Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 කඳුරට මෙරූන්ස් පිලට ලකුණු 13 ක ජයක්

කඳුරට මෙරූන්ස් පිලට ලකුණු 13 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අල්ට‍්‍රා ටෙක් ‘සුපිරි 4’ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගයේදී ලසිත් මාලිංගගේ රුහුණු රෙඞ්ස් පිල පරදවා ලකුණු 13 ක පහසු ජයක් ලබාගැනීමට කඳුරට මෙරූන්ස් කණ්ඩායම සමත් විය. ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය රුහුණ රෙඞ්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 146 ක් පමණි.  
මෙම තරගය අද (10 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

පළමුවෙන් පන්දුවට පහර දුන් කඳුරට මෙරූන්ස් පිල  ඕවර 20 ක දී කඩුලූ 8 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තේය.

යොවුන් කී‍්‍රඩක යශෝධ ලංකා ධෛර්යවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 36 කදී ලකුණු 36 ක් ලබාගත් නමුත් ඔහුගේ දුවද්දී දැවී යාම රුහුණ පිලට පරාජය කැඳවීය. පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 26 කට කඩුලූ 3 ක් දවාගත් ඩිල්රුවන් පෙරේරාත් ලකුණු 24 ක් ලබාගත්තද ඔහුට සහායක පිතිකරුවන් නොමැති විය.

කඳුරට මෙරූන්ස් පිල වෙනුවෙන් උපුල් තරංග පන්දු 30 කට මුහුණ දෙමින් ලකුණු 36 ක් ලබා දැවී ගිය අතර පන්දු 35 කට මුහුණ දුන් කුමාර් සංගක්කාර හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 49 ක් ලබා ගත්තේය.

 

ලකුණු පුවරුව

කදුරට මෙරූන්ස්

උපුල් තරංග- ඇ.ජනිත්  ප.ඩිල්රුවන් පෙරේරා    36
ශෙහාන් ජයසුරිය - දුවද්දී දැවී ගියා    3
කුමාර් සංගක්කාර - ඇ.සහ  ප.ඩිල්රුවන් පෙරේරා    49
චාමර සිල්වා - දුවද්දී දැවී ගියා    13
කෞෂාල් ලොකුආරච්චි - ඇ.මුබාරක් ප. ප‍්‍රසන්න    3
ළහිරු තිරිමාන්න - ස්ට.ජනිත්  ප. ප‍්‍රසන්න    25
දිල්හාර ලොකුහෙට්ටිගේ - ඇ.මුබාරක් ප.ඩිල්රුවන් පෙරේරා    1
නුවන් කුලසේකර - ප.මාලිංග    12
මිලින්ද සිරිවර්ධන - නොදැවී    9
ධම්මික ප‍්‍රසාද් - නොදැවී        1
අතිරේක             7
එකතුව  ඕවර 20 කදී කඩුලූ 6ක් දැවී    159

කඩුලු වැටීම:
1-17 (ජයසුරිය), 2-55 (තරංග), 3-97 (සිල්වා), 4-105 (සංගක්කාර), 5-110 (ලොකුආරච්චි), 6-116 (ලොකුහෙට්ටිගේ), 7-137 (තිරිමාන්න), 8-152 (කුලසේකර)

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
අජන්ත මෙන්ඩිස්

පන්දු යැවීම:
ලසිත් මාලිංග : 4-0-26-1, කෞෂාල් වීරරත්න : 2-0-22-0, නුවන් ප‍්‍රදීප් : 2-0-17-0, තිලකරත්න ඩිල්ශාන් : 4-0-22-0,  ඩිල්රුවන් පෙරේරා : 4-0-26-3, ෆර්වීස් මහරූෆ් : 1-0-9-0, සීක්කුගේ ප‍්‍රසන්න : 3-0-35-2

 

රුහුණ රෙඞ්ස්

තිලකරත්න ඩිල්ශාන් - ඇ.සංගක්කාර ප.ලොකුහෙට්ටිගේ    9
කුසල් ජනිත් - ප.ජයසුරිය        11
ජේහාන් මුබාරක් - ක.මු.කළා ප.ප‍්‍රසාද්    8
සීක්කුගේ ප‍්‍රසන්න - ඇ.ලොකුආරච්චි ප.ප‍්‍රසාද්    4
ඇන්ජලෝ පෙරේරා - ඇ.ජයසුරිය ප.ප‍්‍රසාද්    25
යශෝධ ලංකා - දුවද්දී දැවී ගියා    36
කෞෂාල් වීරරත්න - ක.මු.කළා ප.මෙන්ඩිස්    7
ෆර්වීස් මහරූෆ් - ඇ.සහ ප.කුලසේකර    17
ඩිල්රුවන් පෙරේරා - නොදැවී    24
ලසිත් මාලිංග - ප.කුලසේකර    0
නුවන් ප‍්‍රදීප් - නොදැවී            1
අතිරේක             7
එකතුව  ඕවර 20 කදී කඩුලූ 9ක් දැවී    146

කඩුලු වැටීම:  
1-15 (ඩිල්ශාන්), 2-29 (ජනිත්), 3-33 (මුබාරක්), 4-34 (ප‍්‍රසන්න), 5-75 (ඇන්ජලෝ පෙරේරා), 6-95 (වීරරත්න), 7-118 (මහරූෆ්), 8-126 (ලංකා), 9-141 (මාලිංග)

පන්දු යැවීම:
නුවන් කුලසේකර : 4-0-36-2, දිල්හාර ලොකුහෙට්ටිගේ : 4-0-36-1, ශෙහාන් ජයසුරිය : 1-0-5-1, ධම්මික ප‍්‍රසාද්: 4-0-21-3,  අජන්ත මෙන්ඩිස් : 4-0-17-1, මිලින්ද සිරිවර්ධන : 2-0-23-0, කෞෂාල් ලොකුආරච්චි : 1-0-6-0

 

(ඡයාරූපය : ශාන්ත රත්නායක)


අදහස් (4)

කඳුරට මෙරූන්ස් පිලට ලකුණු 13 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.