Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පන්දුව පළුදු කළාට ෆිලැන්ඩර්ට දඩ

පන්දුව පළුදු කළාට ෆිලැන්ඩර්ට දඩ

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක වර්නන් ෆිලැන්ඩර්ට ඔහුගේ තරග මුදලින් 75% ක දඩයක් නියම කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.

තරගයේ තුන්වැනි දිනය වූ සිකුරාදා කී‍්‍රඩාව අවසන් වීමෙන් පසුව රූපවාහිනී දර්ශන නැරඹීමෙන් අනතුරුව තරගයේ ප‍්‍රධාන විනිසුරුවරන් දෙදෙනා වූ රිචඞ් කෙල්ට්බර සහ බිලිී බවුඩන් යන මහත්වරුන් දෙදෙනාත් තුන්වැනි විනිසුරු නයිජල් ලෝන්ග් මහතා සහ සහායක විනිසුරු රුචිර පල්ලියගුරු මහතාත් ඒ සම්බන්ධයෙන් පැමිණිළි කර සිටියහ.

ඊයේ දිවා ආහාරයෙන් පසුව වර්නන් පිලැන්ඩර් විසින් නියපොත්තෙන් පන්දුව පහුරා ගාමින් එහි යථා ස්වරූපය වෙනස් කිරීමට උත්සාහ කළ ආකාරය වීඩියෝ දර්ශන වල සටහන් වී තිබිණ. කිසිදු විරෝධතාවකින් තොරව වර්නන් ෆිලැන්ඩර් විසින් තමන්ට පැනවූ දඩය පිළිගන්නා ලද හෙයින් වැඩිදුර පරීක්‍ෂණ අනවශ්‍ය විය.


අදහස් (1)

පන්දුව පළුදු කළාට ෆිලැන්ඩර්ට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.