Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සිඞ්නි තණතීරුවට තණකොළ වැස්සක්

සිඞ්නි තණතීරුවට තණකොළ වැස්සක්

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ලෝක කුසලාන තරග ඉතිහාසයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමක් අවසන් වරට  ඕස්ටේ‍්‍රලියාව පරාජය කළේ 1996 තරගාවලියේ අවසන් මහ තරගයේදීය. ලෝක කුසලාන තරගයකදී,  වසර 19 කින් මෙපිට ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අසමත්වී ඇති නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම සිඞ්නි පිිටියට පිවිසෙන්නේ සියලූ වාඩුව එක අවස්ථාවකින් ලබාගැනීමේ අටියෙනි.

ඒ සඳහා ඔවුන්ට ඇති හොඳම උත්තේජකය වන්නේ යම් හෙයකින් හෙට (8 වැනිදා) සිඞ්නි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගය ජයගතහොත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග දෙකක්ම සිඞ්නි පිටියේදී කී‍්‍රඩා කිරීමට තමන්ට අවස්ථාව ලැබිය හැකි බැවිනි.

දග පන්දු යවන්නන්ගේ පරාදීසයක් යයි නම්ලද සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ එක්දින අන්තර්ජාතික තරග වලින් තරග 4 ක් ජයගෙන තරග 8 ක් පරාජය වී ඇති නමුත් වසර 2010 න් මෙපිට පැවැති තරග 2 ම ජයගෙන තිබේ. 2013 ජනවාරි 20 වැනිදා පැවැති තරගයේදීත් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 50 කදී ලකුණු 222 කට සීමා කරගැනීමෙන් අනතුරුව තරගය වර්ෂාවට සේදී ගියේය.

එබැවින් වත්මන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සලකන්නේ සිඞ්නි කී‍්‍රඩාංගණය තමන්ට බෙහෙවින් වාසිදායක කී‍්‍රඩාංගණයක් ලෙසිනි. රංගන හේරත් වරක් කියා සිටියේ  ඕස්ටේ‍්‍රලියාවේ කී‍්‍රඩාංගණ අතුරින් තමන් වඩාත් කැමති සිඞ්නි කී‍්‍රඩාංගණයට බවයි.

” ඕස්ටේ‍්‍රලියාවේ කී‍්‍රඩා කිරීම හරිම ආශ්වාදජනකයි. මා හිතනවා මේ තරගයේදීත්  ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ශී‍්‍ර ලාංකිකයන් වැඩිදෙනෙක් (කී‍්‍රඩාංගණයේ) ඉඳීවි කියලා. ඒ වගේ වාතාවරණයක් තියෙනවා නම් කී‍්‍රඩා කරන එක හරිම ආශ්වාදජනකයි” යයි මහේල ජයවර්ධන සිකුරාදා පැවසීය.

සිඞ්නි පිටියේදී අවසන් වරට පැවැති තරග තුනේම ප‍්‍රතිඵල සම්පිණ්ඩනය කරන කරමින් සිටින ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව සිතමින් සිටින්නේ හෙට තරගයේදී දග පන්දු යවන්නන් දෙදෙනකු යොදාගන්නවාද නැතිනම් සිඞ්නි පිටියේදී අවසන් වරට පැවැති තරගයේදී ලකුණු 30 කට ඕස්ටේ‍්‍රලියානු කඩුලූ 3 ක් දවාගත් නුවන් කුලසේකර කැඳවනවාද එසේත් නැතිනම් වෙලින්ටන් තරගයේදී ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ම මෙම තරගයටත් කැඳවනවාද යන්නයි.

කෙසේ වෙතත් වෙලින්ටන් තරගයේදී කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් දෙදෙනකුම මේ වන විටත් තේරීම් සඳහා සලකා බැලිය නොහැකි තත්ත්වයේ සිටින හෙයින් හෙට තරගය සඳහා වෙනත් කී‍්‍රඩකයන් දෙදෙනකු ආදේශ කළ යුතුවම තිබේ. වෙලින්ටන් තරගයේදී තුවාල ලද රංගන හේරත්ගේ ඇගිල්ලට යෙ¥ මැහුම් ඊයේ වන තුරුත් ඉවත් කර නොතිබිණ. ඇරත්  මෙම තරගයේදී රංගන යොදා ගැනීමට ගොස් ඔහුගේ අතට නැවතත් පන්දුව වැදුණොත් සුවවීමට ගතවන කාලය සති තුනකි. එය විශාල අවදානමකි.

කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි පෙරේදා (5 වැනිදා) සිඞ්නි කී‍්‍රඩාංගණයේ පුහුණුවීම් කරමින් සිටියදී දිමුත් කරුණාරත්නගේ දකුණු අතට පන්දුවක් වැදීම නිසා ඔහුගේ සුළැගිල්ලේ අස්ථියක් පුපුරා ගොස් තිබේ. එම සුළැගිල්ල ඊයේ ශල්‍ය කර්මයකට ලක්කිරීමට නියමිතව තිබිණ.

මෙවන් තත්ත්වයක් තිබියදී රංගන හේරත් සහ දිමුත් කරුණාරත්න දෙදෙනාටම හෙට තරගය සඳහා කී‍්‍රඩා කළ නොහැකිය. එහෙත් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශය සවිමත් කරන අතරේම දිමුත් කරුණාරත්නගෙන් හිස්වන හිදැස පුරවාගැනීමටත් කදිම විසඳුමක් නම් තිබේ. එනම් සචිත‍්‍ර සේනානායක සහ සීකුගේ ප‍්‍රසන්න කණ්ඩායමට ඇතුළත් කරමිනි.

සේනානායක සහ සීකුගේ දෙදෙනාම කණ්ඩායමට ඇතුළත් කරන්නේ නම් තිලකරත්න ඩිල්ෂාන්ද සමගින් කණ්ඩායමේ දග පන්දු යවන්නන්ගේ සංඛ්‍යාව 3 කි.

ඇරත් මේ තිදෙනාටම නව පන්දුවෙන් පන්දු යැවීමේ හැකියාවත් ඇති බැවින් ලෝක කුසලාන තරගාවලියේ නීති රීති අනුව  ඕවර 25 ක් පමණක් යොදාගැනෙන පන්දුවලින් වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය.

වත්මන් එක්දින තරග වලදී පන්දු දෙකක් භාවිතා වන අතර එක් අන්තයකින් එක පන්දුවක් බැගින් භාවිතයට ගැනෙන හෙයින් එක පන්දුවකින් යැවෙන්නේ ඕවර 25 ක් පමණි.

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ පෙරවරුවේ දක්නට තිබුණ තණතීරුව තරමක කොළ පැහැයක් ගෙන තිබුණ නමුත් ඒ මත තිබුණේ වැවුණු තණකොළ නොවේ.

පිටියේ වෙනත් තැන් වලින් කපා ගෙනැවිත් තණතීරුව මත ඉසින ලද තණකොළය. එහෙත් පැයකටත් අඩු කාලයකදී ඒවායින් වැඩි ප‍්‍රමාණයක් සුළෙග් ගසා ගෙන ගිය අතර පසුව ඒ මත රෝලර් යන්ත‍්‍රය ගෙන යමින් ඒවා තණතීරුවට කාවද්දනු ලැබිණ.

කෙසේ වෙතත් සීකුගේ ප‍්‍රසන්න කණ්ඩායමට එක්කර ගැනීමට නම් ඊට ලෝක කුසලාන තරගාවලියේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය ලබාගත යුතුය. ඒ සඳහා දිමුත්ගේ වෛද්‍ය වාර්තා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට යොමු කළ යුතුව තිබේ.
 
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අසාර්ථක වීම පිළිබඳව පැවැති කණස්සල්ලද මේ වන විට පහව ගොස් තිබේ. බංග්ලාදේශයට සහ එංගලන්තයට එරෙහිව පැවැති තරග දෙකේදීම ශී‍්‍ර ලංකා බිඳ වැටුණේ ශී‍්‍ර ලංකා පිලේ කඩුල්ලක් පමණි. ශී‍්‍ර ලංකා පිලේ අංක 4 පිතිකරුවා වන මහේල ජයවර්ධනට තරග දෙකේදීම පිටියට පිවිසීමටවත් අවශ්‍ය වූයේ නැත. එහෙත් පිතිකරුවන් හය දෙනකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා පිතිකරු ලයිස්තුවට සීකුගේ ප‍්‍රසන්න සහ සචිත‍්‍ර සේනානායකත් එක්වන්නේ නම් පන්දු යවන්නකු ලෙසින් තිසර පෙරේරාත් කණ්ඩායම තුළ සිටී.

එහි සමස්තය වන්නේ ලෝක කුසලාන ශතක ලබාගත් පිතිකරුවෝ සිවු දෙනෙක්, එක්දින ශතක ලාභී පිතිකරුවෝ දෙදෙනෙක් සහ  ඕනෑම අවස්ථවකදී ලකුණු 40 ක් ලබාගත හැකි පිතිකරුවෝ තිදෙනෙක් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින බවයි. මීටත් වඩා පිතිහරඹය ශක්තිමත් කළ යුතුද? අනෙක් අතට ඒ කී‍්‍රඩකයන් 11 දෙනා තුළම වේග පන්දු යවන්නෝ සිවු දෙනෙක් සහ දග පන්දු යවන්නෝ තිදෙනෙක් සිටිති.

සියල්ල මෙසේ තිබියදීත් හෙට තරගයේදී කිසිවකු නොසිත ආකාරයේ වෙනස්කමක් කණ්ඩායම තුළ සිදුවීමට ඉඩ තිබේ.

පිතිකරු ලයිස්තුවේ  ඕනෑම තැනකින් පිටියට පිවිසිය හැකි උපුල් තරංග මෙන්ම වේග පන්දු යවන්නන් වශයෙන් නුවන් කුලසේකර සහ තවමත් එකම තරගයකට හෝ කී‍්‍රඩා නොකළ දුෂ්මන්ත චමීරත් කණ්ඩායමේ සිටිති. ඔවුන් දෙදෙනාට අමතරව පන්දු යවන්නන් අන්ද මන්ද කිරීමේ ප‍්‍රහාරාත්මක වාර්තාවකට හිමිකම් කියන කුසල් ජනිත් පෙරේරා මෙම වාර්තාව ලියන අවස්ථාවේදීත්, ඕස්ටේ‍්‍රලියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් සිවු දෙනකු මේ වන විටත් තුවාල ලබා ඇතත් ඒ සියලූ දේ සිදුවන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අපේක්‍ෂා අනුව යයි මේ දිනවල ට්විටර් පණිවුඩවල මෙන්ම මුහුණු පොතේද සටහන් තැබෙමින් යයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම තමන්ගේ ශක්තීන් සම්බන්ධයෙන් කල්පනා කරමින් සිටින අතරේ  ඕස්ටේ‍්‍රලියානුවෝද අලූත් අලූත් දේ සිතමින් සිටිති. පළපුරුදු කී‍්‍රඩකයකු වන ෂේන් වොට්සන් කණ්ඩායමේ 11 දෙනාගෙන් ඉවත් කරමින් ජේම්ස් ෆෝක්නර් එතුළට කැඳවීමට  ඕස්ටේ‍්‍රලියානුවන් පියවර ගෙන ඇත්තේ නිකම් නොවේ.

ජේම්ස් ෆෝක්නර් ශී‍්‍ර ලංකා පිලට එරෙහිව කී‍්‍රඩා කර ඇත්තේ එක්වරක් පමණි. එක අතකින් බලන කල ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඔහුට එතරම් මුහුණ දී නැත. අනෙක් අතට ෆෝක්නර් කැඳවා ඇත්තේ වොට්සන්ගේ අසාර්ථකවීම හේතුවෙනි.

ෂේන් වොට්සන්ගේ අවසන් එක්දින තරග 10 දී ඔහු ලබාඇත්තේ ලකුණු 245 ක් පමණි. එබැවින් ෆෝක්නර්ට අවස්ථාව දීමට තමන් තීරණය කළ බවත් එය ඉතා අසීරුවෙන් ගන්නා ලද තීරණයක් බවත්  ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටු ප‍්‍රධානී රොඞ්නි මාෂ් මහතා කියයි. ජේම්ස් ෆෝක්නර් යනු තරගයක් තනි අතින් ගෙන කණපිට පෙරළිය හැකි තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි.

කුමන කාරණා කොයි කොයි ආකාරයෙන් සාකච්ඡ කළත් අවසානයේදී සියල්ල තීරණය වන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ සදාතනික න්‍යාය වන අවිනිශ්චිතතාව මතය. ඒ සඳහා ඉරිදා සන්ධ්‍යාව වන තෙක් බලා සිටිය යුතුය. ඒ මෙම තරගය දිවා/රාතී‍්‍ර තරගයක් වන බැවිනි.


ශී‍්‍ර ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, තිසර පෙරේරා, ලසිත් මාලිංග, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, දිමුත් කරුණාරත්න, රංගන හේරත්,

ඕස්ටේ‍්‍රලියානු සංචිතය
මයිකල් ක්ලාක් (නායක), ජෝර්ජ් බේලි, පැටි කමින්ස්, සේවියර් ඩොහටි, ජේම්ස් ෆෝක්නර්, ඒරන් ෆින්ච්, බ‍්‍රැඞ් හැඩින්, ජෝ හේසල්වුඞ්, මිචෙල් ජොන්සන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්,  ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, ඬේවිඞ් වෝනර්, ෂේන් වොට්සන්

 


අදහස් (1)

සිඞ්නි තණතීරුවට තණකොළ වැස්සක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.