Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සංගක්කාර ලෝක කුසලාන වාර්තා පොතට

සංගක්කාර ලෝක කුසලාන වාර්තා පොතට

ශනුක අරවින්ද - 2015 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

 

වසර 40 ක ඉතිහාසයක් ඇති ලෝක කුසලාන වාර්තා පොතට අලූතෙන් පිටුවක් එක්කළ කුමාර් සංගක්කාර පිට පිටම පැවැති ලෝක කුසලාන තරග තුනකදී ශතක තුනක් ලබාගත් ලොව පළමු කී‍්‍රඩකයා වශයෙන්  ඉතිහාස ගතවිය.

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව අද (8 වැනිදා) ලකුණු 104 ක් ලබාගැනීමත් සමගම සංගක්කාර මෙම අද්වීතීය වාර්තාවට හිමිකම් කීවේය.
 
බංග්ලාදේශ පිලට එරෙහිව ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පසුගිය මස 26 වැනිදා නොදැවී ලකුණු 105 ක් ලබාගනිමින් සිය ලෝක කුසලාන ශතක ති‍්‍රත්වය ආරම්භ කළ සංගක්කාර ඉන් අනතුරුව එංගලන්ත පිලට එරෙහිව මේ මස 1 වැනිදා නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී පැවැති ලෝක කුසලාන තරගයේදීත් නොදැවී ලකුණු 117 ක් ලබාගත්තේය. ඉනිම තුනකට පසුව සංගක්කාර දැවී යන විට  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව සිඞ්නි පිටියේදීත් ලකුණු 104 ක් ලබා සිටියේය.

මෙම තරගයේදී ලකුණු 39 ක් ලබාගැනීමත් සමගම එක්දින අන්තර්ජාතික ලකුණු 14,000 කඩයිම පසුකළ සංගක්කාර එම සීමාව පසුකළ ලෝකයේ දෙවැනි පිතිකරුවා විය. සංගක්කාරට ඉදිරියෙන් සිටින්නේ එක්දින ලකුණු 18,426 ක් ලබා සිටින සචින් තෙන්ඩුල්කාර් පමණි.

 

 


අදහස් (3)

සංගක්කාර ලෝක කුසලාන වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.