Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (1 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී තුවාල ලත් රංගන හේරත්ට ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මේ මස 8 වැනිදා පැවැත්වීමට නියමිත තරගය සඳහා කී‍්‍රඩා කිරීමට තිබෙන අවස්ථාව ඉතා සීමිත බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරංචි මාර්ග කියයි.
හේරත් එංගලන්ත ඉනිමේ 49 වැනි ඕවරය යවමින් සිටියදී ජොස් බට්ලර් ගැසූ වේගවත් පහරකින් උඩපන්දුවක් රැකගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ වම් අතේ දබරැගිල්ල තුවාල විය. පන්දුව වැදීමෙන් පසුව ලේ ගලන්නට වූ හෙයින් ඕවරය යැවීම නවතා කී‍්‍රඩාගාරයට ගිය හේරත්ගේ දබරැුගිල්ලට මැහුම් 3 ක් හෝ 4 ක් දමන්නට සිදුවූ බවත් දැනගන්නට ඇත.
හේරත්ගේ ඕවරයේ අන්තිම පන්දුව තිසර පෙරේරා විසින් යවන ලද අතර එම පන්දුව තර්ඞ් මෑන් කලාපයට ඉහළින් හතරේ සීමාවට යැවීමට ජොස් බට්ලර් සමත් විය.
හේරත්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ හේරත්ගේ ඇගිල්ලට යොදන ලද මැහුම් පිළිබඳව හෙට විමසීමක් කරන බවත් එසේ විමසීමෙන් පසුව හේරත් සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගත හැකි බවත්ය.
”වෛද්‍යවරුන් නම් කියන්නේ මේක හොඳ වෙන්න දවස් 8 ක් 10 ක් විතර යාවි කියලයි. ඒත් හොඳ වෙලාවට මේක මහපට ඇගිල්ල හා දබරැගිල්ල සම්බන්ධ කරන පේශියේ නෙමෙයි. දබරැගිල්ලේ මැද, නියපොත්තට කිට්ටුවෙන් තමයි පන්දුව වැදිලා තියෙන්නේ”
”ඒ නිසා බොහෝ වෙලාවට ඒක සනීප වෙන්න කාලයක් ඇති වේවි. අනෙක තවත් දවස් 7 ක්ම තියෙනවානේ” යයිද ශී‍්‍ර ලංකා කළමණාකරුවා පැවසීය.
කෙසේ වෙතත් මම තුවාලය සිදුවී ඇත්තේ හේරත් පන්දුව දග කැවීමට යොදාගන්නා වම් අතේ දබරැගිල්ලේ වීම හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් හේරත් යොදා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව වඩාත් විමිසිලිමත් විය යුතුව තිබේ.
රංගනගේ කාර්යභාරය වැඩි වැදගත් කමක් උසුලන්නේ ඉනිමේ පළමු සිසිල් පැන් විවේකයෙන් අනතුරුව පන්දු යැවීම පැමිණ ප‍්‍රතිවාදී පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කිරීමට ඔහුට ඇති සුවිශේෂී හැකියාව හේතුවෙනි. මෙම ලෝක කුසලාන තරගාවලියේදී මෙ දක්වා තරග 4 කට සහභාගි වූ හේරත් ඕවර 34.5 ක් යවමින් කඩුලූ 3 ක් දවාගැනීමට සමත් වී තිබේ.
නවසීලන්තයේ තරග නිමා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම අද දහවල් වෙලින්ටන් නුවර සිට ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව එයි. ශී‍්‍ර ලංකා කණ්ඩායමට නැවතත් නවසීලන්තයට යාමට සිදු වුවහොත් ඒ නවසීලන්තය සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගතහොත් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.