Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට අත්වූ කඩුලූ 9 ක පරාජය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ අවාසනාවන්ත දවසක් යයි කිසිවකු කියන්නේ නම් එය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් කරනු ලබන බරපතළ අවතක්සේරුවක් බව මුත්තයියා මුරලිදන් කියා සිටී. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවියට වාර්තාවක් සපයමින් මුරලිදරන් මේ බව කියා තිබේ.
”දකුණු අපි‍්‍රකානුවන් කී‍්‍රඩා කළ ආකාරය සම්බන්ධයෙන් මා ඔවුන්ට සියලූම ගෞරවය දෙනවා”
”කාසියේ වාසිය පැරදුනා වුණත් ඔවුන්ගේ වේග පන්දු යවන්නන් තමන්ගේ කාරිය අකුරටම කරලා දග පන්දු යවන්නන්ට වේදිකාව හදලා දුන්නා” යයි මුරලිදරන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවියට ලියා තිබිණ.
මුරලිදරන්ගේ මෙසේ ලියන්නේ තරගය සමස්තයක් වශයෙන් ගෙන විග‍්‍රහ කරමිනි. මෙම ප‍්‍රකාශයේ අරුත වටහා ගැනීමට නම් එම තරගය පියවි ඇසින් දැක සිටිය යුතුය. ඊට හේතු කිහිපයකි.
තත්පර කිහිපයක් ඇතුළත රූපවාහිනියෙන් දකින්නේ පන්දු යවන්නාත්, පන්දුව පතිත කෙරෙන සීමාව සහ පිතිකරුවාත් පිතිකරුවාගේ පහරත් පමණකි. පන්දු යවන්නා පන්දුව රැගෙන දිව එන අවස්ථාවේ සිට පිත්තෙන් පන්දුවට පහර වදින අවස්ථාව දක්වා පිටියේ කී‍්‍රඩකයන් රඳවා සිටින අකාරය රූපවාහිනියෙන් නොපෙනේ.
වමත් සහ දකුණත් පිතිකරුවන් පමණක් නොව, ඒ ඒ කලාපයන්හි වැඩි වැඩියෙන් ලකුණු රැස්කරිමට සමත් පිතිකරුවන් පන්දුවට පහර දීමේ අවස්ථා මාරු කරගන්නා විට ඒ ඒ පිතිකරුවන් වෙනුවෙන් පිටිය වෙනස් වන ආකාරයද රූපවාහිනියෙන් දැකගත හැකි නොවේ.
පන්දුවෙන් පන්දුව විස්තර කිරීම පුවත් පතකින් කළ නොහැකිවාක් මෙන්ම රූපවාහිනියෙන් තරගයක් නැරඹීමත් කී‍්‍රඩාංගණයේ සිටිමින් තරගය නැරඹීමත් අතර විශාල වෙනසක් තිබේ. කෙසේ වෙතත් තරගය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම අවතීර්ණ වූ අකාරය ගැන නම් ඔහුට විවේචන නැතුවාම නොවේ.
”ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරාගත් ආකාරයත්, පිතිකරු අනුපිළිවෙල හා අපේ පිතිකරුවන් දග පන්දු යවන්නන්ට මුහුණ දුන් ආකාරය ගැනත් නම් මට තියෙන්නේ මහත් විමතියක්” යයිද මුරලිදරන් ලියයි.
”ඉතාම සරලව කියනවා නම්, ආරම්භක පිතිකරුවන් වශයෙන් ළහිරු තිරිමාන්න හා ඩිල්ෂාන් දෙදෙනා අතර පැවැති සම්බන්ධය බිඳ දැම්මේ ඇයි කියලා මට හිතාගන්න බෑ. අනෙක මේ තරගාවලියේදී අපි සාර්ථක වූණේ ඒ දෙදෙනාගේ සාර්ථකත්වය මතයි”
”‘කැඩිලා නැත්නම් ඒක අලූතෙන් දාන්න යන්න එපා’ කියලා පැරණි කියමනක් තියෙනවා”
”ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් තිරිමාන්න වෙනුවට යොදාගත් කුසල් පෙරේරා කලින් නම් හොඳින් සෙල්ලම් කරලා තියෙනවා. එයා ලකුණු අතර ඉන්න වෙලාවට කණ්ඩායමට වේගවත් ආරම්භයක් දෙන්න පුළුවන් තමයි...ඒත් මේ තරගාවලියේදී ආදේශක කී‍්‍රඩකයෙක් හැටියට කණ්ඩායමට එක්වූ කුසල් පෙරේරාට පන්දුවට පහර දෙන්න ඒ තරම් අවස්ථාවක් ලැබුණේ නෑ”
”ඒ වගේ අවස්ථාවක ඉන්න කුසල් පෙරේරාව, මේ වගේ අධික පීඩනයක් තියෙන, අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක ඉනිම ආරම්භ කරන්නට යොදා ගැනීම මට නම් මහ ප‍්‍රහේළිකාවක්” යයිද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ්අඩවියට මුරලිදරන් ලියා තිබිණ.
උපුල් තරංග යොදා නොගැනීම ගැනත් මුරලිදරන් ප‍්‍රශ්න කර තිබිණ. උපුල් තරංග පළපුරුදු ආරම්භක පිතිකරුවකු බවත්, කුසල්ට කලින් කණ්ඩායමට එක්වූ බවත් එවන් තත්ත්වයක් තිබියදී කුසල් ආරම්භක පිතිකරුවා වූයේ ඇයිද කියාත් මුරලිදරන් ප‍්‍රශ්න කරයි.
එහෙත් මුරලිදරන් මේ ප‍්‍රශ්න අසන්නට කලින්ම කුමාර් සංගක්කාර ඊට අපූරු පිළිතුරක් දී තිබිණ.
”කුසල් විතරක් නෙමේ ආරම්භක පිතකරුවෙක් හැටියට අපට උපුල් තරංගත් හිටියා. උපුල් කියන්නේ එක්දින අන්තර්ජාතික ශතක 16 ක් තියෙන කී‍්‍රඩකයෙක්. පවතින අවස්ථාවේ හැටියට හොඳම තෝරාගැනීමයි අපි කරන්නේ. ඒත් සමහර අවස්ථාවලදී ඒවා වරදිනවා. කි‍්‍රකට් කී‍්‍රඩාවේ බොහෝ දේවල් වගේම කණ්ඩායම තේරීමත් කිසියම් අදහසක් හා ඒ අදහස විශ්වාස කිරීම සම්බන්ධ දෙයක්. තරගයක් වෙනුවෙන් තෝරා ගන්නා පන්දු යවන්නන් වුණත් තරගයේදී අපේක්‍ෂිත දේ කරාවි කියලා විශ්වාස කරනවා.
සමහර වෙලාවට ඒවා වැඩ කරනවා. ඒත් සමහර වෙලාවට ඉතිරිවෙන්නේ උත්තර වලට වඩා ප‍්‍රශ්නයි. මේ කී‍්‍රඩාවේ හැටි මෙහෙම තමා. අද අපේ කණ්ඩායමේ 11 දෙනා පිටියට යනකොට අපි හිතාගෙන හිටියේ මේ වැඬේ කරන්න අපට පුළුවන් වේවි කියලයි” යයි තිරිමාන්න වෙනුවට කුසල් ජනිත් එක්ක ඉනිම ආරම්භ කරන්න හිතුවේ කිමද යන්න තරගයෙන් පසුව කළ විමසීමේදී කුමාර් සංගක්කාර පැවසීය
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පෙරේරලා දෙදෙනක් සිටිති. එක්කෙනක් කුසල් පෙරේරාය. දෙවැන්නා තිසර පෙරේරාය. අවාසනාවකට මෙන් මේ පෙරේරලා දෙදෙනාම තමන්ගේ තරම නොදනිති. ඔවුන්ට දෙවියන් දුන් දායාදයෙන් ප‍්‍රයෝජන නොගෙනම, අළසකම නිසා එය ගගට වීසි කරති.
හොබාර්ට් නුවරදී පැවැති පුහුණුවීම් අතරේ ශී‍්‍ර ලංකා පිලේ සහාය පුහුණුකරුවා වන ටේරවර් පෙනී වරක් කුසල්ට කියා සිටියේ පන්දුව ළගට එනකම් නොසිට පන්දුව කරා ඇදෙමින් එය රැුකගැනීමට උත්සාහ කරන ලෙසයි. ඉන් අනතුරුව ටේරවර් පෙනී මහතා ඉතා අසීරු උඩපන්දු කිහිපයක්ම කුසල්ට යැවූ අතර කුසල් ඉතා දක්‍ෂ අයුරින් එම උඩපන්දු රැකගත්තේය.
පන්දු රැුකීමත් පිතිහරඹයත් අතර ඇත්තේ බිඳිය නොහැකි සම්බන්ධතාවකි. දක්‍ෂ පිතිකරුවන් ඉතාමත් දක්‍ෂ පන්දු රකින්නන් වන්නේ පන්දුව හොඳින් දැකීමත්, පන්දුව පැමිණෙන වේගය සහ එහි දිශානතිය පිළිබඳව ඔවුන්ට ඇති වැටහීමත් නිසාය.
තිසර පෙරේරා පන්දු යවන්නකු වුවද ඇස් අදහාගත නොහැකි උඩපන්දු රැුකගනු අප කොතෙකුත් දැක තිබේ. එහෙත් තමන් කෙතරම් දක්‍ෂ පිතිකරුවකුද යන්න තිසර තේරුම් නොගැනීම අවාසනවාකි.
කිසිදු අපහසුවකින් තොරවම පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවීමට සමත් කී‍්‍රඩකයකු වශයෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් අතර මහත් විශ්වාසය දිනා සිටින තිසර පෙරේරා, කිසිම විටෙක තමන්ට ලැබෙන අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන නොගන්නා කී‍්‍රඩකයකු බවද කී‍්‍රඩකයෝම කියති.
අර්ධ අවසන් පූර්ව තරගයේදී තිසර පිටියට පිවිසෙන විට ඕවර 16 ක් ඉතිරි වි තිබූ අතර සංගක්කාර අනෙක් අන්තයේ සිටියේය. එහෙත් ඉම්රාන් තහීර් විසින් යවන ලද සාමාන්‍ය පන්දුවකට ඉතාමත් දුර්වල පහරක් ගැසූ තිසර පන්දු 3 ට පමණක් මුහුණ දීමෙන් පසු ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියේය.
අර්ජුන රණතුංග හෝ මහේල ජයවර්ධන වැනි නායකයකු යටතේ කී‍්‍රඩා කළේ නම් තිසරට තෝරා ගැනීමට මාර්ග දෙකක් ලැබෙනු ඇත. එකක් මීට වඩා හොඳ කී‍්‍රඩකයකු වීමයි. නැතොත් කී‍්‍රඩාව හැරයාමයි. ජාතික කණ්ඩායමක අර්ධ කී‍්‍රඩකයන්ට ඉඩ තැබීම අපරාධයකි.
ළහිරු තිරමාන්න මැද පෙළට කැඳවීමත් සංගක්කාර පමණට වඩා ආරක්‍ෂාකාරී වීමත් දකුණු අපි‍්‍රකානුවන්ගේ වාසියට හිටි බවද මුරලිදරන් ලියා තිබිණ.
”සමහර විට කෙනෙක් තර්ක කරන්න පුළුවන් සංගක්කාර ඇයි මීට වඩා ආක‍්‍රමණශීලී වුණේ නැත්තේ කියලා. එයා උත්සාහ කළේ වේලාසනින්ම කඩුලූ 2 ක් දැවී ගිය නිසා ඉනිම නැවත ගොඩනගන්නයි. ඒත් දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැවූ බවත් අපි අමතක කරන්න නරකයි” යයිද මුරලිදරන් ලියා තිබිණ.
ශී‍්‍ර ලංකා පිල මුහුණ දුන් ඕවර 37.2 න් ඕවර 20 ක්ම දකුණු අපි‍්‍රකානු වේග පන්ද යවන්නන් වන ඬේල් ස්ටේන්, කයිල් ඇබට් සහ මෝනි මෝකල් විසින් යවන ලදි. එම ඕවර 20 න්ම ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 72 ක් පමණි.
”දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නන්ගේ මේ පන්දු යැවීම නිසා දග පන්දු යවන්නන්ට වඩාත් හොඳින් තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණා. ඒත් ඉම්රාන් තහීර් හා ජේ. පී. ඩුමිනි වගේ පන්දු යවන්නන් දෙදෙනකුට කඩුලූ 7 ක් පූජා කිරීම නම් මට හිතාගන්නවත් බෑ” යයිද මුරලිදරන් ලියා තිබිණ.
ශී‍්‍ර ලංකා පිලට රැුකගත යුතුව තිබුණේ ලකුණු 133 ක් නමුත් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ තත්ත්වය අනුව එය අසීරු අභියෝගයකි. ලසිත් මාලිංගට සහ කෝඩුකාර තරිඳු කෞෂාල්ට හැර සෙසු පන්දු යවන්නන්ට දකුණු අපි‍්‍රකානුවෝ දුටු තැන පහර දුන්හ. දුෂ්මන්ත චමීරගෙන් (29) සහ තිසර පෙරේරාගෙන් (10) ඕවර 3 කදී ලකුණු 39 ක් දකුණු අපි‍්‍රකානු පිලට ලැබිණ.
වඩාත් යථාර්ථවාදීව කරුණු විමසා බලන්නේ නම්, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලට වඩා ශක්තිමත් පන්දු යැවීමේ බලඇණියක් සිටින නවසීලන්තයට, ඕස්ටේ‍්‍රලියාවට සහ දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති තරග වලදී ශී‍්‍ර ලංකාව පරාජය විය. පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකා පිලට වඩා තරමක් පසුපසින් සිටින ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, එංගලන්තය සහ ස්කොට්ලන්තය යන රටවලය එරෙහිව ශී‍්‍ර ලංකා පිල ජයගත්තේය.
පිතිකරුවන්ගෙන් පමණක් ලෝක කුසලානයක් දිනාගත නොහැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.