Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 දිමුත් ආබාධයකට ලක්වෙයි කුසල් ඕස්ටේ‍්‍රලියා යවයි

දිමුත් ආබාධයකට ලක්වෙයි කුසල් ඕස්ටේ‍්‍රලියා යවයි

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩක දිමුත් කරුණාරත්න අබාධයකට ලක්වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ. එම ස්ථානයට ආරම්භක පිතිකරු කුසල් පෙරේරා  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්කර හැරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

සිඞ්නිහිදී ඊයේ (05) පැවැති පුහුණු සැසියේදී දිමුත්ගේ දකුණු අතේ අස්ථියක් බිදී ඇති අතර ආබාධයක පිළිබදව වාර්තාව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ ආබාධයට ලක්වූ සිවුවැනි ක‍්‍රීඩකයා දිමුත් වේ. මීට පෙර ධම්මික ප‍්‍රසාද්, ජීවන් මෙන්ඩිස් සහ රංගන හේරත් ආබාධයන්ට ලක්වූහ.

උපුල් තරංග සංචිතයට ඇතුළත්ව සිටීම නිසා දිමුත් ඉවත්වීම එතරම් බලපෑමක් නොවනු ඇත. දිමුත් සහභාගි වූ තරග හතරේදී ලකුණු 37 ක් පමණක් රැස්කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරගය මේ මස 8 වැනිදා සිඞ්නිහිදී පැවැත්වේ.


අදහස් (7)

දිමුත් ආබාධයකට ලක්වෙයි කුසල් ඕස්ටේ‍්‍රලියා යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.