Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය හෙට (02) කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අෂාන් ප‍්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු තරග දෙකම ජය ලබා 2-0 ක් ලෙස මේ වන විටත් තරගාවලියේ ජය හිමිකරගනෙ සිටියි.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මාතරදී පැවැති පළමු තරගයෙන් කඩුලූ 8 කින් ද, සූරියවැවදී පැවැති තරගය ලකුණු 7 කින් ද, ජය ලැබීය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ සිටිය ද පළමු තරග දෙකේ අවස්ථාව නොලැබුණු ලක්‍ෂාන් සඳකැන්, බිනුර ප‍්‍රනාන්දු සහ නිසල තාරක යන ක‍්‍රීඩකයන් තිදෙනාටම අවස්ථාව ලබාදීමට නියමිතය.
පළමු තරග දෙකට ක‍්‍රීඩා කළ වේග පන්දු යවන්නන් වන ළහිරු ගමගේ, ළහිරු මධුසංඛ සහ පිට දඟ පන්දු යවන තරිඳු කෞෂාල් මෙම තරගයේදී විවේක ගැන්වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු සහ ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු රොමේෂ් කළුවිතාරණ මහතා පැවසුවේ කඩුලූ රකින ක‍්‍රීඩක කුසල් වෙනස් කළ නොහැකි බවත් සංචිතයේ අවස්ථාව නොලැබුණු සෙසු තිදෙනාට අවස්ථාව ලබා දෙන බවයි.
‘‘ශතක දෙකක් රැස්කර සිටින කුසල් කඩුලූ රකින ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරනවා. ධනංජය ද සිල්වා කඩුලූ රකින්නකු නිසා ඔහුට පමණක් ස්ථානයක් වෙන්කර ගැනීමට නොහැකි වුණා’’ යැයි කළුවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය:
අෂාන් ප‍්‍රියංජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, කිත්රුවන් විතානගේ, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, ළහිරු මධුසංඛ, තරිඳු කෞෂාල්, ලක්‍ෂාන් සඳකැන්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප‍්‍රනාන්දු සහ නිසල තාරක
පාකිස්තානු ‘ඒ’ එක්දින සංචිතය:
ෆාවාඞ් අලාම් (නායක), උමීර් අමීන් (උප නායක), කුරාම් මන්සූර්, උමීන් සිද්දික්, අලී වකාස්, ඉම්මාද් වසිම්, ශෆාර් ගොහාර්, ශෂුබ් අහ්මඞ්, මීර් හම්ෂා, බිලාවල් බට්ටි, මොහොමඞ් රිස්වාන්, මුක්තාර් අහ්මඞ්, සාද් නසීම්, එසාන් අදිල්, ඉස්රාර් උල්හා සහ තබීෂ් ඛාන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.