Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සංගා - මහේල සම්බන්ධතා ලයිස්තුවේ 3 වැනි තැනට

සංගා - මහේල සම්බන්ධතා ලයිස්තුවේ 3 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A


එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (14 වැනිදා) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් පැවැත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මේ වන විට ලෝකයේ හොඳම සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන්ගේ ලයිස්තුවේ 3 වැනි ස්ථානය අත්කරගෙන සිටිති.

මේ වන විට ටෙස්ට් තරග 112 කදී එක්ව කී‍්‍රඩා කරමින් ලකණු 6115 ක සම්බන්ධතා ගොඩනංවා සිටින මහේල සහ සංගක්කාර දෙදෙනාට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් දෙදෙනාත් (6920) අසූව දශකයේදී කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් යුගළය වූ ගෝර්ඞ්න් ගි‍්‍රනිජ් සහ ඩෙස්මන්ඞ් හේන්ස් (6482) දෙදෙනාත්ය.

ලෝඞ්ස් ටෙස්ට් තරගයේදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සංගක්කාර සහ මහේල දෙදෙනාගේ 17 වැනි ශතක සම්බන්ධතාව එයයි.

 

ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර ඉහළම සම්බන්ධතා පැවැත්වූවෝ..

පිතිකරුවෝ කාලය තරග ලකුණු හොඳම සම්බන්ධතාව සාමාන්‍යය ශතක සම්බන්ධතා
රාහුල් ද්‍රාවිඩ් - සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 1996-2012 143 6920 249 50.51 20
ගෝර්ඩ්න් ග්‍රිනිජ් - ඩෙස්මන්ඩ් හේන්ස් (බ.ඉ.කෙදෙව්) 1978-1991 148 6482 298 47.31 16
මහේල ජයවර්ධන - කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 2000-2014 112 6115 624 57.1 17
මැතිව් හේඩ්න් - ජස්ටින් ලැන්ගර් (ඕස්ට්‍රේලියාව) 1997-2007 122 6081 255 51.53 14
ඇලිස්ටෙයාර් කුක් - ඇන්ඩෲ ස්ට්‍රෝස් (එංගලන්තය) 2006-2012 132 5253 229 40.4 14

අදහස් (9)

සංගා - මහේල සම්බන්ධතා ලයිස්තුවේ 3 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.