකාව දිනවා මහේල කී‍්‍රඩකයන්ගේ කරපිටින් යයි

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 14 Comment
A A A


පාකිස්තානයට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 105 ක අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම 2-0 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය. පළමු ඉනිමේදී ලකුණු 127 කට කඩුලූ 9 ක් දවාගත් රංගන හේරත් දෙවැනි ඉනිමේදීත් ලකුණු 57 කට කඩුලූ 5 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා පිල මෙම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.


සිය පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීම (1997 දී) මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් මහේල ජයවර්ධන සිය අවසන් ටෙස්්ට් තරගය වූ මෙම තරගයේදී 50 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේය. ඒ සමගම කුමාර් සංගක්කාර සමග එක්ව තවත් ශතක සම්බන්ධතාවකට දායක වූ මහේල ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රහණය වෙනුවෙන් පදනම දමා දුන්නේය.


ලකුණු 107 ක් වූ මහේල - සංගක්කාර සම්බන්ධතාව නිසා දෙවැනි ඉනිමේදී ලකුණු 282 ක් කරා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 282 ක් ලබාගනිමින් තරගයෙන් ජයගැනීමට නම් ලකුණු 271 ක් ලබාගන්නා ලෙස පාකිස්තානු පිලට අභියෝග කළේය.


තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) කඩුලූ 7 ක් දැවී ලකුණු 127 ක් පමණක් ලබා සිටින පාකිස්තානු පිලට අද පෙරවරුවේදී සියලූ දෙනාම දැවී යාමට පෙර ලබාගත හැකිවූයේ ලකුණු 165 ක් පමණි. ධම්මික ප‍්‍රසාද්ගේ පන්දුවක් හිසේ වැදීම නිසා තුවාල ලබා සිටින ජුනයිඞ් ඛාන් පන්දුවට පහර පහර දීමට නොපැමිණි හෙයින් වහබ් රියාස්ගේ උඩපන්දුව රැුකගැනීමත් සමගම තරගය නිමා විය.


තරගය පුරාම විශිෂ්ට පන්දු යැවීමක නිරත වී සිටි රංගන හේරත් ඒ වන විටත් ලකුණු 50 කට කඩුලූ 4 ක් දවාගෙන සිටි අතර එස්. එස්. සී. පිටියේ හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කළ චමින්ද වාස්ගේ කඩුලූ 14 සමකිරීමට හෝ එය අභිබවා යාමට කඩුල්ලක් හෝ දෙකක් අවශ්‍යව තිබිණ. චානක වෙළගෙදර විසින් සර්ෆාස් අහමඞ් දවාගනු ලැබීමත් සමගම හේරත්ගේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් දක්නට ලැබුණත්  ඕවර 3 කට පසුව යැවුණු හේරත්ගේ පන්දුයකට වහබ් රියාස් වැරෙන් ගැසූ පහරින් පන්දුව ගුවනේ ඉහළ  ගියේය.


කවර්ස් ස්ථානයේ සිිටි කුමාර් සංගක්කාරත් පොයින්ට් හි සිටි කෞෂාල් සිල්වාත් උඩපන්දුව හඹා දිවයාමේදී එකිනෙකා ගැටුණද කෞෂාල් උඩපන්දුවෙන් ඇස් ඉවතට නොගෙනම එය ග‍්‍රහණය කරගත්තේය.


තරගය නිමා වීමත් සමගම කිසිවකුගේ පණිවුඩයක් මත ප‍්‍රධාන කී‍්‍රඩාගාරයට දිවගිය මහේල ජයවරධන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුබපැතුම් පිළිගැනීමෙන් පසුව නැවතත් කී‍්‍රඩකයන් අතරට පැමිණියේය. අනතුරුව මහේල ජයවර්ධන කර හිඳුවාගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ පිටිය වටා යමින් නරඹන්නන්ට ආචාර කිරීම සඳහා මහේලට අවස්ථාව සලසා දුන්හ.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 


අදහස් (14)

ශී‍්‍ර ලංකාව දිනවා මහේල කී‍්‍රඩකයන්ගේ කරපිටින් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.