Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 දෙවැනි එක්දින තරගය සූරියවැවදී

දෙවැනි එක්දින තරගය සූරියවැවදී

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 27 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින අන්තර්ජාතික තරගය හම්බන්තොට සූරියවැව කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.

කොළඹට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය පසුගිය දිනවල ජලයෙන් යටවී තිබීමත් සූරියවැව කී‍්‍රඩාංගණයේදී අද (23 වැනිදා) පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ල නොවීමත් මෙම තීරණය ගැනීමට හේතුව වී තිබේ.

තරගය 26 වැනිදා (අගහරුවාදා) දිවා/රාතී‍්‍ර තරගයක් ලෙසින්ම පැවැත්වෙන අතර 27 වැනිදා (බදාදා) අතිරේක දිනය ලෙසත් සැලකේ.

මෙම තරගය දඹුල්ලට ගෙන යාම සම්බන්ධයෙන්ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සලකා බැලූ නමුත් දඹුල්ල කී‍්‍රඩාංගණයේ ආලෝක පද්ධතියේ තිබෙන දුර්වල තත්ත්වය නිසා තරගය සූරියවැව කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ රූපවාහිනී විකාශන අයිතිය හිමි ‘ටෙන් ස්පෝට්ස්’ සමාගමත් අතර පවතින ගිවිසුම අනුව සතියේ දිනවල පැවැත්වෙන තරග සියල්ලම දිවා/රාතී‍්‍ර තරග ලෙස පැවැත්විය යුතුය.

මෙම තරගය සඳහා මේ වන විට ප‍්‍රවේශපත් මිලදී ගත් අයට එම ප‍්‍රවේශපත් සූරියවැවදී පැවැත්වෙන තරගය සඳහා භාවිතා කළ හැකිය. නැතහොත් සැප්තැම්බර් මස 2 වැනිදා සිට 10 වැනිදා දක්වා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී එම ප‍්‍රවේශපත් සඳහා නැවත මුදල් ලබාගත හැකිය.


අදහස් (0)

දෙවැනි එක්දින තරගය සූරියවැවදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.