Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ධනුෂ්ක - රොෂේන් ‘ඒ’ පිලට එක්වෙති

ධනුෂ්ක - රොෂේන් ‘ඒ’ පිලට එක්වෙති

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව මේ මස 26 වැනිදා සිට පැවැත්වෙන එක්දින සහ සිවුදින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් සංචිත දෙකට පසුගිය කාලයේ අවස්ථාව නොලැබුණු ධනුෂ්ක ගුණතිලක සහ රොෂේන් සිල්වා ඇතුළත්ව සිටිති.

ධනුෂ්ක ගුණතිලක සහ රොෂේන් සිල්වා පසුගිය වසර කීපයේම අන්තර් සමාජ තරගාවලියේ දස්කම් දැක්වුවද ‘ඒ’ පිලේ කී‍්‍රඩා කිරීමට අවස්ථාව නොලැබුණි.

මෙවර අනත්ර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වන වමතින් පා දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාරට ද ‘ඒ’ කණ්ඩායමේ ස්ථානයක් නැවතත් හිමිවී තිබේ. ජාතික කණ්ඩායම නියෝජනය කරන කුසල් පෙරේරා, අෂාන් ප‍්‍රියංජන්, කිත්රුවන් විතානගේ, තරිදු කෞෂාල් සහ දුෂ්මන්ත චමීරද මෙම සංචිතවලට ඇතුළත්ව සිටිති.

මෙවර අන්තර් සමාජ විස්සයි20 තරගාවලියේදී දස්කම් දැක්වූ මිලින්ද සිරිවර්ධන එක්දින පිලට කැ`දවා සිටියි.   

ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය:
ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, අෂාන් ප‍්‍රියංජන්, කිත්රුවන් විතානගේ, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, ළහිරු මධුසංඛ, තරි`දු කෞෂාල්, ලක්‍ෂාන් සදකැන්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප‍්‍රනාන්දු සහ නිසල තාරක
අතිරේක ක‍්‍රීඩකයෝ: දෙනුවන් රාජකරුණා, නිලංක පේ‍්‍රමරත්න සහ උදාර ජයසුන්දර


අදහස් (1)

ධනුෂ්ක - රොෂේන් ‘ඒ’ පිලට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.