Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (20) ආරම්භ වූ තෙවැනි සහ අවසන් තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සියලූ දෙනා දැවී ලකුණු 273 ක් රැස් කළේය.
පළමු දිනය වූ ඊයේ පස්වරුවේ ක‍්‍රීඩාව අවසන් වන විට පාකිස්තානු ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 20 ක් රැස්කර සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නිසල තාරක පන්දු 116 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 76 ක් රැස් කිරීමට සමත් විය. නිසල පීඩනය හමුවේ ලකුණු රැස්කළ ආකාරය අනුව ඉදිරියේදී තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කළ හැකි බව මනාව ප‍්‍රදර්ශනය කළේය.
කුසල් පෙරේරා සහ නිසල තාරක හත්වැනි කඩුල්ලට පන්දු 168 කදී ලකුණු 124 ක සම්බන්ධතාවක් පවත්වමින් වැටී තිබූ ඉනිමට ශක්තියක් එක්කිරීමට සමත් වූහ.
කුසල් පෙරේරා අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 101 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 90 ක් ලබා සිටියදී හත්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. කුසල් මෙම ඉනිමේදී ද තමන්ට ටෙස්ට් වරම් ලබාදීමට කාලය පැමිණඇති බව තේරීම් කමිටුවට ඉගි කළේය.
කිත්රුවන් විතානගේ පන්දු 67 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 48 ක් රැුස්කර දිවා විවේකයෙන් පසු පස්වැනි පන්දුවේදී දැවී යෑමෙන් ඉනිම අඩපණ විය.
නායක අෂාන් ප‍්‍රියංජන් (07) දිවා විවේකය පෙනී පෙනී තිබියදී ඉදිරියට පැමිණ පහරක් ගැසීමට යෑමෙන් සිවුවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ඕවර 2 ක් ඉතිරිව තිබියදී දිවා විවේකයට තරගය නතර කළේය.
කිත්රුවන් විතානගේ සහ මාධව වර්ණපුර තෙවැනි කඩුල්ලට ලකුණු 54 ක සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පන්දු යවන්නන් පසු පසට තල්ලූ කිරීමට සමත් වූහ. කිත්රුවන් චකිතයකින් තොරව හැකි සෑම අවස්ථාවේදී ලකුණු කරා යෑමෙන් නිරන්තරයෙන් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක විය.
මාධව වර්ණපුර පන්දු 49 කදී ලකුණු 14 ක් ලබා සිටියදී ෂශාඞ් අසාම්ගේ පන්දුවක් නිදැල්ල හැරීමේදී පන්දුව කෙළිම්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් විය.
උදාර සහ ධනංජය දෙපළම පන්දුව නිදැල්ලේ යැවීමට සැලැස්වීමේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑම කැපී පෙනුණි.
ධනංජය ද සිල්වා පන්දු 26 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 13 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ‍්‍රී ලංකා පිල සසළ විය.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු කඩුල්ල ලෙස උදාර ජයසුන්දර ලකුණු 6 ක් ලබා සිටියදී දැවී ගියේය.
ෆාවාඞ් අලාම් ලකුණු 40 කට කඩුලූ 4 ක් දවා ගනිමින් පාකිස්තානු පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය.
පාකිස්තානු ‘ඒ’ පිලේ නායක ෆාවාඞ් අලාම් කාසියේ වාසිය ලබ පළමුව පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට පා දග පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර සහ වේග පන්දු යවන නිසල තාරක කැදවා සිටියහ.
අද (21) තරගයේ දෙවැනි දිනයයි.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම
උදාර ජයසුන්දර - ක. මූ. කළා ප. මීර් හම්සා 6
ධනංජය ද සිල්වා - ක. මූ. කළා ප. තබීෂ් ඛාන් 13
මාධව වර්ණපුර - ප. ෂශාඞ් අසාම් 14
කිත්රුවන් විතානගේ - ප. ෂශාඞ් අසාම් 48
අෂාන් ප‍්‍රියංජන් - ප. ෆාවාඞ් අලාම් 7
කුසල් පෙරේරා - ඇ. උමාර් අමීන් ප. තබීෂ් ඛාන් 90
අසේල ගුණරත්න - ඇ. අද්නන් අක්මාල් ප. ෆාවාඞ් අලාම් 4
නිසල තාරක - ඇ. අද්නන් අක්මාල් ප. ෆාවාඞ් අලාම් 76
මාලින්ද පුෂ්පකුමාර - ප. ෂශාඞ් අසාම් 0
දුෂ්මන්ත චමීර - නොදැවී 12
ළහිරු ගමගේ - ප. ෆාවාඞ් අලාම් 0
අතිරේක 3
එකතුව ඕවර 74 කදී සියලූ දෙනා දැවී 273
කඩුලූ වැටීම:
1-19(උදාර ජයසුන්දර), 2-21(ධනංජය ද සිල්වා), 3-76(මාධව වර්ණපුර), 4-89(අෂාන් ප‍්‍රියංජන්), 5-89 (කිත්රුවන් විතානගේ), 6-100 (අසේල ගුණරත්), 7-224(කුසල් පෙරේරා), 8-235(මාලින්ද පුෂ්පකුමාර), 9-273(නිසල තාරක), 10-273(ළහිරු ගමගේ)
පන්දු යැවීම:
තබීෂ් ඛාන්: 14-2-65-2, මීර් හම්සා: 11-2-64-1, සියා උල් හක්: 10-1-34-0, ෂශාඞ් අසාම්: 14-2-54-3, ෆාවාඞ් අලාම්: 21-4-40-4, උමාර් අමීන්: 4-0-14-0
පාකිස්තාන් ‘ඒ’ පිල පළමු ඉනිම
කුරාම් මන්සූර් - නොදැවී 13
ෂාන් මසූඞ් - නොදැවී 7
අතිරේක 0
එකතුව ඕවර 14 කදී කිසිවකු නොදැවී 20
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
උස්මන් සලාවුද්දීන්, ෆවාඞ් අලාම්, උමාර් අමීන්, අලි අසාඞ්, අද්නන් අක්මාල්, සියා උල් හක්, මීර් හම්සා, තබීෂ් ඛාන්, ෂශාඞ් අසාම්
පන්දු යැවීම:
ළහිරු ගමගේ: 3-1-4-0, දුෂ්මන්ත චමීර: 2-0-2-0, නිසල තාරක: 4-1-10-0, මාලින්ද පුෂ්පකුමාර: 4-3-1-0, ධනංජය ද සිල්වා: 1-0-3-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.