Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පාකිස්තානු ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක්

පාකිස්තානු ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් නිල නොවන එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලූ 6 ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්තානු ‘ඒ’ පිල සමත් විය.

 

තුන්වැනි තරගය පරාජය වූ නමුත් තරග 3 කින් සමන්විත වූ නිල නොවන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම 2-1 ක තරගාවලි ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවිය. එහෙත් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අද තරගයේදී කී‍්‍රඩා කළ අළස කී‍්‍රඩා විලාසය නොවූයේ නම් ඉතා පහසුවෙන්ම 3-0 ක ජයක් ලබාගැනීමේ හැකියාවද නිසැක වශයෙන්ම ඔවුනට තිබිණ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 278 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම  ඕවර 48.1 ක් නිමාවේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 281 ක් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 277 ක් ලබාගත්තේය.

ආරම්භක පිතිකරු ඉසරුල්ලා ලකුණු 9 කට දැවී ගියද පාකිස්තානු ‘ඒ’ පිල වෙනුවෙන් අධිෂ්ඨනශීලී පිතිහරඹයක නිරත වූ මුක්තාර් අහමඞ් හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 96 ක් ලබාගනිමින් පාකිස්තානු ‘ඒ’ පිලට ජයග‍්‍රහණය සොයා යාමේ මාවත විවර කර දුන්නේය. 31 වැනි ඕවරයේදී මුක්තාර් පිටියෙන් ඉවත් වන විට පාකිස්තානු ‘ඒ’ පිලේ ජයග‍්‍රහණය සඳහා පන්දු 119 කදී ලකුණු 93 ක් අවශ්‍යව තිබිණ.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන් පන්දු යැවූයේ කිසිදු ඉලක්කයකින් තොරවය. පන්දු රැකීමද ඊට නොදෙවනි තත්ත්වයක පැවතිණ. පාකිස්තානු ‘ඒ’ පිලට තිළිණ කෙරුණු අතිරේක ලකුණු 25 සටහන් වූයේ වයිඞ් පන්දු 11, නිපන්දු 3, නිදහස් ලකුණු 9 ක් සහ පාද ලකුණු 2 ක් වශයෙනි. නිපන්දු 3 වෙනුවෙන් යවන ලද අතිරේක පන්දු 3 ටම පාකිස්තානු පිතිකරුවෝ හතරේ පහර දෙකකින් සහ හයේ පහරකින් සංග‍්‍රහ කළහ.

පළමු තරග දෙකේදීම ශතක දෙකක් ලබාගනිමින් තරගයේ වීරයා වූ කුසල් ජනිත්ට මෙම තරගාවලියේ පිට පිටම තුන්වැනි ශතකයත් ලබාගැනීමට තිබූ කදිම අවස්ථාවක් අහිමි කරගත් කුසල් ජනිත් පෙරේරා පන්දු 68 කදී ලකුණු 87 ක් ලබාගැනීමෙන් පසුව දැවී ගියේය. පිට ඉන්නට බොහෝ ඈතින් පතිත වූ පන්දුවකට කුසල් ගැසූ ඩ‍්‍රයිව් පහරින් ඉහළ ගිය පන්දුව එක්ස්ට‍්‍රා කවර්ස්හි සිට උස කී‍්‍රඩකයකු වන මුක්තාර් අහමඞ් විසින් පහසුවෙන් රැකගන්නා විට කුසල් පෙරේරා හතරේ පහර 11 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම සරසා තිබිණ.

තරගයේ 30 වැනි ඕවරය නිමා වන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලූ 2 ක් පමණක් දැවී ලකුණු 190 ක් ලබා සිටියේය. එහෙත් අවසන් ඕවර 17 දී ලකුණු 87 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමින් කඩුලූ 8 ක් දවාගැනීමට සමත් වූ පාකිස්තානුවෝ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අමාරුවේ දැමූහ.

වමතින් දඟ පන්දු යැවූ ඉමාඞ් වසිම් සිය  ඕවර 10 දී ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන් ලකුණු 29 කට සීමා කරමින් කඩුලූ 4 ක් දවාගෙන පාකිස්තානු ‘ඒ’ පිල නැවතත් තරගය කැඳවාගෙන ආවේය.

මුලූ ලකුණු සංඛ්‍යාව ලකුණු 172 ක් ව තිබියදී රිවර්ස් ස්වීප් පහරක් ගැසීමට උත්සාහ කළ ධනුෂ්ක ගුණතිලක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් වසිම්, ඊළඟ  ඕවරයේදී ෂෙහාන් ජයසූරියගේ ඉනිම ලකුණු 67 කට සීමා කිරීමත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පසුපාදයට වැටිණ.

පිතිකරුවන්ගේ ප‍්‍රහාරක  ඕවර 5 දී ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ලබාගත හැකිවූයේ ලකුණු 31 ක් පමණක් වූ අතර ඒ අතරවාරයේදී ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වන කිත්රුවන් විතානගේ සහ අසේල ගුණරත්න දැවී ගියහ.

කුසල් ජනිත් සහ ෂෙහාන් ජයසූරිය එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක් එක්කිරීමෙන් අනතුරුව ෂෙහාන් ජයසූරිය සිය ලකුණු ලබාගැනීම වේගවත් කරමින් පන්දු 92 කදී ලකුණු 67 ක් ලබාගත්තේය. ෂෙහාන් ලකුණු 67 ක් ලබාගත් නමුත් ඔහුගේ ලකුණු ලබාගැනීම සම්මත පිතිකරුවකුගේ ලකුණු ලබාගැනීමට බොහෝ ඈතින් තිබිණ.

ෂෙහාන් ගැසූ පහර වැඩි සංඛ්‍යාවකදී පන්දුව ඔහුගේ පිත්තේ කොණක වැදුණු හෙයින් පන්දුව ඇදී ගියේ ඔහු අපේක්‍ෂා කළ පෙදෙසට නොව ඊට ප‍්‍රතිවිරුද්ධ දිසාවටය. ෂෙහාන් වැනි ඉදිරිපෙළ පිතිකරුවකු මෙම තත්ත්වය මඟහරවා නොගතහොත් ශී‍්‍ර ලංකාවේ දේශීය තරග මාලාවෙන් ඔබ්බට යාම ඉතා අසීරු වනු ඇත.

කිත්රුවන් විතානගේ වුවද පන්දුවට පහර දුන්නේ ඕනෑවට එපාවට මෙනි. මෙවන් පන්දු යවන්නන් පිරිසක් හමුවේ ඉතා පහසුවෙන් දිගු ඉනිමක් කරා යාමේ හැකියාව කිත්රුවන්ට තිබුණ නමුත් කිත්රුවන් එයින් ප‍්‍රයෝජන ගත් බවක් පෙනෙන්නට නොතිබිණ.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් ඔවුන්ගේ පන්දු රැකීම සහ පන්දු යැවීම නම් ඇදහිය නොහැකි තරමේ දුර්වල මට්ටමක තිබිණ. පළමු ඕවර 35 ඇතුළතදී පමණක් පාකිස්තානු ‘ඒ’ පිල උඩපන්දු 3 ක් බිම දැමූ අතර පන්දු යවන්නෝ කිසිදු ඉලක්කයක් නැතිව තණතීරුව පුරාම පන්දුව පතිත කරමින් ශී‍්‍ර ලංකා ‘එ්‘ පිතිකරුවන්ට ලකුණු සොයා යාමට පහසුකම් සලසමින් සිටියහ.

 

ලකුණු පුවරුව


ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම

කුසල් පෙරේරා - ඇ.මුක්තාර් අහමඞ් ප.තබීෂ් ඛාන්     87
ෂෙහාන් ජයසූරිය - ඇ.බිලාවල් භාටි ප.ඉමාඞ් වසිම්    67
ධනුෂ්ක ගුණතිලක - ක.මු.කළා ප.ඉමාඞ් වසිම්    21
කිත්රුවන් විතානගේ - ඇ. රිස්වාන් ප.සියාවුල් හක්    29
මිලින්ද සිරිවර්ධන - ඇ.කුරාම් මන්සුර් ප.ඉමාඞ් වසිම්    0
අසේල ගුණරත්න - ඇ.රිස්වාන් ප.බිලාවල් භාටි    17
අශාන් ප‍්‍රියන්ජන් - මුක්තාර් අහමඞ් ප.බිලාවල් භාටි    9
නිසල තාරක - ප.ඉමාඞ් වසිම්    2
ලක්‍ෂාන් සඳකැන් - ඇ.රිස්වාන් ප.මීර් හම්සා    17
බිනුර ප‍්‍රනාන්දු - නොදැවී     7
දුෂ්මන්ත චමීර - ඇ.ෆවාඞ් අලාම් ප.සියාඋල් හක්    0
අතිරේක    21
එකතුව  ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී     277

කඩුලූ වැටීම :
1-118(කුසල්), 2-172(ධනුෂ්ක), 3-191(ෂෙහාන්), 4-191(මිලින්ද), 5-231(කිත්රුවන්), 6-240(අසේල), 7-246(නිසල), 8-251(අශාන්), 9-276(ලක්ෂාන්), 10-277(චමීර)

පන්දු යැවීම
මීර් හම්සා : 8-1-41-1, සියාවුල් හක් : 7.2-0-50-2, තබීෂ් ඛාන් : 6-0-61-1, බිලාවල් භාටි : 7.5-1-34-2, කුරාම් මන්සූර් : 5-0-38-0, ෆවාඞ් අලාම් : 2.1-0-14-0, ඉමාඞ් වසිම් : 10-0-29-4, මුක්තාර් අහමඞ් : 1-0-03-0


පාකිස්තාන් ‘ඒ’ කණ්ඩායම

මුක්තාර් අහමඞ් - ක.මු.කළා ප.සඳකැන්    96
ඉසරුල්ලා - ක.මු.කළා ප.තාරක    9
කුරාම් මන්සූර් - ක.මු.කළා ප.සඳකැන්    31
ෆවාඞ් අලාම් -  නොදැවී     76
අලි වගාස් - ක.මු.කළා ප.ජයසූරිය    26
මොහොමඞ් රිස්වාන් - නොදැවී     18
අතිරේක    25
එකතුව  ඕවර 48.1 කදී කඩුලූ 4 ක් දැවී     281

කඩුලූ වැටීම :
1-33(ඉසරුල්ලා), 2-108(මන්සූර්), 3-185(මුක්තාර්), 4-239(වගාස්)

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
මීර් හම්සා, සියාවුල් හක්, තබීෂ් ඛාන්, බිලාවල් භාටි සහ ඉමාඞ් වසිම්

පන්දු යැවීම :
දුෂ්මන්ත චමීර : 9-0-55-0, බිනුර ප‍්‍රනාන්දු : 9-1-40-0, නිසල තාරක : 6.1-0-56-1, මිලින්ද සිරිවර්ධන : 3-0-21-0, ලක්ෂාන් සඳකැන් : 10-0-53-2, ෂෙහාන් ජයසූරිය : 10-0-40-1, අශාන් ප‍්‍රියන්ජන් : 1-0-05-0

තරගයේ වීරයා : මුක්තාර් අහමඞ්

 

 

 

 

 

 


අදහස් (0)

පාකිස්තානු ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.