Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද (28 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී සිදුවූයේ කුමක්ද යන්න තමන්ට සිතාගත නොහැකි නමුත් ඊළග තරගයේදී නැවත නැගිටීමක් අවශ්‍ය බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී මැතිව්ස් මෙසේ කියා සිටියේය.
”හරිම අමාරු තත්ත්වයක්. අප පහර තේරූ ආකාරය වැරදියි” ”ඒත් එංගලන්ත පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා කියන එක පිළිගන්න වෙනවා...ඇත්තටම අද තරගයේදී මොනවා වුණාද කියලා මට හිතාගන්න බෑ” යයි මැතිව්ස් පැවසීය.
පන්දුවට පහර දීමේදී තණතීරුවේ සුළු සුළු අසීරුතා තිබුණ නමුත් තරගයේ ප‍්‍රතිඵලය දරුණු බලාපොරොත්තු කඩවීමක් බවද මැතිව්ස් පැවසීය.
”මේ දේශගුණික සහ තණතීරුවල තත්ත්වයන් තමා අපට විශාලතම අභියෝගය වෙන්නේ..දෙවැනි තරගයේදීත් අපි හොඳට කළානේ..නැවතත් ඒ වගේ නැගිටීමක් උවමනායි”
”ඒ වෙනුවෙන් අවශ්‍ය කණ්ඩායම අපට ඉන්නවා. අපි අතීතයේදීත් ඒ දේ කරලා තියෙනවා. කොහොම වුණත් මේ තරගාවලියේ රැඳී ඉන්න අපට ඕනෑකම තියෙනවා” යයි පැවසූ මැතිව්ස්...
”දැන් සැගවිලා ඉන්න හිරු එළියට ආවොත් අපට හොඳ තරගයක් බලාගන්න පුළුවන්” යයි ලෝඞ්ස් පිටියේදී පැවැත්වීමට නියමිත සිවුවැනි තරගය සම්බන්ධයෙන් පැවසීය.
ලන්ඩන් ඕවල් පිටියේදී දස්කම් දක්වමින් පළමු එක්දින තරගය ජයගත් එංගලන්ත පිලටද ඩරම්හි රිවර්ඬේල් කී‍්‍රඩාංගණයේදී සිදුවූයේ කුමක්ද යන්නත් සිතාගත නොහැකි විය.
”ඇත්තටම ඩරම් තරගයේදී වුණ දේවල් ගැන අපි කතා කළා. ඒත් ඒක මහ අමුතු තරගයක්....අද අපි එක පාරටම සාර්ථක වුණා කියන්න බෑ. ඒත් ජෝර්ඞ්ස් (කි‍්‍රස් ජෝර්ඞ්න්) ඔවුන්ට රිදෙන්නම ගැහැව්වා” යයි එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පැවසීය.
එංගලන්ත පිල වෙනුවෙන් ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබාගත් ජේම්ස් ඇන්ඩසන් සිය පළමු ඕවර 7 දී ලකුණු 10 ක් පමණක් දෙමින් ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළේය. කි‍්‍රස් ජෝර්ඞ්න් කඩුලූ 5 ක් දවාගැනීමත් සමගින් එංගලන්ත පිලේ කාර්යය වඩාත් පහසු විය.
මෙම තරගයේදී කඩුලූ 10 ක ජයක් ලබාගත් නමුත් ඊළග තරගය පැවැත්වෙන්නේ ලෝඞ්ස් පිටියේදී බැවින් එංගලන්ත නායකයා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරයි.
”ලෝඞ්ස් පිටියේදී කී‍්‍රඩා කිරීමෙන් අප මහත් ආශ්වාදයක් ලබනවා. ඒත් අපේ ප‍්‍රතිවාදීන් පවා එහෙමයි. ඒ නිසා අද අප කළා වගේ ඔවුන්ගේ නැවත නැගිටීමකට ඉඩ දිය නොහැකියි” යයිද ඇලිස්ටෙයාර් කුක් පැවසීය.
තරගයේ වීරයා වූ කි‍්‍රස් ජෝර්ඞ්න් වඩාත් සතුටු වන්නේ සංගක්කාරගේ කඩුල්ල දවාගැනීම සම්බන්ධයෙනි.
”අප ඩරම් තරගයේදී අසාර්ථක වුණාට පස්සේ මේ වගේ විශාල ජයග‍්‍රහණයකින් ආපසු නැගිටින්න ලැබීම ගැන සතුටුයි. ඒ වගේම සංගක්කාරගේ කඩුල්ල දවාගත් එක ගැනත් සතුටුයි”
”අප උත්සාහ කළේ ආක‍්‍රමණශීලීව පන්දු යවන්නයි. මොකද කඩුලූ දවාගැනීම මගින් ඔවුන්ගේ ලකුණු ලබාගැනීම පාලනය කළ හැකි බව අප දැන සිටියා” යයිද කි‍්‍රස් ජෝර්ඞ්න් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.