Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අපි‍්‍රකාවට එරෙහිව දෙවැනි එක්දින තරගයත් ජයගත් පාකිස්තානු කී‍්‍රඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයගත්තේය. පෝර්ට් එළිසබෙත්හිදී පැවැති මෙම තරගයේදී පාකිස්තානය ලබාගත් ලකුණු 1 ක තියුණු ජයත් සමගින් 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත් පාකිස්තානු කණ්ඩායම දකුණු අපි‍්‍රකාවේදී එක්දින තරගාවලියක් ජයගත් පළමු ආසියාතික කණ්ඩායම ලෙසද කි‍්‍රකට් ඉතිහාසයට එක්විය.
මෙම ජයග‍්‍රහණයෙන් පසුව පාකිස්තානු නායක මිස්බා උල් හක් පැවසුවේ පාකිස්තානු කී‍්‍රඩකයන් ක‍්‍රම ක‍්‍රමයෙන් තමන්ට හොඳින් කී‍්‍රඩා කළ හැකි යයි යන ආත්මවිශ්වාසය වර්ධනය කරගනිමින් සිටින බවයි.
”ඩුබායි සහ අබුඩාබිහිදී (දකුණු අපි‍්‍රකාවට එරෙහිව) පැවැති තරග වලදී අපට නොතිබුණේත් මේකම තමයි. අප දිනාගත යුතුව තිබූ තරග කිහිපයක් පරාජය වුණේත් එනිසයි.”
”කණ්ඩායමක් හැටියට කී‍්‍රඩා කිරීමේදී මෙය නැවත ඇතිකරගැනීම ඉතාමත් යහපත් දෙයක්” යයිද පාකිස්තානු නායකයා පැවසීය.
තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය හෙට (30 වැනිදා) සෙන්චූරියන්හිදී පැවැත්වේ.
මෙම තරගාවලියෙන් අනතුරුව පාකිස්තානු පිල සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි/20, එක්දින සහ ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මස 11 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ.
වසර 2015 ලෝක කුසලාන තරගාවලිය දක්වාම මිස්බා උල් හක් පාකිස්තානු පිල මෙහෙයවනු ඇතැයි පසුගියදා පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.