Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (7 වැනිදා) තේ පානයට මඳ වේලාවකට පෙර පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම ලකුණු 401 කට දැවී ගියේය. ඊට පිළිතුරු වශයෙන් අද සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 95 ක් ලබා සිටියේය.
ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු ලකුණු 67 කට දැවී ගියද කිත්රුවන් විතානගේ සහ නායක අශාන් පි‍්‍රයන්ජන් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ලකුණු සංඛ්‍යාව 95 ක් දක්වා ඉහළ දැමූහ.
අද පස්වරු 4.00 ට පමණ මඳ වර්ෂාවක් ඇතිවූ නමුත් එයින් තරගයට සැලකිය යතු තරම් බාධාවක් ඇති නොවීය. එහෙත් පස්වරු 5.30 ට දිනයේ කී‍්‍රඩාව නතර කරන විට හාත්පස අඳුර පැතිරෙමින් පැවතිණ.
පාකිස්තානු ‘ඒ’ මුල් ඉනිමේදී ධෛර්වයත් පන්දු යැවීමක නිරත වූ පිට දග පන්දු යවන කී‍්‍රඩක තරිඳු කෞෂාල් ඕවර 42 ක් යවමින් ලකුණු 117 කට කඩුලූ 6 ක් දවාගත්තේය.
පළමු දිනය (ඊයේ) නිමාවේදී කඩුලූ 5 කට ලකුණු 244 ක් ලබා සිටි පාකිස්තානු ‘ඒ’ පිල දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 338 ක් ලබා සිටියේය. පාකිස්තානු ‘ඒ’ පිලට අද පෙරවරුවේදී ලකුණු 94 ක් එක්වූ අතර එම කාලය අතරතුර ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ට දවාගත හැකිවුයේ අද්නන් අක්මාල් පමණි.
කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසුව ඕවර 12 කදී ලකුණු 34 කට කඩුලූ 4 ක් දවාගැනීමට කෞෂාල් සමත්වීම නිසා පාකිස්තානු ‘ඒ’ ඉනිම ලකුණු 401 කට සීමා විය.
කෞෂාල්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කුසල් පෙරේරාට උඩපන්දුවක් දෙමින් ලකුණු 72 කට දැවී ගිය පාකිස්තානු ‘ඒ්’ නායක ෆවාඞ් අලාම් තමන්ගේ දැවීයාම පිළිගැනීමට අකමැතිව සෑහෙන වේලාවක් පිටියේ රැඳී සිටියේය. එහෙත් විනිසුරුවරුන්ගෙන් අලාම්ට ප‍්‍රතිචාරයක් නොවූ හෙයින් අලාම් පිටියෙන් ඉවත්ව ගියේ මහත් නොසන්සුන් ආකාරයෙනි.
විනාඩි 217 ක් පිටියේ රැඳුනු ෆවාඞ් අලාම් පන්දු 147 කට මුහුණ දෙමින් සිය ඉනිමට හතරේ පහර 11 ක් එක්කර තිබිණ.
අද උදෑසන යවන ලද හත්වැනි ඕවරයේදී දෙවැනි නව පන්දුව ලබාගන්නා විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලූ 5 කට 267 ක් ලෙසිනි.
දෙවැනි නව පන්දුවෙන් යවන ලද තුන්වැනි ඕවරයේදී අද්නන් අක්මල් ගැසූ පුල් පහර වැරදී යාමෙන් ස්ක්වෙයාර් ලෙග්හි සිටි තරිඳු කෞෂාල්ට ලැබුුණු උඩපන්දුව ඔහු ඉතා දක්‍ෂ අයුරින් රැකගත්තේය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ වේග පන්දු යවන්නන් නම් දෙවැනි නව පන්දුවෙන් ප‍්‍රයෝජන ගත්තාද යන්නත් සැක සහිතය. ළහිරු ගමගේ, විශ්ව ප‍්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර තිදෙනාම අද දිනයේ දිවා ආහාරයට පෙර දෙවැනි නව පන්දුවෙන් යවා තිබුණේ ඕවර 12 ක් පමණි. ඒ අතරවාරයේදී ළහිරු ගමගේ ලකුණු 9 කට කඩුල්ලක් දවාගත් නමුත් ඔහුගේ පන්දු යැවීම ඕවර 3 කට පමණක් සීමා විය.
දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් ඕවර 7 කට පසුව පන්දු යැවීමට නැවතත් පැමිණි තරිඳු කෞෂාල් ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 117 කට කඩුලූ 6 ක් දවාගත්තේ දග පන්දු යවන්නකු වශයෙන් දිගු ගමනක් යාමේ හැකියාව තමන් සතු බව මැනවින් ප‍්‍රදර්ශනය කරමිනි.
ලකුණු පුවරුව
පාකිස්තාන් ‘ඒ’ - පළමු ඉනිම
කුරාම් මන්සූර් - ක.මු.කළා ප.කෞෂාල් 82
උමාර් සිද්දික් - ඇ.කුසල් පෙරේරා ප.ප‍්‍රනාන්දු 6
උමේර් අමීන් - ඇ.පි‍්‍රයන්ජන් ප.කෞෂාල් 99
අලි අසාඞ් - ක.මු.කළා ප.ද සිල්වා 21
ෆවාඞ් අලාම් - ඇ.කුසල් පෙරේරා ප.කෞෂාල් 72
අලි වකාස් - ඇ.ගුණරත්න ප.ද සිල්වා 0
අද්නන් අක්මාල් - ඇ.කෞෂාල් ප.ගමගේ 15
ශෂාඞ් අසාම් - නොදැවී 47
ෂශෙයිබ් අහමඞ් - ක.මු.කළා ප.කෞෂාල් 1
සියා උල් හක් - ස්ට. කුසල් පෙරේරා ප.කෞෂාල් 22
මීර් හම්සා - ප.කෞෂාල් 0
අතිරේක 36
එකතුව ඕවර 130 කදී සියලූ දෙනා දැවී 401
කඩුලූ වැටීම :
1-22(සිද්දික්), 2-157(මන්සූර්), 3-208(අසාඞ්), 4-243(අමින්), 5-244(වකාස්), 6-280(අක්මල්), 7-347(අලාම්), 8-359(අහමඞ්), 9-395(උල් හක්), 10-401(හම්සා)
පන්දු යැවීම :
ළහිරු ගමගේ : 23-6-45-1, විශ්ව ප‍්‍රනාන්දු : 21-3-59-1, දුෂ්මන්ත චමීර : 21-1-83-0, තරිඳු කෞෂාල් : 42-9-117-6, අශාන් පි‍්‍රයන්ජන් : 3-0-21-0, ධනංජය ද සිල්වා : 19-5-47-2, උදාර ජයසුන්දර : 1-0-05-0
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම
උදාර ජයසුන්දර - ඇ.අලි අසාඞ් ප.මීර් හම්සා 31
ධනංජය ද සිල්වා - ඇ.අද්නන් අක්මල් ප.මීර් හම්සා 8
මාධව වර්ණපුර - ඇ.අද්නන් අක්මාල් ප.සියා උල් හක් 5
කිත්රුවන් විතානගේ - නොදැවී 35
අශාන් පි‍්‍රයන්ජන් - නොදැවී 12
අතිරේක 4
එකතුව ඕවර 21 කදී කඩුලූ 3 ක් දැවී 95
කඩුලූ වැටීම :
1-16(ධනංජය), 2-42(ජයසුන්දර), 3-67(වර්ණපුර)
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ :
අසේල ගුණරත්න, කුසල් පෙරේරා, තරිඳු කෞෂාල්, ළහිරු ගමගේ, විශ්ව ප‍්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර
පන්දු යැවීම :
මීර් හම්සා : 9-2-31-2, ශෂාඞ් අසාම් : 3-0-22-0, සියා උල් හක් : 7-1-28-1, ශෂෙයිබ් අහමඞ් : 2-0-12-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.