Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සචිත‍්‍රට ජාත්‍යන්තර තහනමක්

සචිත‍්‍රට ජාත්‍යන්තර තහනමක්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පිට දග පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධි වීම නිසා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබේ. මෙම තහනමත් සමග සචිත‍්‍රට නැවත පරීක්‍ෂණයකින් පන්දු යැවීමේ ඉරියව් නීත්‍යානුකූල බවට ඔප්පු වන තෙක් ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවිය නොහැක.

සචිත‍්‍ර පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්‍ෂණයකට පසුගිය මස 27 වැනිදා එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේදී සහභාගි වූ අතර එහි වාර්තාව අද (12) අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යොමුකර තිබේ.

එම වාර්තාවට අනුව සචිත‍්‍ර පන්දු යැවීමේදී අතින් පන්දුව ගිලිහෙන විට සම්මත අංශක ප‍්‍රමාණය ඉක්මවා ඔහුගේ වැලමිට නැමෙන බවට තීරණ වී තිබේ. ක‍්‍රීඩකයකු පන්දු යවන විට ඔහුගේ අතින් පන්දුව ඉගිහෙන විට වැළමිට නැමිය හැක්කේ අංශ 15 ක් පමණි.

එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින තරගයේදී සචිත‍්‍ර යැවූ පන්දු වර්ග හතරක් නීති විරෝධි යැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පවසයි.  

එංගලන්තයේදී පසුගිය මස අවසන් වූ එක්දින තරගාවලියේදී සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවෝ පැමිණි කළහ. ඒ අනුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්‍ෂා කිරීමට යොමු කළේය.

සචිත‍්‍රට මේ පිළිබදව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නැත. ඔහු පන්දු යැවීමේ ඉරියව් නීතියානුකූල තත්ත්වයට නිවැරදි කර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සම්බන්ධීකරණයෙන් නැවතත් පරීක්‍ෂණයකට සහභාගි විය යුතුය.  මේ පිළිබදව කළ විමසුමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ සචිත‍්‍රගේ සිද්ධිය පිළිබදව සාකච්ඡ කර ඉදිරි පියවර ගන්නා බවයි.

මෙම තහනමත් සමග සචිත‍්‍රට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන තරගවලදී ද පන්දු යැවීම තහනම් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.  

දකුණු අප‍්‍රිකාවට එරෙහිව සූරියවැවදී අද (12) පැවැති එක්දින තරගයට ද ක‍්‍රීඩා කළ 29 හැවිරිදි සේනානායක එක්දින තරග 37 කදී කඩුලූ 40 ක් දවාගෙන තිබේ. ටෙස්ට් තරගයකට සහභාගි වී ඇති සචිත‍්‍ර විස්සයි20 අන්තර්ජාතික තරග 17 කදී කඩුලූ 18 ක් දවාගෙන තිබේ.  

ශ‍්‍රී ලංකා පිල පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ලැබූ ජයග‍්‍රහණ රැසක ප‍්‍රධාන කොටස්කරුවකු වූ සචිත‍්‍ර මේ වසර මුලදී ශ‍්‍රී ලංකාව ශූරයන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී සහ ආසියානු කුසලාන තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීය.  

සචිත‍්‍ර ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේදී (අයි.පී.එල්) කොල්කටා පිල නියෝජනය කළේය.


අදහස් (0)

සචිත‍්‍රට ජාත්‍යන්තර තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.