Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 අපි හොඳට කළේ නෑ - මැතිව්ස්

අපි හොඳට කළේ නෑ - මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප‍්‍රිකාවට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පෙරේදා (12) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේ ආරම්භයේ සිට වැරදි කළ නිසා තරගයෙන් මෙන්ම තරගාවලියෙන් ද පරාජය වීමට හේතු වූ බව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

තරගය අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මෙසේ ද පැවසීය.
‘‘අද අපි කරපු සියලූම දේවල් හොදට කළේ නෑ. මම හිතන්නේ පටන් ගැම්මේ ඉදලම පන්දු යැවීම මෙන්ම, පන්දු රැකීම ද අද හොදට කළේ නෑ. උඩ පන්දු දෙකක් ගිලිහි ගියා. ඒ ක‍්‍රීඩකයා ලකුණු 100 ක් ලබා ගත්තා. ඒ වගේම පන්දුවට පහර දෙන විට හොද ආරම්භයක් ලබාත්තා. නමුත් මැද පෙළ ක‍්‍රීඩකයන් 30 ඒවා හතරක් විතර ලබා දැවී ගියා. මම හිතන්නේ ලකුණු 340 ක් හඹා යන විට පළමු හතරෙන් කෙනෙක් ලකුණු 100 ක් රැස්කළ යුතුයි. ඔවුන්ගේ පළමු හතරෙන් දෙදෙනකු 100 ඒවා ලබා ගත්තා. අපේ එක්කෙනෙක් හෝ ලකුණු 100 ක් ලබාගත්තේ නම් මේ ලකුණු සංඛ්‍යාව හඹායන්න තිබුණා”

ළහිරු තිරිමාන්න දැවී නොගියේ නම් ඇන්ජලෝට තරගය ජයග‍්‍රහණය දක්වා රැගෙන යෑමට හැකියා තිබුණේද යන ප‍්‍රශ්නයට මෙසේ පිළිතුරු සැපයීය.

”අපිට කඩුලූ තිබුණා නම්  ඕවර තිබුණා. පිතිකරුවන් හිටියා නම් අපිට මේ තරගය ජයග‍්‍රහණය කරන්න හොද අවස්ථාවක් තිබුණා. අපි ලැබුණු ආරම්භයත් සමග වේගයෙන් ලකුණු රැස්කරන්න පෙළඹුණා. ඒ නිසා තමයි අපේ කඩුලූ වැටුණේ, මැද පෙළ පිතිකරුවන් තරගය ගෙන ගිය ආකාරයට තව  ඕවර සංඛ්‍යාවක් ක‍්‍රීඩා කර විශාල පහරවලට ගියා නම් අපිට හඹායන්න තිබුණා”

”අපි හොදට ක‍්‍රීඩා කළේ නෑ. නමුත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හොදින් ක‍්‍රීඩා කළා. මම ඔවුන්ට සුබ පතනවා”

තරගාවලියේ පරාජය පිළිබදව ඇන්ජලෝ මෙසේ අදහස් දැක්වීය.  
”අපි ලංකාවේ තත්ත්වය හොදින් දන්නවා. ඒ නිසා අපිට හොදින් ක‍්‍රීඩා කිරීමට පැවරී තිබුණා. මම තරගාවලිය ආරම්භයේදීත් කිව්වා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ප‍්‍රබල කණ්ඩායමක් අපිට කිසිසේත්ම ලේසියට ගන්න බෑ කියලා. තරග දෙකකදීම අපි හොදින් ක‍්‍රීඩා කළේ නෑ ඒ නිසා තමයි පරාජය වෙන්න සිද්ධ වුණේ”
ශ‍්‍රී ලංකා පිලේ උප නායක ළහිරු තිරිමාන්න දිගින් දිගටම අසාර්ථකවීම දකුණු අප‍්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමට බලපෑමක් වෙයිද?  

”සංගක්කාර සහ ඩිල්ෂාන් දෙපළ ලකුණු අතර සිටියා. සෙසු සියලූ දෙනාම ලකුණු අතර හිටියේ නෑ. නමුත් සෙසු ක‍්‍රීඩකයන්ටත් විශ්වාසය ගොඩනගා ගන්න පුඵවන් නම් කණ්ඩායමට හොදයි. පිතිකරුවන් හත් දෙනකු ක‍්‍රීඩා කරන්නේ කවුරුහරි කෙනෙක් ඒ දවස තුළදී හොදින් ක‍්‍රීඩා කළ යුතු නිසයි. ලකුණු ගැහුවේ නැත්නම් පන්දු යවන්නන්ට අවස්ථාවක් නෑ. ඒ නිසා පිතිකරුවන් හත්දෙනා වගකීම ගන්න  ඕනේ”

”ඒක අභියෝගයක්, ටෙස්ට් තරගවලින් එක්දින තරගවලට, එක්දින තරගවලින් තරගවලින් විස්සයි20 තරගවලට මාරුවිය යුතුයි. එයට ඉතාමත් එක්මනට මාරුවීමේ හැකියාව තිබිය යුතුයි. විශේෂයෙන් දකුණු අප‍්‍රිකාවට එරෙහිව ඉතාමත් ඉක්මනට තරග රටාවකින් තරග රටාවකට මාරුවිය යුතුයි”

”ටෙස්ට් තරගාවලියේදී මට විශේෂ පීඩනයක් නෑ, අපිට ප‍්‍රබල පන්දු යැවීමේ බලැනියක් ඉන්නවා. හොද වේග පන්දු යවන්නන් දෙන්නෙක් ඉන්නවා. ඒ වගේ ජ්‍යෙෂ්ඨ දග පන්දු යවන්නා වන රංගන හේරත් එක්ක කඩුලූ දවා ගන්න තව දග පන්දු යවන්නකු ඉන්නවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

අපි හොඳට කළේ නෑ - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.