Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සූරියවැව තරගයට මාලිංග අවිනිශ්චිතයි

සූරියවැව තරගයට මාලිංග අවිනිශ්චිතයි

ශනුක අරවින්ද - 2014 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය අතර ලබන සෙනසුරාදා (23 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු එක්දින තරගය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගට අහිමිවී යෑමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

එක්දින තරගාවලිය ඉලක්ක කරමින් කොළඹදී පැවැති පුහුණු සැසියකදී ලසිත් මාලිංගගේ තුනටිය ආශ‍්‍රිතව හට ගත් වේදනාවක් හේතුවෙන් ඔහු ප‍්‍රතිකාර ගෙන ඇති අතර එය 23 වැනිදාට පෙර සුව වීම සැක සහිත බවද වාර්තාවේ.

කෙසේ වෙතත් ලසිත් මාලිංගගේ ආබාධය හේතුවෙන් අතිරේක වේග පන්දු යවන්නකු ලෙස ළහිරු ගමගේ ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීමට නියමිතව ඇත. ළහිරු ගමගේ පසුගියදා අවසන් වු ටෙස්ට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා සංචිතයට කැඳවන ලද නමුත් කී‍්‍රඩා කිරීමේ අවස්ථාවක් නොලද්දේය.


අදහස් (3)

සූරියවැව තරගයට මාලිංග අවිනිශ්චිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.