Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ක‍්‍රීඩකයන්ගේ මාරුවෙන් අපට වැරදුණා - මැතිව්ස්

ක‍්‍රීඩකයන්ගේ මාරුවෙන් අපට වැරදුණා - මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වමින්... සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු වම් පස සිටිති.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ආබාධයන්ට ලක්වූ ක‍්‍රීඩකයන් වෙනුවෙන් ක‍්‍රීඩකයන් ආදේශ කිරීම ශ්‍රී ලංකාවට එතරම් හොඳ නොවූ බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ලෝක කුසලන තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහභාගි වූ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී අද (27) පස්වරුවේ පැවැත්විණි.

එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.

‘‘අපේ කණ්ඩායම පළමු තරග හය ඉතාමත් හොඳින් ක‍්‍රීඩා කළා. පිතිකරුවන් සාර්ථක වුණා. අපේ ඉන්න හොඳම පන්දු යවන්නන්ගෙන් තමයි අපි ක‍්‍රීඩා කළේ, මම හිතන්නේ පන්දු යැවීම සහ පන්දු රැකීමත් අපි හොඳම වෙන්න බැරි වුණත් සාර්ථකව කළා’’

‘‘කෙසේ වෙතත් අර්ධ අවසන් පූර්ව තරගයේ පරාජයට පිතිකරුවන්ගේ ආසාර්ථකත්වය හේතු වුණා’’

ලෝක කුසලාන තරගාවලියේ ක‍්‍රීඩකයන් ආදේශ කිරීම පිළිබඳව ඇන්ජලෝ මෙසේ අදහස් දැක්වීය.

‘‘ක‍්‍රීඩකයන් ආදේශ කිරීමෙන් අවධානමකට ලක්වුණා. ක‍්‍රීඩකයන් තුන්දෙනෙක්ම පන්දුව වැදිලා ඇඟිලි කඩාගෙන ඉවත්වෙන්න සිදු වුණා. ලෝක කුසලාන තරගාවලිය නිසා එන පීඩනයක් බවට පත්වුණා. පළමු සංචිතයේ ක‍්‍රීඩකයන් 15 දෙනාට එකම තරගයකටවත් ක‍්‍රීඩා කරන්න ලැබුණේ නෑ. ක‍්‍රීඩකයන් ආදේශ කිරීම අපිට එච්චර හොඳ වුණේ නෑ’’

‘‘චන්දිමාල් අබාධයකට ලක්වීම නිසා කණ්ඩායමේ සමබරතාව රැකගන්න කුසල් ආරම්භක පිතිකරු ලෙස අර්ධ අවසන් පූර්ව තරගයේදී ගෙනත් තිරිමාන්න මැද පෙළට ගන්න සිද්ධ වුණා. එහිදී අපි කුසල්ගෙන් වේගවත් ආරම්භයක් බලාපොරොත්තු වුණා’’

අජන්ත මෙන්ඩිස් වැනි ක‍්‍රීඩකයන් ගෙදර තියා නවක පන්දු වන්නකු වන තරිඳු කෞෂාල් අවසන් පූර්ව තරගයට යොදා ගැනීම පිළිබඳව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.

‘‘පසුගිය කාලේ අපි දඟ පන්දු යවන්න කීප දෙනෙක් බැලූවා. තරිඳු අන්තර් සමාජ සහ ‘ඒ’ තරගවලදී දිගින් දිගටම කඩුලූ 5 බැගින් දවා ගත්තා. ඔහු පිළිබඳව කවුරුත් වැඩිය දන්නේ නෑ. ඒ නිසා කඩුලූ දවාගනී යන විශ්වාසය නිසා තමයි ගෙනාවේ’’


ක‍්‍රීඩකයන් ආදේශ කිරීම පිළිබඳව මේ වන විට එල්වී තිබෙන චෝදනා පිළිබඳව නැගූ ප‍්‍රශ්නයට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා මෙසේ අදහස් දැක්වීය.

‘‘අපි හැමදාම වැඩ කළේ හෘදසාක්‍ෂියට අනුවයි. ක‍්‍රීඩකයන් ආදේශ කිරීමේදී සියලූ දෙනා සමඟ සාකච්ඡා කරලා තීරණය කරන්නේ. එය තමයි මම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලියලා එව්වේ. මීට පෙරත් වුණේ එහෙමයි’’

ප‍්‍රධාන පුහුණුකරු මාවන් සහ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් අතර ගැටුමක් තිබේද යන ප‍්‍රශ්ණයට අතපත්තු මහතා මෙසේ අදහස් දැක්වීය.

‘‘මම හිතන්නේ වාස්ගේ සේවා ගිවිසුම අවසන් වෙන්න ළගයි. ඒත් එවැනි දේවල් කියන්න තැන් තිබෙනවා. මෙතන ඒවා කියන තැනක් නොවයි. මම ඒ අවශ්‍ය සියලූ දෙනාව දැනුවත් කරලා තියෙන්නේ’’

මෙහිදී මාවන් සහ සනත් වැඩි දුරටත් පැවසුවේ ඉදිරියේදී ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව දැඩිව අවධානය යොමු කරමින් කටයුතු කරන බවත් තරුණ ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථාවර වීම සඳහා වැඩි අවස්ථාව ලබා දෙන බවත්ය.

 

ඡායාරූපය: ශාන්ත රත්නායක

 


අදහස් (9)

ක‍්‍රීඩකයන්ගේ මාරුවෙන් අපට වැරදුණා - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.