Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 දෙවැනි තැන ගන්න දෙපිලම සටනක

දෙවැනි තැන ගන්න දෙපිලම සටනක

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තීරණාත්මක තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් කී‍්‍රඩාංගණයේ හෙට (12) දිවා තරගයක් ලෙස පැවැත්වේ. තරගය පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.

දෙරට තරගය බැගින් ජය ලබා සිටීම නිසා තරගාවලියේ ජය ලැබීමට මෙම තරගයේ ජය ගැනීම අනිවාර්ය වී තිබේ. තවද මෙම තරගාවලියේ ජය ලබන කණ්ඩායමට එක්දින ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණිමේ අවස්ථාව උදාවේ.

ශ‍්‍රී ලංකාව අද තරගයෙන් පරාජයට පත්වුහොත් වසර 21 කට පසුව ශ‍්‍රී ලංකාවේදී දකුණු අප‍්‍රිකාව හමුවේ එක්දින තරගාවලි පරාජයක් ලැබීමට සිදුවේ.

දෙවැනි තරගයට සහභාගි වූ ශ‍්‍රී ලංකා පිට දග පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස්ගේ ස්ථානයට අද තරගයේදී බොහෝ විට ටෙස්ට් පිලේ පිට දග පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා ක‍්‍රීඩා කිරීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
 
සූරියවැව ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11) පෙරවරුවේ පැවැති පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වූ ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ තම කණ්ඩායම ජයග‍්‍රාහි මානසිත්කයෙන් සිටීම නිසා කණ්ඩායමේ විශාල වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

”දෙවැනි තරගයේදී අපි දස්කම් දැක්වුවා. මේ කණ්ඩායම ජය ලබා ඉන්නේ, ඒ නිසා මා හිතනවා ලොකු වෙනසක් නොවෙයි කියලා. නමුත් අපි මේ දක්වා අවසන් කණ්ඩායම තෝරාගෙන නෑ. හෙට උදේ තණතීරුව පරීක්‍ෂා කර තීරණය ගන්නවා”
”මේ ක‍්‍රීඩාංගණයේ අපි දිවා තරගයටකට සහභාගි වී නෑ. ක‍්‍රීඩාංගණයේ සුළග දැඩිව තිබෙනවා, එයට අපි හුරුවිය යුතුයි. අව්ව, වැස්ස, සුළග කියලා බෑ,  ඕනෑම පරිසරයක ක‍්‍රීඩා කළ යුතුයි. මට හිත්නේනේ තණතීරුව තරගයේ අවසන් අදියර වන විට දග කැවෙන්න පුඵවන්”

පළමු තරග දෙක වෙනුවෙන් නම් කළ සංචිතයට ඇතුළත්ව සිටි උපුල් තරංග පමණක් ඉවත් කර හදිසියේ ඩිල්රුවන් පෙරේරා සංචිතයට කැදවීම පිළිබද කළ විමසීමේදී මැතිව්ස් මෙසේ පැවසීය.

”පළමු සංචිතය නම් කරන විට කුසල් ආබාධයකට ලක්ව සිටියා. ඒ නිසයි උපුල් තරංග සංචිතයට ඇතුළත් කළේ. කුසල් පළමු තරග දෙකට හොදින් ක‍්‍රීඩා කළා දැන් ඒ නිසා ප‍්‍රශ්නයක් නෑ. දකුණු අප‍්‍රිකානු පිලේ වමත් පිතිකරුවන් සිටින නිසා අපිට පිට දග පන්දු යවන්නකු අවශ්‍ය වුණා, ඒ නිසා ඩිල්රුවන් සංචිතයට කැදව්වා”
සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබදව කළ පරීක්‍ෂණ වාර්තා පිළිබදව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ අදහසක් පළ කළේය.

”නෑ. අපිට මේ දක්වා වාර්තාවක් ලැබී නෑ. අපි ඒ පිළිබදව දන්නේ නෑ. සචිත‍්‍ර පළමු තරග දෙකේදී හොදින් ක‍්‍රීඩා කළා”

සූරියවැව ක‍්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පුහුණු සැසියට පෙර දකුණු අප‍්‍රිකානු පිල වෙනුවෙන් මාධ්‍ය හමුවට සහභාගි වූ ජේ. පී. ඩුමිනි පැවසුවේ ශ‍්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජය ලැබීමට තම කණ්ඩායම හොද සූදානමින් පසු වන බවයි.

”මම හිතන්නේ නෑ කණ්ඩායමේ ලොකු වෙනසක් වෙයි කියලා. අපේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ජැක් කලිස් අද තරගයටත් ක‍්‍රීඩා කරයි. ඩු ප්ලෙසිස්ට අවස්ථාව ලැබෙන එකක් නෑ.  ඒ වගේම ආබාධයකට ලක්ව සිටින ඬේල් ස්ටෙයින්ගේ යෝග්‍යතාව පිළිබද පරීක්‍ෂණයක් අද පැවැත්වෙනවා. එහි ප‍්‍රතිඵලය අනුව ඔහු ක‍්‍රීඩා කිරීම තීරණ වෙයි, මම හිතන්නේ ඔහුගේ තත්ත්වය හොදයි”

”මට තණතිරූව බලන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ක‍්‍රීඩාංගණයට පැමිණ විගස මාධ්‍ය හමුවටයි සහභාගි වුණේ” යැයි ඩුමිනි වැඩි දුරටත් පැවසීය.

 මෙම තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 112 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, දකුණු අප‍්‍රිකාව ප‍්‍රසාද ලකුණු 109 ක් ලබා සිවුවැනි ස්ථානයේ ද, පසුවෙයි.  ඕස්ටේ‍්‍රලියාව (115) සහ ඉන්දියාව (112) පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගෙන සිටියි.


ශ‍්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, ඩිල්රුවන් පෙරේරා, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල්

දකුණු අප‍්‍රිකා සංචිතය:
ඒ. බී. ඩිවිලියස් (නායක), හෂීම් අම්ලා, ක්වින්ටින් ඞී කොක්, ජේ. පී. ඩුමිනි, ෆෆ් ඩූ ප්ලෙසී, බියුරන් හෙන්ද්‍රික්ස්, ඉම්රාන් තාහිර්, ජැක් කලිස්, රයන් මැක්ලරන්, ඬේවිඞ් මිලර්, මෝනේ මෝකල්, වේන් පානෙල්, ඒරන් පැන්ගිසෝ, වර්නන් ෆිලැන්ඩර් සහ ඬේල් ස්ටෙයින්


ඡායාරූප: ශාන්ත රත්නායක

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ආලෝකය අඩුවූවොත් විදුලි එළිය

සූරියවැව ක‍්‍රීඩාංගණයේදී අද (12) පැවැත්වෙන තරගයට පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වයෙන් බලපෑමක් ඇතිවුහොත් විදුලි අලෝකය ලබාදීමට දෙරටේ ක‍්‍රිකට් ආයතනවල එකගතාවයෙන් තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.

මෙම තරගාවලියේ ආලෝකය අයහපත් වුවද විදුලි ආලෝකය ලබා නොගැනීමට දෙරටේ ක‍්‍රිකට් බලධාරීන් මීට පෙර එකගත්වයකට පැමිණ සිටි අතර ඒ පිළිබද පළමු තරගයේදී ඇති වූ තත්ත්වය පිළිබදව බොහෝ දෙනකු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දොස් නැගූහ.  කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේදී පස්වරු 4.30 පමණ වන විට ආලෝක තත්ත්වය අයහපත් වීමෙන් ශ‍්‍රී ලංකා පිතිකරුවෝ ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු වේගය සොයා යෑමෙන් අනපේක්‍ෂිත පරාජයක් ලැබූහ.

 


අදහස් (1)

දෙවැනි තැන ගන්න දෙපිලම සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.