Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පන්දු රැකීම සංකීර්ණයි - ජොන්ටි රෝඩ්ස්

පන්දු රැකීම සංකීර්ණයි - ජොන්ටි රෝඩ්ස්

Dilrukshi - 2015 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ක‍්‍රිකට් පිටියේ පසුගිය කාලයේ සිදුවූ වෙනස්වීම් සමඟ පන්දු රැකීමද සංකීර්ණ කාර්යයක් බවට පත්ව ඇති බව 90 දශකයේ ලෝක ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම පන්දු රකින්නනකු වූ වර්තමාන විශේෂඥ පන්දු රැකීමේ පුහුණුකරු වන ජොන්ටි රෝඞ්ස් මහතා පැවසීය.

දකුණු අප‍්‍රිකානු ජාතික ජොන්ටි රෝඞ්ස් මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් දින කීපයක පුහුණු වැඩසටහනක් පැවැත්වීය.

එම වැඩසටහන අවසානයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍යහමුවේදී ජොන්ටි රෝඞ්ස් මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

”පන්දු රැකීම පිළිබඳ රහස් සාක්කුවේ දාගෙන මම ආවේ නෑ. ක‍්‍රීඩකයන් පන්දු රැකීමේ නිවැරදි ක‍්‍රමවේදයට යොමු කිරීම මගේ අරමුණයි. නිවැරදිව සහ ක‍්‍රමානුකූලව පන්දු රැකීම පුහුණුව ලබාදීම මගේ කාර්යය බවට පත්වෙලා තියෙනවා”

”ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නීති රීති වගේම බොහෝ දේවල් පසුගිය කාලේ වෙනස් වුණා. ඒ වෙනසත් එක්කම පන්දුවට පහරදීම, පන්දු යැවීම වගේම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ තුන්වැනි ඉරියව් වන පන්දු රැකීමත් ගොඩක් වෙනස් වුණා.

”පන්දු රකිනනෙකු උඩ පන්දු රැකගැනීම, පන්දු නැවැත්වීම, වගේම පන්දුව හැකි ඉක්මනින් පන්දුව කඩුලූ රකින්නාට හෝ පන්දු යවන්නා වෙත නිවැරදිව යොමු කිරීමත් ඉතාමත්ම වැදගත් දෙයක්’’

”කාලයකට පෙර ක‍්‍රීඩකයකු ස්ලිප් හෝ වෙනත් ස්ථානයක පන්දු රකිනවා කියලා පිළිගැනීමක් තිබුණා. නමුත් දැන් ක‍්‍රීඩාව වෙනස්වීම සහ වේගවත් වීමත් සමඟ ක‍්‍රීඩකයකු පන්දු රකින නිෂ්චිත ස්ථානයක් කියන්න බෑ. සෑම ක‍්‍රීඩකයකුම සෑම ස්ථානයකම පන්දු රකින්න සූදානමින් සිටිය යුතුයි”

” ඕවර 50 යේදී තරගයකදී හතරේ සීමාව අසළ පන්දු රැකීමේ සහ විස්සයි 20 තරගයකදී හතරේ සීමාව අසළ පන්දු රැකීමේ වෙනසක් තියෙනවා. මොකද සිමිත  ඕවර තරගයකට වඩා විස්සයි 20 තරගයක හයේ පහර වාර්තා වෙනවා. අධි වේගී  ඕවර වලදී (පවර් ප්ලේ) ඒ නිසා දැන් පන්දු රැකීම විශේෂ කාර්යයක් බවට පත්ව තිබෙනවා”

”මම ශ්‍රී ලංකාවේ වයස 19 න් පහළ ඒ වගේම ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට පුහුණු සැසි පැවැත්වුවා. කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් අතර වෙනස්කම් තියෙනවා. වයස 19 න් පහළ ක‍්‍රීඩකයෝ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට වඩා වේගවත් ඒ වෙනස අනිවාර්යෙන්ම තිබිය යුතුයි”

ක‍්‍රීඩකයකු-ට පන්දු රැකීමට වයස බාධාවක් වන්නේ ද යන ප‍්‍රශ්නයට ජොන්ටි රෝඞ්ස් මහතා මෙසේ පිළිතුරු සැපයීය.
”මම හිතන්නේ පන්දු රැකීමට එහෙම ප‍්‍රශ්නයක් නෑ. දැන් අපි ගත්තොත් පාකිස්තානු පිලේ මිස්බා ඔහුට වයස 40 ක් විතර ඇති ඔහු ඉතාමත් හොඳින් පන්දු රකිනවා. ඒ වගේම මම අයි.පී.එල්. තරගාවලියේදී දැක්කා වයස ක‍්‍රීඩකයෝ ඉතාමත් හො`දින් පන්දු රකිනවා. පන්දු රකින්නකුට ඉතාමත් හොඳ ශාරිරික යෝග්‍යතාවක් තිබීම අත්‍යඅවශ්‍යයි”

”ගොඩක් දක්‍ෂ පන්දු රකින්නන් ඉන්නවා. මම හිතන්නේ වර්තමාන ක‍්‍රිකට් පිටියේ හොඳම පන්දු රකින්නා දකුණු අප‍්‍රිකානු පිලේ ඩිවිලියර්ස්. ඒ වගේම බ්‍රෙන්ඩන් මැකලම් දක්‍ෂ පන්දු රකින්නෙක්. අයි.පී.එල්. තරගාවලියේදී ගොඩක් දක්‍ෂ පන්දු රකින්නන් දැක්කා. රයිනාත් එහිදී දක්‍ෂ ලෙස පන්දු රැක්කා”

ජොන්ටි රෝඞ්ස් මහතා පැවසුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ජෙහාන් මුබාරක් උස ක‍්‍රීඩකයකු වීම නිසා හොඳන් පන්දුවට යොමු වෙන බවයි.
 

 


අදහස් (0)

පන්දු රැකීම සංකීර්ණයි - ජොන්ටි රෝඩ්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.