Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශූරයන්ගේ ලීගයෙන් ඩිල්ෂාන් ඉවත් වෙයි

ශූරයන්ගේ ලීගයෙන් ඩිල්ෂාන් ඉවත් වෙයි

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 17 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වෙන ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඉල්ලූ අවසරයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් අනුමැතිය හිමිවී තිබේ. පෞද්ගලික හේතු මත තරගාවලියෙන් ඉවත් වීමට ඩිල්ෂාන් අවසර ඉල්ලා ඇති අතර දැනගන්නට ඇත්තේ ඩිල්ෂාන්ගේ පවුලේ සාමාජිකයකු තදබල ලෙස අසනීපව සිටින බවයි.

සදර්න් එක්ස්ප‍්‍රස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට ඔහුගේ බාල සොහොයුරා වන තිලකරත්න සම්පත් කණ්ඩායමට එක්ව සිටී. තිලකරත්න සම්පත්ද සදර්න් එක්ස්ප‍්‍රස් සංචිතයේ සාමාජිකයෙකි.

ශූරයන්ගේ ලීග් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයට පිවිස සිටින සදර්න් එක්ස්ප‍්‍රස් පිල සහ නවසීලන්තය නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වන නොදර්න් නයිට්ස් පිල අතර තරගය අද (13 වැනිදා) රායිපූර්හිදී පැවැත්වේ.


අදහස් (0)

ශූරයන්ගේ ලීගයෙන් ඩිල්ෂාන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.