Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 305 ක ඉලක්කයක් කරා යමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 229 කට දැවී යාම නිසා දකුණු අප්‍රිකානු පිලට ලකුණු 75 ක ජයක් හිමිවිය. මෙම ජයත් සමග දකුණු අප්‍රිකානු පිල තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය.
සවස 5.00 න් පසුව කෙමෙන් පැතිරුණු අඳුර මැද ඩක්වර්ත් - ලුවිස් සටහන සමග තරගයක යෙදී සිටි ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 5 ම ලකුණු 13 ක් තුළදී ඇද වැටිණ.
ඉනිමේ 35 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක ඕවර ලබාගෙන ලකුණු වේගය වැඩිකර ගැනීමට උත්සාහ කළේය. එහිදී ඕවර 2 කින් ලකුණු 25 ක් ලබා ඉලක්කයට ආසන්න වීමට සංගක්කාර සහ තිරිමාන්න සමත් වූ නමුත් තිරිමාන්න දැවී යාමෙන් සංගක්කාර පීඩනයට ලක්විය.
තරගය ජයගැනීමට නම් ශ්‍රී ලංකා පිලට 38 වැනි ඕවරය නිමාවේදී ලකුණු 223 ක් ලබාගත යුතුව තිබූ නමුත් තිරිමාන්න දැවී යාම නිසා එම ඉලක්කය 235 දක්වා සැණෙකින් වෙනස් විය. වැඩි වෙමින් පවතින පීඩනයට මුහුණ දීමට සිතූ සංගක්කාර තමන් මුහුණ දුන් ඊළඟ පන්දුවට ඉහළින් පහරක් ගැසීමට ගියද අතිරේක ක්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසී උඩපන්දුවක් රැකගැනීම හේතුවෙන් වමත් පිතිකරුවාගේ ඉනිම ලකුණු 88 කින් නිමා විය.
පන්දු 84 කට මුහුණ දී සිටි සංගක්කාර ඒවායින් 9 ක් හතරේ සීමාවට යවා තිබිණ. පරිණත විලාසයෙන් පිතිහරඹයේ යෙදුණ නමුත් ලකුණු ලබාගත යුතු තැනදී අත දිගහැර පහර දුන් සංගක්කාර සිය 86 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 54 කින් 4 ක් හතරේ සීමාවට පිටත්කර යවමිනි. මෙම අර්ධ ශතකය සංගක්කාර පිට පිටම අන්තර්ජාතික ඉනිම 5 කදී ලබාගත් පස්වැනි අර්ධ ශතකයද වෙයි.
ලකුණු 305 ක් කරා යාමට සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා පිලේ 50 වැනි ලකුණ පන්දු 45 කදී ලකුණ පුවරුවට එක්විය. ඒ වන විට කුසල් පෙරේරා එයින් ලකුණු 34 ක හිමිකරුවා වී සිටි නමුත් ඊළඟ පන්දුවට කුසල් ගැසූ පහරින් පන්දුව ඇදී යද්දී ෂෝට් ස්ක්වෙයාර් ලෙග් හි සිටි මෝනි මෝකල් එය උඩපන්දුවක් ලෙස රැකගත් හෙයින් කුසල්ගේ ඉනිම පන්දු 33 කින් නිමා විය.
කුසල් පෙරේරා දැවී යාමෙන් පසුව සුපුරුදු වේගයෙන් ඉදිරියට ගිය තිලකරත්න ඩිල්ෂාන් පන්දු 46 කින් ලකුණු 40 ක් ලබා සිටි අතර ඊට හතරේ පහර 5 ක් ඇතුළත් විය. ඉම්රාන් තහීර්ගේ එකම ඕවරයකදී ඩිල්ෂාන් ගැසූ පහර තුනකින් පන්දුව විදුලි වේගයෙන් හතරේ සීමාවට ඇදී ගියේ පන්දු රකින්නන්ට සිතීමටවත් කාලයක් ඉතිරි නොකරමිනි.
මෝනි මෝකල්ගේ කෙටි පන්දු කිහිපයකටම එක එල්ලේ මුහුණ දුන් ඩිල්ෂාන් ලකුණු ලබාගැනීම සිය වගකීම වූ හෙයින් ගැසූ ස්ක්වෙයාර් කට් පහරක් වැරදී යාමෙන් කඩුලු රකින්නාට උඩපන්දුවක් දී දැවී ගියේය.
හසිම් අම්ලා ලබාගත් අලංකාර ශතකය නිසා කිසිදු අපහසුතාවකින් තොරව ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට මුහුණ දුන් දකුණු අපි‍්‍රකානුවෝ නියමිත ඕවර 50 නිමා වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 304 ක් ලබාගත්හ. එය අම්ලාගේ 13 වැනි එක්දින ශතකය වූ අතර තරගයේ වීරයා සම්මානය දිනාගැනීම සඳහාත් අම්ලාට එය උපකාරී විය.
ඉතාමත් හොඳින් පන්දුව දකිමින්, ලකුණු අතර සිටින අම්ලා මොරටුව කී‍්‍රඩාංගණයේදී පැවැති පුහුණු තරගයේදීත් ප‍්‍රවේගකාරී ශතකයක් ලබාගත් අතර තමන් දවාගැනීමට අවස්ථාවක් නොදීම ආපසු කී‍්‍රඩාගාරයට ගියේ තවත් පිතිකරුවකුට පිතිහරඹ පුහුණුවක් ලබාගැනීමේ අවස්ථාවක් දෙමිනි.
කෙසේ වෙතත් එක්දින තරගාවලියේ තරග දෙකක් දිවා කාලයේ පැවැත්වෙන තරග ලෙසින් සංවිධානය කර, දකුණු අපි‍්‍රකානුවන්ට දැඩි හිරු රැසින් පීඩා විඳීමට සලස්වා, ඔවුන්ගේ පන්දු යවන්නන් අමාරුවේ දැමීම සඳහා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු සකස් කර දුන් නමුත් එම තණතීරු මතදීම දකුණු අපි‍්‍රකානුවෝ උපරිම ප‍්‍රයෝජන ලබා ගත්හ.
කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීමේ බර කරට ගත් ආරම්භක පිතිකරු අම්ලා, පන්දු 118 කදී සිය ශතකය ලබාගත් අතර නායක ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 70 කදී ලකුණු 75 ක් ලබා දැවී ගියේය. අම්ලා සහ ඩිවිලියර්ස් දෙදෙනා අතර පැවැති තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 151 ක් ව තිබියදී ඩිවිලියර්ස් දැවී ගියේ අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකට ඉහළින් ගැසූ පහරක් ලෝන්ග් ඕෆ්හි සිටි නුවන් කුලසේකර විසින් රැකගනු ලැබීමෙනි.
අම්ලා සහ ඩිවිලියර්ස් දෙදෙනා ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අපහසුවකින් තොරව ලකුණු ලබාගනිද්දී ශ‍්‍රී ලංකා පන්දු රකින්නන් අතින් පහසු උඩපන්දු දෙකක්ම ගිළිහී ගියේය.
ඩිවිලියර්ස් ලකුණු 18 ක් ලබා සිටියදී අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකට දුන් පහසු උඩපන්දුවක් මිඞ් ඕෆ්හි සිටි ඇන්ජලෝ මැතිව්ස් වෙතින් ගිළිහි යන විට ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලූ 2 කට 91 ක් ලෙසිනි. මුලූ ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 20 ක් එක්වෙද්දී අශාන් ප‍්‍රියන්ජන්ගේ පන්දුවකට අම්ලා ගැසූ පහරකින් පන්දුව ඉතා ඉහළ ගිය නමුත් ලෝන්ග් ඕන් සිටි දිව ආ සේනානායකට එය රැකගත නෙහැකි විය.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.