Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 දකුණු අපි‍්‍රකානුවෝ අසීරු කඩුල්ල පනිති

දකුණු අපි‍්‍රකානුවෝ අසීරු කඩුල්ල පනිති

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

 

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකාව පරදවා කඩුලූ 9 ක පහසු ජයක් අත්කරගත් දකුණු අපි‍්‍රකානුවෝ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්හ.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් මීට පෙර තුන් වතාවකදීම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති නමුත් පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ජයගනිමින් අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.

වේග පන්දු යවන්නන්ගේ විධිමත් පන්දු යැවීමත් ජේ. පී. ඩුමිනිගේ කඩුලූ ති‍්‍රත්වයත් නිසා ඕවර 37.2 ඇතුළත ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 133 කට දවා ගැනීමට දකුණු අපි‍්‍රකානු පිල සමත් විය. ලකුණු 134 ක ඉලක්කයක් කරා ගිය දකුණු අපි‍්‍රකානුවෝ  ඕවර 18 කදී සිය අරමුණ සාක්ෂාත් කරගත්හ.

ඉතාමත් පහසු ඉලක්කයක් කරා යාම ඇරඹූ දකුණු අපි‍්‍රකානු පිලේ පළමු කඩුල්ල දවාගැනීමට ලසිත් මාලිංග සමත් වූවත්  ඕවර 6.2 කදී ලකුණු 40 ක් පුවරුවට එක් වී තිබිණ. ක්වින්ටින් ඩි කොක් නැවතත් ලකුණු  අතරට පැමිණ, නොදැවී ලකුණු 78 ක් ලබාගනිමින්, තම පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

දුෂ්මන්ත චමීර සහ තිසර පෙරේරාට රිසි සේ පහර දුන් වමත් ආරම්භක පිතිකරුවා පන්දු 57 කින් 12 ක්ම හතරේ සීමාවට යවමින්, තරගය නැරඹීමට පැමිණ සිටි 27,259 ක් වූ පේ‍්‍රක්‍ෂක පිරිස නියමිත වේලාවට වඩා පැය දෙකහමාරකටත් කලින් නිවෙස් බලා පිටත්කර හැරියේය.

මෙම තරගයත් සමගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාගේම එක්දින අන්තර්ජාතික තරග දිවියද අවසන් විය. මෙම තරගයේදී ලබාගත් ලකුණුද ඇතුළුව, මහේල ජයවර්ධන එක්දින අන්තර්ජාතික තරග 448 කදී ලකුණු 12,650 ක්ද, කුමාර් සංගක්කාර එක්දින තරග 404 කදී ලකුණු 14,234 කද ලබා සිටිති.

තරගය අවසන් කරමින් ක්වින්ටින් ඩි කොක් ගැසූ හතරේ පහරට පසුව කණ්ඩායම පෙරටුව කී‍්‍රඩාගාරයට ගිය කුමාර් සංගක්කාරට මෙන්ම මහේල ජයවර්ධනටද දකුණු අපි‍්‍රකානුවන්ගෙන් මෙන්ම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් හෘදයංගම සුබපැතුම් පිරිනැමිණ.

ශී‍්‍ර ලංකා ඉනිමේදී වේග පන්දු යවන්නන් බෙදාහදා ගත්තේ කඩුලූ තුනක් පමණක් වූවත් ඔවුන්ගේ පන්දු යැවීම නිසා ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම එහෙම පිටින්ම අඩාළ විය. ලෝක කුසලාන තරගාවලියකදී කඩුලූ ති‍්‍රත්වයක් ලබාගත් 8 වැනි කී‍්‍රඩකයා වූ ජේ. පී. ඩුමිනි (29/3) සහ පා දග පන්දු යවන කී‍්‍රඩක ඉම්රාන් තහීර් (26/4) ශී‍්‍ර ලංකා ඉනිම විනාශ කළහ.

ඔවුන් දෙදෙනාගෙන් මහත් විනාශකාරයා වූ තහීර් ඕවර 8.2 ක් යවමින් ළහිරු තිරිමාන්න, මහේල ජයවර්ධන සහ තිසර පෙරේරා පිටියෙන් ඉවත් කළේ ලකුණු 69 කට කඩුලූ 2 ක් ව තිබූ ලකුණු පුවරුව ලකුණු 115 කට කඩුලූ 6 ක් ලෙස වෙනස් කරමිනි. ඩුමිනි කඩුලූ ති‍්‍රත්වය දවාගැනීමත් සමගම එය  ඕවර 2 ක් ඇතුළත කඩුලූ 8 කට 116 ක් විය.

සිඞ්නි තණතීරුවේදී දග පන්දුවෙන් උපරිම ප‍්‍රයෝජන ගත් ජේ. පී. ඩුමිනි 33 වැනි  ඕවරයේ අවසන් පන්දුවෙන් ශී‍්‍ර ලංකා නායකයා දවාගත්තේය. අනතුරුව යැවූ  ඕවරයේ පළමු පන්දු දෙකේදී නුවන් කුලසේකර සහ තරිඳු කෞෂාල් පිටියෙන් ඉවත් කරමින් ලෝක කුසලාන ඉතිහාසයට එක්විය.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරතව සිටි කුමාර් සංගක්කාර සහායක පිතිකරුවන් නොමැති වීම නිසා 36 වැනි  ඕවරයේ සිට දුෂ්මන්ත චමීරව එක් අන්තයක හංගාගෙන තනිවම ලකුණු රැස්කිරීමටද උත්සාහ කළේය. එහෙත් ඊළග  ඕවරයේදී මෝර්නි මෝකල්ට ගැසූ පහරින් ඉහළ ගිය පන්දුව ඞීප් තර්ඞ් මෑන්හි සිටි ඬේවිඞ් මිලර් උඩපන්දුවක් ලෙසින් රැකගත් හෙයින් සංගක්කාරගේ ඉනිම ලකුණු 45 කට සීමාවිය.

ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ සියලූම ලකුණු මාවත් වසා දමමින් දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් තම පන්දු යවන්නන්ට අවශ්‍ය ආකාරයේ පිටියක් සකස් කර දී තිබිණ. පන්දු යවන්නෝද නියමිත ඉලක්කයට පන්දු යවමින් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ සියලූම පහර පාලනය කර තිබූ අතර අතිදක්‍ෂ පන්දු රැකීමක නිරත වූ දකුණු අපි‍්‍රකානුවෝ සංගක්කාර සහ මහේල ජයවර්ධන තනි ලකුණු ලබාගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම ඒවා වැළැක්වූහ.  

සංගක්කාර සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක් එක් කිරීමට තිරිමාන්න සමත් වූ අතර එම කාලයේදී සංගක්කාර ලබාගත්තේ ලකුණු 15 ක් පමණි. ඉදිරි පෙළ පිතිකරුවන් දැවී ගොස් සිටිය බැවින් සංගක්කාර ඉතාමත් ප‍්‍රවේසමෙන් පන්දු තෝරා බේරා ගනිමින් පන්දුවට මුහුණ දුන්නේ ඉනිමේ අවසන් කොටසේදී ප‍්‍රහාරය ඇරඹීමේ අරමුණ ඇතිවය. එහෙත් සංගක්කාර බලාපොරොත්තු වූ අකාරයට කඩුලූ අතර සම්බන්ධතා දුර දිග ගියේ නැත.

ලකුණු 4 ක් ව තිබියදී කඩුලූ දෙකක් දැවී ගියද හිස කෙළින් තබාගෙන ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ ළහිරු තිරිමාන්න, සිය ජ්‍යෙෂ්ඨ සගයා වන සංගක්කාරට කඩුල්ලේ රැඳෙන්නට ඉඩහැර වේග පන්දු යවන්නන්ට හතරේ පහර වලින් සංග‍්‍රහ කරමින් පන්දු 48 කදී ලකුණු 41 ක් ලබාගත්තේය. තිරිමාන්න පිටියෙන් ඉවත්ව ගියේ ඉම්රාන් තහීර්ගේ පන්දුවක් පෙරළා ඔහු අතටම උඩපන්දුවක් සේ යවමිනි.

මෙම තරගාවලියේ පළමු වතාවට ආරම්භක පිතිකරු සම්බන්ධතාව වෙනස් කරමින් තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් ජනිත් පිටියට පිවිසි අතර කුසල්ගේ කාර්යය වූයේ පළමු පන්දුවේ සිටම පන්දුව හඹා යමින් පහර දීමයි. ඇතැම් විට කණ්ඩායමේ උපදෙස් අනුව ඔහු එසේ කළා වන්නටද පිළිවන.

එහෙත් මේ වන විට ලෝකයේ හොඳම ආරම්භක පන්දු යවන්නන් තිදෙනා සිටින දකුණු අපි‍්‍රකාව වැනි කණ්ඩායමකට එරෙහිව එවන් උපක‍්‍රමයක් යෙදීම අවදානම් සහගත බව කිවයුතු නොවේ. ඬේල් ස්ටේන්, කයිල් ඇබට් සහ මෝර්නි මෝකල් තිදෙනා විසින් යවන ලද  ඕවර 20 දී ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 72 ක් පමණි.

මෙම තරගය සඳහා අවසන් මොහොතේදී තරිඳු කෞෂාල් කැඳවූ අතර රංගන හේරත් සංචිතයෙන් ඉවත් කරනු ලැබිණ. රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් ආදේශ කිරීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අනුමැතිය හිමිවූයේද අද පෙරවරුවේදීය.

නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කර ඇති නමුත් තරිඳු කෞෂාල් එක්දින තරගයකට කී‍්‍රඩා කර තිබුණේ නැත. මෙම තරගය කෞෂාල්ගේ පළමු එක්දින තරගය වුවද ඔහු ඉතාමත් හොඳින් පන්දු යවමින් සිය  ඕවර 6 දී දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් ලකුණු 25 කට සීමා කළේය.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ඒ.එෆ්.පී අනුග‍්‍රහයෙනි

 


අදහස් (4)

දකුණු අපි‍්‍රකානුවෝ අසීරු කඩුල්ල පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.