Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ කඩුලූ රකිමින් ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කිරීමට වඩාත් කැමැත්වෙන් සිටින බව ශ‍්‍රී ලංකා යොවුන් ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පැවසීය.
පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවැති පළමු නිල නොවන එක්දින තරගයේදී නොදැවී ලකුණු 114 ක් රැස්කළ කුසල් තරගයෙන් පසුව මෙසේ ද පැවසීය.
‘‘මේ ඉනිම ගැන ගොඩක් සතුටුයි. තරගාවලිය ශතකයකින් ආරම්භ කරලා මගේ විශ්වාසය ඉහළ නංවා ගන්න හැකි වුණා. මට කඩුලූ රකිමින් ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරන්න ලැබුණා ඒ ගැනත් සතුටු වෙනවා”
”ජාතික කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගන්න ලකුණු ගහන්නම ඕනේ කියලා මේ ඉනිම ආරම්භ කරන විට මම ලොකු පීඩනයක් ඇති කර ගත්තේ නෑ. මම පාකිස්තානු කණ්ඩායම පිළිබදව අධ්‍යනය කළා. මම පාකිස්තානු පන්දු යවන්නන්ට එරෙහිව මීට පෙර ක‍්‍රීඩා කරලා තියෙනවා”
”මට ලොකු අවශ්‍යතාවක් තිබුණා ලොකු ඉනිමක් ක‍්‍රීඩා කරන්න. හැමදාම 50, 60 ගහනවා. ඒක 100 ක් වෙන්නේ නෑ. මම උත්සහ කළේ 100 ගහන්නයි”
ජාතික කණ්ඩායමේ කඩුලූ රකින ආරම්භක පිතිකරු වීමේ බලාපොරොත්තුවක් තියෙනවද යන ප‍්‍රශ්නයට කුසල් මෙසේ අදහස් දැක්වීය.
”ඔව්. මම කැමති පුරුදු දේ කරන්න. මම ක‍්‍රීඩා කළේ එහෙම තමයි. ජාතික කණ්ඩායමේ කඩුලූ රකිමින් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ නෑ. මොකද කුමා අයියත් තවත් ක‍්‍රීඩකයන් හිටියා. ඒ නිසා මට පන්දු රකින්න සිදුවුණා. මම මුලින්ම ක‍්‍රීඩාවට ආවේ කඩුලූ රකින්නෙක් විදියටයි. මට පුරුදු දේ කරන්න ලැබෙනවාට මම කොහොමත් කැමතියි”
මෙම ඉනිමේදී කුසල් ලකුණ බැගින් රැස්කරමින් ඉනිම ගොඩනැගූ ආකාරයක් දැකගත හැකිවු අතර ඒ පිළිබඳව කුසල් මෙසේ ප‍්‍රකාශ කළේය.
”මුල් කාලේ ගහන විට මාව දැකලා තිබිණේ නෑ. දැන් විඩියෝ තියෙනවා ඒ නිසා දැන් මා ගැන හොයන්න පු`ඵවන්. දැන් වෙනදා විදියට ගහන්න බෑ. මම දැනගන්න ඕනේ පන්දු යවන්නන් පිළිබඳව අධ්‍යනය කරලා ගහන්න. දැන් මට ඉස්සර වගේ නිදහසේ ගහන්න අමාරුයි. ඒ නිසා මගේ තැනට එනකන් වගකීමෙන් ගහන්න ඕනේ. මේ ඉනිමේදී මම එකේ ලකුණු ලබාගන්න උත්සහ කළා, එය ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න උදව් වුණා”
”මගේ ස්වභාවික පහරවල් ටික හිතලා ගහන්න දෙයක් නෑ. ඒ තැනට පන්දුව වැටුණම මට ඉබේටම ඒ පහර ගැගෙනවා. මේ පහර ගහනවා කියලා හිතාගෙන ඉන්නේ නෑ, පන්දුව ඒ පහරට වැටුණොත් ගහනවා”
”ශ‍්‍රී ලංකා කණ්ඩායම මගෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ ආරම්භයක්, මමත් මෙච්චර කාලයක් උත්සාහ කළේ ඒක කරන්න. ඒක හරි ගිහින් තියෙනවා වැරදිලත් තියෙනාවා. මගෙන් හොඳ ආරම්භයක් ලැබුණොත් පන්දු යවන්නන්ට පහසු වෙනවා. ඉදිරියටත් කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා”
ටෙස්ට් තරගවලට ක‍්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවාද යන ප‍්‍රශ්නයට කුසල් මෙසේ අදහස් දැක්වීය.
”තේරීම් කමිටුව මාව සිවුදින තරගාවලියටත් ඇතුළත් කර තිබෙනවා. සිවුදින තරගාවලියේදී ද කඩුලූ රකින්නා ලෙස ක‍්‍රීඩා කිරීමට ලැබීම මට ලොකු අවස්ථාවක්. ඒක මට හොඳ අභියෝගයක්. මොකද මම මෙච්චරකල් ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩා කළේ පන්දු රකින්නෙකු හැටියටයි. ක‍්‍රීඩා සමාජ මට්ටමේ කඩුලූ රැකලා තියෙනවා. ඒ අභියෝගය සතුටින් බාර අරගෙන කරනවා”
”මමත් කැමතියි ලොකු ඉනින් ගහන්න. මට ලොකු ඉනින් ගහලා පෙන්නන්න මේක හොඳ අවස්ථාවක්”
”ආබාධය ලොකු එකක් නොවෙයි. මස්පිඩු පෙරළීමේ තත්ත්වයක්. ඊළග තරගයට තව දින දෙකක් විතර තියෙනවා. ඒ වන විට ඒක හරියයි” යැයි කුසල් වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.