Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති පළමු විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිල පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 45 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 83 ක් රැස්කළ මුක්තාර් අහමඞ් පාකිස්තාන පිලට ජයග‍්‍රහණයේ මංපෙත් විවර කර දුන්නේය.
අහමඞ් ශේෂාඞ් (55) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 142 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද මුක්තාර් අහමඞ් සමත් විය.
පන්දු 39 කදී වාර්තා වූ අහමඞ් ශේෂාඞ්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තරගත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී 172 ක් ලබාගත්තේය.
සිම්බාබ්වේ පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක එල්ටන් චිගම්බූරා පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය.
සිම්බාබ්වේ පිලට වේගවත් ආරම්භයක් ලබාදුන් හැමිල්ටන් මසකඞ්සා පන්දු 27 කදී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
කළකට පසු නැවතත් පාකිස්තාන කණ්ඩායමට ඇතුළත් වූ ප‍්‍රවීණ වේගපන්දු යවන කී‍්‍රඩක මොහොමඞ් සාමි, ලකුණු 36 කට ලකුණු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සිම්බාබ්වේ පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 172
(හැමිල්ටන් මසකඞ්සා 43, චාර්ල්ස් කොවෙන්ටි‍්‍ර 13, එල්ටන් චිගම්බූරා 54, ශේන් විලියම්ස් 16, සිකන්දර් රාසා 17, මොහොමඞ් සාමි 36/3, වහබ් රියාස් 38/2)
පාකිස්තාන පිල - ඕවර 19.3 කදී කඩුලූ 5 ක් දැවී 173
(මුක්තාර් අහමඞ් 83, අහමඞ් ශේෂාඞ් 55, ගේ‍්‍රම් කී‍්‍රමර් 27/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.