Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ලකුණු 327 කට දැවී යයි

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ලකුණු 327 කට දැවී යයි

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (14 වැනිදා) දිවා ආහාරයට වන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ලකුණු 327 කට දවාගැනීමට පාකිස්තානුවෝ සමත් වූහ. ඊයේ සවස තරගය නතර කරන විට කඩුලූ 4 කට ලකුණු 244 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ අවසන් කඩුලූ 6 ලකුණු 83 කට බිඳ වැටිණ.

පළමු දිනය අවසනදී ලකුණු 63 ක් ලබා නොදැවී සිටි කිත්රුවන් විතානගේ අද පෙරවරුවේදී ඉතාමත් ප‍්‍රවේසමෙන් සිය පිත්ත හසුරුවමින් ශතකය කරා පියමං කළ නමුත් ශතකයට ලකුණු 4 ක් මෑතින් සිටියදී ගැසූ ‘ඔන් ඩ‍්‍රයිව්’ පහරක් වැරදී යාමෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

ඒ වන විට විනාඩි 222 ක් පුරා පිටියේ රැඳී සිටි කිත්රුවන් විතානගේ පන්දු 153 කට මුහුණ දෙමින් හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසා තිබිණ.

පෙරවරුවේදී පැවැති පොද වැස්සක් හේතුවෙන් අදත් තරගය ආරම්භ වීම විනාඩි 30 කින් ප‍්‍රමාද විය. දිනයේ සිවුවැනි පන්දුව යැවීම සඳහා ලබාගත් දෙවැනි නව පන්දුවෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ පිතිකරුවන් අමාරුවේ වැටිණ.  

මීර් හම්සාගේ වමතින් මිදුණු දෙවැනි නව පන්දුවෙන් යැවුණු තුන්වැනි පන්දුව කුසල් පෙරේරාගේ පා ආවරණයත් පිත්තත් අතරින් රිංගා කඩුල්ලේ වැදිණ. අනතුරුව පිටියට පිවිසි අසේල ගුණරත්න සහ කිත්රුවන් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 65 ක් එක්කළහ.

එසේ වුවත් කිත්රුවන් ලකුණු 66 ක් ලබා සිටියදීත් අසේල ගුණරත්න ලකුණු 18 ක් ලබා සිටියදීත් ලැබුණු උඩපන්දු රැකගැනීමට කඩුල්ල පිටුපස සිටි පන්දු රකින්නන් සමත් වූයේ නම් ශී‍්‍ර ලංකා ‘ඒ’ ඉනිම මීට වඩා කෙටි වන්නට තිබිණ.

පිටියට පිවිසි මොහොතේ සිටම ඉතාමත් සුභවාදී ලෙසින් පිත්ත හැසිරවූ අසේල ගුණරත්න ඉතාමත් අලංකාර පහර කිහිපයකින්ම පාකිස්තානු ‘ඒ’ පන්දු යවන්නන්ට සංග‍්‍රහ කරමින් හතරේ පහර 6 ක් සහිතව ලකුණු 31 ක් ලබාගත්තේය. අද පෙරවරුවේදී  ඕවර 9 ක් යවමින් ලකුණු 21 කට කඩුලූ 3 ක් දවාගත් ඉමාඞ් වසිම් අද දිනයේ වැඩ ඇල්ලූවේ ගුණරත්න දවාගනිමිනි.

පාකිස්තානු ‘ඒ’ පිලේ වමතින් වේග පන්දු යවන්නා වූ මීර් හම්සා කොළඹදී පැවැති නිල නොවන ටෙස්ට් තරගයේදීත් කඩුලූ 3 ක් දවාගත් අතර අද දිනයේත් දෙවැනි නව පන්දුවෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබාගනිමින් ලකුණු 23 කට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙදෙනා ආපසු කී‍්‍රඩාගාරයට යැවීය.

ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම
උදාර ජයසුන්දර - ක.මු.කළා ප.සියා උල් හක්    42
ධනංජය ද සිල්වා - ඇ.ගෝර් ප.ඉමාඞ් වසිම්    96
මාධව වර්ණපුර - ක.මු.කළා ප.සෆාර් ගෝර්    7
කිත්රුවන් විතානගේ - ක.මු.කළා ප.මීර් හම්සා    96
අශාන් පි‍්‍රයන්ජන් - දුවද්දී දැවී ගියා    5
කුසල් පෙරේරා - ප.මීර් හම්සා    23
අසේල ගුණරත්න - ඇ.කුරාම් මන්සූර් ප.ඉමාඞ් වසිම්    31
තරිඳු කෞෂාල් - ක.මු.කළා ප.ඉමාඞ් වසිම්    9
ළහිරු ගමගේ - ඇ.අක්මල් ප.සෆාර් ගෝර්    0
විශ්ව ප‍්‍රනාන්දු - නොදැවී     1
දුෂ්මන්ත චමීර - ක.මු.කළා ප.ඉමාඞ් වසිම්    1
අතිරේක    16
එකතුව  ඕවර 111 කදී සියලූ දෙනා දැවී     327

කඩුලූ වැටීම
1-101(උදාර), 2-127(මාධව), 3-183(ධනංජය), 4-195(පි‍්‍රයන්ජන්), 5-246(කුසල්), 6-311(අසේල), 7-320(කිත්රුවන්), 8-325(ළහිරු), 9-325(කෞෂාල්), 10-327(චමීර)

පන්දු යැවීම
තබීෂ් ඛාන් : 28-9-73-0, මීර් හම්සා : 26-10-70-2, සියා උල් හක් : 21-1-79-1, උමේර් අමීන් : 4-2-07-0, සෆාර් ගෝර් : 16-4-48-2, ඉමාඞ් වසිම් : 16-3-44-4


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ලකුණු 327 කට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.