Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට බර වැඩියි - අම්ලා

ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට බර වැඩියි - අම්ලා

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හිත්පිත් නැතිව පන්දු යවන්නන්ට පහර දෙන පිතිකරුවන් කොතෙක් සිටියද බොහෝ අවස්ථාවන්හිදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ බර කරගසන්නට සිදුවන්නේ හසිම් අම්ලාටය. ඒ ඔහු ආරම්භක පිතිකරුවකු නිසාම නොවේ. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයකු නිසාත් නොවේ. අම්ලා පන්දුවට පහර දෙන රටාව නිසාය.

ටෙස්ට් තරගයක් වුවත් එක්දින තරගයක් නැතහොත් විස්සයි:20 තරගයක් වූවත් ඒ ආකාර තුන අතරේ තමන්ගේ කී‍්‍රඩාව අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට හසිම් අම්ලාට පිළිවන. මෙවන් ලෝක කුසලාන තරගාවලියකදී ඒ වගකීම උහුලන්නට බැරි තරම් බරය. එහෙත් එය ඉසිළිය යුතු වන්නේ දකුණු අපි‍්‍රකානුවන්ගේ බලාපොරොත්තු සියල්ලම කණ්ඩායම මත රඳා පවතින හෙයිනි.
 
”ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වීමේ බර දැනෙන්නේ මේ වෙලාවට තමයි. මේ වගේ පිළිමළුන් පිටුදැකීමේ තරග වලට ආවාම කණ්ඩායම වෙනුවෙන් වැඩි ලකුණු ප‍්‍රමාණයක් රැස්කරගෙන කණ්ඩායමට හොඳ අත්තිවාරමක් දැමීමේ වගකිම පැවරෙන්නේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ටයි”

”ඒක පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පිටියේ පන්දු රැකීමෙන් වුණත් එහෙමයි. මේ වගේ තරගාවලි වලදී ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් තමා බර කරට ගන්නේ. මා හිතනවා මේ වතාවෙදි අපට ඒ දේ කරන්න පුළුවන් කියා” යයි හසිම් අම්ලා කියයි.

තමන්ගේ ප‍්‍රතිවාදීන් වන ශී‍්‍ර ලංකා පිල සම්බන්ධයෙන් අම්ලාට ඇත්තේ ගෞරවයකි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට නිරතව සිටින කි‍්‍රකට් කී‍්‍රඩාව ඉතාමත් ඉහළ තලයේ කී‍්‍රඩාවක් බවත්, විශේෂයෙන්ම ලෝක කුසලාන තරග වලදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් කී‍්‍රඩා කරන බවත් පවසන හසිම් අම්ලා පසුගිය වසර මැදදී ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල පරදවා දකුණු අපි‍්‍රකාව ජයගත් නමුත් මෙවන් තීරණාත්මක තරග වලදී එදා දවසේ පවතින තත්ත්වය අනුව සියල්ල වෙනස් විය හැකි බවත් පවසයි.

කෙසේ වෙතත් කුමාර් සංගක්කාර මේ වන විට ලකුණු අතර සිටින ආකාරය සම්බන්ධයෙන් නම් අම්ලා ඒ තරම් කැමැත්තක් නැති ගානය.

” ඕනම කෙනෙක්  ඕනම වෙලාවකදි දැවී යන්න පුළුවන්. බලමු....එයාව වේලාසනින් දවාගන්න අපට හැකි වේවි” යයිද අම්ලා කියයි.

දකුණු අපි‍්‍රකානුවන් මහත් බලාපොරොත්තු තබා සිටින ප‍්‍රහාරාත්මක පිතිකරුවා වන ක්වින්ටින් ඩි කොක් මේ දක්වා පැවැති ලෝක කුසලාන තරග 6 කදී ලබාඇත්තේ ලකුණු 53 ක් පමණි. එහෙත් දකුණු අපි‍්‍රකානු පුහුණුකරු රසල් ඩොමින්ගෝ මහතා අද (16 වැනිදා) පවසා සිටියේ කොයි මොහොතේදී හෝ ක්වින්ටින් ඩි කොක් විශාල ඉනිමක් කරා යනු ඇති බවත් එය ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී වුව විට විය හැකි බවත්ය. හසිම් අම්ලා කියන්නේද එවැනිම කතාවකි.

”සමහර වෙලාවට ඉනිම ආරම්භ වුණ ගමන්ම තරමක් දුර්වල පන්දු ලැබෙනවා. ඒවාට හොඳින් ලකුණු ලබාගත්තාම ඉනිමේ ඉතිරි හරියේදීත් කිසිම අමාරුවක් නැතිව, නිකන්ම වගේ ලකුණු එනවා. මම වුණත් හිතා මතාම වේගයෙන් ලකුණු ලබාගන්නේ නෑ. ඒ හින්දා ‘ක්විනිත්’ කොයි වෙලාවක හරි ලකුණු අතරට ඒවි” යයිද අම්ලා පවසයි.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම හෙටට (17 වැනිදා) නියමිත තමන්ගේ පුහුණුවීම් අවලංගු කළ අතර ඊයේ වන විට තිබුණු ආරංචි මාර්ග වලින් කියැවුණේ මෙතෙක් අසාර්ථක වී සිටින ක්වින්ටින් ඩි කොක් වෙනුවට ශී‍්‍ර ලංකාවට එරෙහි තරගයේදී ෆෆ් ඩු ප්ලෙසි තරගයට යොදවන බවයි. එසේ වුවහොත් ඒ. බී. ඩිවිලියර්ස් කඩුල්ල පිටුපස රාජකාරි බාරගැනීමට සූදානමින් සිටි බවද දැනගන්නට තිබේ.

මෙවත් තීරණාත්මක තරගාවලියකදී කතාවෙන දේවල් එලෙසින්ම කි‍්‍රයාවට නැංවේද යන්න තරමක් විමසුම් ඇසින් බැලිය යුතුව තිබේ.  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයට පෙර ඕස්ටේ‍්‍රලියානු නායකයා සහ තේරීම් කමිටු ප‍්‍රධානියා කියු දේවල් තරගයේදී  සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබිණ.  

එහෙත් හසිම් අම්ලාගේ කතාව නම් කි‍්‍රයාවට බොහෝ ආසන්නයේ තිබිණ. අම්ලා කීවේ හැකි තරම් වේලාවක් කඩුල්ලේ රැුඳී සිටීම තමන්ගේ උත්සාහය මෙන්ම තමන්ට පැවරී ඇති කාර්යය බවයි. එය සැබෑවකි.

”මට තියෙන්නේ පුළුවන් තරම් ලකුණු ප‍්‍රමාණයක් ලකුණු පුවරුවට එක්කරලා අන්තිම හරියේ එන අයට විනෝද වෙන්න වේදිකාව සකස් කරන එකයි...එහෙම කරන්න පුළුවන් වුණොත්, ඉනිමක අන්තිම හරියේදී අනෙක් කණ්ඩායම් වලට එලව එලවා පහර දෙන්න පුළුවන් නියම හාදයෝ කීප දෙනෙක්ම අපිත් එක්ක ඉන්නවා”

”පුළුවන් වුණොත් මමත්, ක්විනි (ක්වින්ටින් ඩි කොක්), ෆෆ්, වගේම ඒබීත් අපේ ඉනිම දීර්ඝ කරලා අන්තිම හරියේදී කොල්ලන්ට හොඳ විනෝදයක් ලබාගන්න අවස්ථාව දෙනවා” යයිද අම්ලා පැවසීය.

දකුණු අපි‍්‍රකානුවන් යම් තරමකට හෝ සසළ කිරීමට හේතුවක් ඇතොත් ඒ මාලිංග වැනි පන්දු යවන්නකු ශී‍්‍ර ලංකා පිල සතුව සිටීමයි. 2007 ලෝක කුසලාන තරගයේදී මාලිංග දකුණු අපි‍්‍රකානුවන්ගේ කමිස කොළරයෙන් අල්ලා සොළවා බිම තැබුවේ පිට පිටම පන්දු 4 කදී කඩුලූ 4 ක් දවාගනිමිනි.

මාලිංගගේ පන්දු යැවීම මෙන්ම පන්දු යැවීමේ ඉරියව්වද කිසියම් සුවිශේෂී ස්වරූපයක තිබේ. එය ලෝකයේ වෙනත් කිසිම පන්දු යවන්නකු සතු ඉරියව්වක් නොවේ.

එම ඉරියව්වෙන් පන්දු යවන මාලිංග තමන්ගේ දස්කම් එකම ආකාරයේ තබා ගනිමින් පිතිකරුවන් අසීරුතාවට පත්කරයි. එපමණක් නොවේ. මාලිංග යනු මේ වන විට ලෝකයේ සිටින පන්දු යවන්නන් අතර එක්දින තරගයක අවසන්  ඕවර කිහිපය යැවීම සඳහා ඉතාමත් හොඳ පන්දු යවන්නකු ලෙසින්ද ප‍්‍රතිවාදීන් අතර පවා පිළිගැනීමක් තිබේ.

”වාසනාවකට වගේ අපි එයා හමුවේ කිහිප වතාවක්ම කී‍්‍රඩා කරලා තියෙනවා. එයාගේ පන්දු යැවීම සම්බන්ධයෙන් අපට හොඳ වැටහීමක් තියෙනවා”
”ඒත් මේ වගේ පිළිමළුන් පිටුදැකීමේ තරගයකදී එදා දවසේ අපි එයාට මුහුණ දෙන හැටියට තමයි හැම දේම සිද්ධ වෙන්නේ” යයි අම්ලා කියයි.

නායකයන් දෙදෙනා අතර ගුවනේ පාවෙන කාසියත් සිඞ්නි පිටියත් අතර ඇත්තේ අනෝන්‍ය සම්බන්ධතාවකි. සිඞ්නි පිටියේදී කාසියේ වාසිය දිනාගන්නා නායකයා තරගයෙන් අඩක් දිනාගත්තා වගේ යයි සිඞ්නි පිටිය ගැන දන්නෝ කියති. එහෙත් මේ ලෝක කුසලාන තරගාවලියයි. ඕනෑම සම්මත ආකාරයක් වෙනස් වීමට ගතවන්නේ ඇසිපිය ගහන පමාවකි.

දකුණු අපි‍්‍රකානුවන් සැලසුම් කරමින් සිටින්නේද යම් හෙයකින් කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහර දීමටයි. හසිම් අම්ලා විග‍්‍රහ කරන ආකාරය අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් වැඩි වාර ගණනක් තරග ජයග‍්‍රහණය කර තිබේ.

කෙසේ වෙතත් මේ දකුණු අපි‍්‍රකානුවන් ලෝක කුසලාන තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයේදී පළමු ජයග‍්‍රහණය අපේක්‍ෂා කරන අවස්ථාවයි. ඔවුන් ඒ වෙනුවෙන් සියලූ දේ සූදානම් කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර වෙනත් බොහෝ කණ්ඩායම් විවිධ රටවල තරග කරමින් සිටි නමුත් දකුණු අපි‍්‍රකානුවෝ ගෙදරට වී විවේක සුවයෙන් කල් ගෙවූහ. එබැවින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වඩාත්ම ජවසම්පන්න කණ්ඩායම බවට පත්ව සිටින්නේ දකුණු අපි‍්‍රකානු පිලයි.
 
දකුණු අපි‍්‍රකානුවන්ගේ ජවයත් ශී‍්‍ර ලාංකිකයන්ගේ පළපුරුද්දත් අතර ගැටුමේ ජයග‍්‍රාහකයා තෝරාගැනීමට බදාදා වනතෙක් බලා සිටිය යුතුව තිබේ.  

 


අදහස් (0)

ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට බර වැඩියි - අම්ලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.