Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 චන්දිමාල්ගේ තත්ත්වය විමසයි

චන්දිමාල්ගේ තත්ත්වය විමසයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගයේදී පාදයේ කලව පසුපස මස් පිඬුවක් ඇදීම නිසා ඉනිම අතරමග නවතා ආපසු කී‍්‍රඩාගාරයට ගිය දිනේෂ් චන්දිමාල්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් හෙට (10 වැනිදා) විමසීමක් කෙරෙන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා කියයි.

”මේ වගේ තත්ත්වයකදී සාමාන්‍යයෙන් පැය 24 ක කාලයක් බලනවා. තාමත් පැය 24 ක් නෑනේ.....ඒ නිසා චන්දිමාල්ගේ තත්ත්වය ගැන විමසීමක් හෙට කරලා තීරණයක් ගන්නවා” යයි මයිකල් ද සොයිසා මහතා පැවසීය.

ලෝක කුසලාන තරගාවලියේදී තරග තුනකටම කී‍්‍රඩා කළද ඉන් දෙකකදීම පන්දුවට පහර දීමේ අවස්ථාව නොලද චන්දිමාල් සිය පළමු වැනි ලෝක කුසලාන ඉනිමේදී පන්දු 24 කින් ලකුණු 52 ක් ලබාගත්තේ අලංකාර හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

චන්දිමාල් නැවතත් ලකුණු අතරට පැමිණීම සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් පවසා තිබුණේ වසර දෙකකට පමණ පසුව චන්දිමාල් නැවතත් සුපුරුදු දස්කම් අතරට පැමිණ ඇති බවයි.

 


අදහස් (1)

චන්දිමාල්ගේ තත්ත්වය විමසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.