Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 කිත්රුවන් - තරිඳු ඕස්ටේ‍්‍රලියා යති

කිත්රුවන් - තරිඳු ඕස්ටේ‍්‍රලියා යති

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A


ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි සිටින ශ්‍රී ලංකා සංචිතයට එකතු වීමට කිතරුවන් විතානගේ සහ තරිඳු කෞෂාල්,  ඕස්ටේ‍්‍රලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් පිතිකරුවකු ලෙස කිත්රුවන් සංචිතයට එකතු වෙයි. රංගන හේරත් මේ දක්වා සම්පූර්ණ සුවය ලබා නොමැති වීම නිසා පිට දඟ පන්දු යවන තරිඳු කෞෂාල් සංචිතයට එකතු කර තිබේ.

මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා සංචිතයට ඇතුළත් කිරීමට අන්තජාතික ක‍්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

කිත්රුවන් මේ වන විට එක්දින තරග 6 කදී ලකුණු 75 ක් පමණක් රැස්කර තිබේ.
 
තරිඳු කෞෂාල් මේ දක්වා එක්දින තරගයකට ක‍්‍රීඩා කර නොමැත. 22 හැවිරිදි තරිඳු පසුගිය නවසීලන්ත සංචාරයේදී ටෙස්ට් තරගයකට සහභාගි වී එහිදී දැඩි ආසාර්ථක විය. එවැනි තත්ත්වයක් යටතේ ඔහු ලෝක කුසලාන තරගාවලියට ආදේශ කිරීම ගැටලූ සහගත තත්ත්වයකි.


   


අදහස් (5)

කිත්රුවන් - තරිඳු ඕස්ටේ‍්‍රලියා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.