Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 දික්වැල්ල ටෙස්ට් සංචිතයට කැඳවයි

දික්වැල්ල ටෙස්ට් සංචිතයට කැඳවයි

ශනුක අරවින්ද - 2014 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 8 Comment
A A A



දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (24 වැනිදා) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් කඩුලූ රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කැ`ඳවීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

පළමු ටෙස්ට් තරගයේදී කඩුලූ රකින්නා ලෙස ක‍්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ එංගලන්ත සංචාරයට පිටත්කර යැවීමට නියමිතය. නිරෝෂන් දික්වැල්ල ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සමග එංගලන්ත සංචාරයට සහභාගි වී සිටින අතර ඔහු අද සංචිතයට එකතු වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස ද කටයුතු කළ දික්වැල්ල දක්‍ෂ පිතිකරුවකු ද වේ. එන්. සී. සී. පිල නියෝජනය කරන 21 හැවිරිදි දික්වැල්ල මේ වන විට පළමු පෙළ තරග 22 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 1206 ක් රැස්කර තිබේ.

මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ආදි ශිෂ්‍යයකු වන දික්වැල්ල බොහෝ විට දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ රකින්නා ලෙස ක‍්‍රීඩා කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.  

ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින්නා ලෙස ක‍්‍රීඩා කළ ප‍්‍රසන්න ජයවර්ධන ආබාධයකට ලක්වීම නිසා දිනේෂ් චන්දිමාල් එංගලන්ත සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයට සහ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළේය. චන්දිමාල් එම ටෙස්ට් තරග දෙකේ ඉනිම හතරේදී රැස් කළේ ලකුණු 59 ක් (47 ක්, 7 ක් , 6 ක් සහ 1 ක්) පමණි. 


අදහස් (8)

දික්වැල්ල ටෙස්ට් සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.