Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පීඩනය උත්තේජකයකි

පීඩනය උත්තේජකයකි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු පිරිසට පීඩනය උත්තේජකයකි. පීඩනය නැති විට තරමක් ලෙහෙසියට ගන්නා මැතිව්ස්ලාගේ කට්ටිය කාගේ හෝ සරදමකට ලක්වුවහොත් පවතින තත්ත්වයන් උඩු යටිකුරු කරමින් තරග ජයගනිති.

මෙම තත්්ත්වය හොඳින්ම දැකගතහැකිවූයේ එංගලන්තයේදීය. අදත් එහි වෙනසක් නැත.

තරගයක් සම්බන්ධයෙන් පමණක් නොවේ. තරගයක් අතර මැදදී ප‍්‍රතිවාදී පිතිකරුවන් දෙදෙනකු හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යන අවස්ථාවකදී වුවත් තත්ත්වය එයමයි.

සාර්ථක එංගලන්ත සංචාරයකින් පසුව නිදහසේ සරුංගල් යවමින් සිටි ශී‍්‍ර ලංකා පිලට 6 වැනිදා පැවැති පළමු එක්දින තරගයේදී දකුණු අපි‍්‍රකාව හමුවේ නොසිතූ පරාජයකට මුහුණ දීමට සිදුවිය. එහෙත් හදිසියේම සිිහි එළවාගත් මැතිව්ස් ඇතුළු කණ්ඩායම දුටුවේ තමන් වසර 21 කට පසුව මවු බිමේදීම දකුණු අපි‍්‍රකානුවන් හමුවේ එක්දින තරගාවලියකින් පරාජය වීමේ අවදානමට ලක්ව සිටින බවයි.

පල්ලෙකැළේදී ඊයේ (9 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව කිසිදු පැකිළීමකින් තොරව පිති අතට ගත් මැතිව්ස්ගේ පිරිවර, දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් ගල ග‍්‍රහයෙන් ගනිමින් ලකුණු හඹා ගියෝය. ඒ අතරවාරයේදී ඩිල්ෂාන්ගේ පිත්තෙන් ලකුණු ගලා අවේ ඔහු මුහුණ දුන් පන්දු 10 කට හතරේ පහරක් බැගිනි. ඩිල්ෂාන්ගේ පන්දු 90 පිතිහරඹයෙන් ලකුණු 86 ක් ශී‍්‍ර ලංකා පිලට එක්විය.

අවසන්  ඕවර 10 දී කඩුලූ 6 ක් අතැතිව සිටි නමුත් ඉනිම ලකුණු 267 කට සීමා වීම හේතුවෙන් ශී‍්‍ර ලාංකිකයෝ නැවතත් පීඩනයට ලක්වූහ.

ලසිත් මාලිංග ඉක්මනින් කඩුලූ දෙකක් දවාගත්තත් හසිම් අම්ලා (101) සහ දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් (29) දෙදෙනා පන්දු 88 කදී ලකුණු 75 ක් එක්කරමින් තරගාවලියේ ජය තමන්ගෙන් උදුරාගැනීමට සැරසෙද්දී ඩිල්ෂාන් විසින් දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් දවාගන්නා ලදි. පසුව දග පන්දු යවන්නෝ තරගය කණපිට පෙරළුෑහ.

”අපි ඉතාමත් ධෛර්යසම්පන්න තරග විලාසයක් පෙන්නුම් කළා.. විශේෂයෙන්ම පළමු තරගය පරාජය වුණායින් පස්සේ”

”ඒ වගේ තත්ත්වයක ඉඳලා නැවතත් තරගයක් දිනාගන්න එක අමාරුයි. අපේ උපක‍්‍රම ගැන හිතන්න තිබුනෙත් දින දෙකක් වගේ සුළු කාලයක්. ඒ කොහොම වුණත් මේක අපේ කොල්ලන්ගේ අති විශිෂ්ට උත්සාහයක්. ඩිල්ෂාන් (දියමන්තියක් වගේ) දීප්තියෙන් බබළනවා....ඔහු ඒ දවාගත් කඩුලූ තුනම අපට ඉතාමත් වැදගත් වගේම තීරණාත්මක කඩුලූ 3 ක්” යයි තරගයෙන් පසුව පුවත් පත් සාකච්ඡවට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

පළමු තරගයේදී ලකුණු 75 ක පරාජයකට මුහුණ දුන් නමුත් මෙම තරගය සඳහාත් එදා කණ්ඩායමම යොදාගැනීමට තරම් නායකයා මෙන්ම තේරීම් කමිටුවද ධෛර්යසම්පන්න විය. එහි පදනම වූයේ සරළ තර්කයකි.

”අපට අපේ කී‍්‍රඩකයන් ගැන  විශ්වාසයක් තියෙන්න  ඕනෑ”

”එක තරගයකින් කී‍්‍රඩකයෙක් හොඳ කී‍්‍රඩකයෙක් හෝ නරක කී‍්‍රඩකයෙක් වන්නේ නෑ..ඇරත් එදා තරගය සඳහාත් අප තෝරාගත්තේ අපට තෝරාගත හැකි හොඳම කණ්ඩායමයි. එහෙනම් ඔවුන් ගැන මෙතැනදී විශ්වාසය තැබීමත් වරදක් නෑනේ” යයිද ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.

කෙසේ වෙතත් තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට නම් තමන් පල්ලෙකළේ තරය ජයගත යුතුම බව ශී‍්‍ර ලංකා පිල දැන සිටියේය. ඔවුන් තරගය ජයගත්තේ මෙම පීඩනයට සාර්ථකව මුහුණ දුන් හෙයිනි.

එවන් අවස්ථාවන්හිදී කී‍්‍රඩකයෝ එකාවන්ව දැඩි හැගීමෙන් කී‍්‍රඩා කරති. පිතිහරඹයේදී අයකුගෙන් වන අතපසුවීම් තවෙකකු විසින් අස්වසාලනු ලැබෙයි. කඩුල්ලක් දවාගත් සැණෙකින් නැතහොත් දක්‍ෂ ලෙස උඩපන්දුවක් රැකගත් සැණෙකින් දිවගොස් ඔහුගේ සිරුර මතට පැන සතුට පළකරයි. ජ්‍යෙෂ්ඨයන්ද නැතහොත් කනිෂ්ඨයන්ද කියා එහි වෙනසක් නැත.

පොදු සාමාජයේ අප නොදකින, කි‍්‍රකට් පිටියේදී පමණක්ම දකින සුවිශේෂී තත්ත්වය මෙයයි. දරාගත නොහැකි තරම් පීඩනයකදී ලබන සාර්ථකත්වයේ රහසද එයමැයි.

තරගයේදී කාසියේ වාසිය ශී‍්‍ර ලංකා පිලට හිමිවීම ශී‍්‍ර ලංකා පිලේ සැලසුම් සමග කදිමට ගැලපුණි. ඉතාමත් විශිෂ්ට ගණයේ වමත් දග පන්දු යවන්නකු වන රංගන හේරත් කී‍්‍රඩාගාරයේ තබා තරගයට ගැලපෙන දග පන්දු යවන්නන් සමග සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කළ තෝරා ගැනීම අසීරු තීරණයක් නොවිණ. එහෙත් ලකුණු 260 ක් පමණ හඹා යන්නට සිදුවූයේ නම් එයද ප‍්‍රශ්නයක් විය හැකිව නොතිබූ බව ඇන්ජලෝ මැතිව්ස් කියයි.

මැතිව්ස්ගේ ඉලක්කය වූයේ ලකුණු 260 පසුකර යාමයි. 40 වැනි  ඕවරය දක්වාත් කඩුලූ රැකගත්තේ අවසන්  ඕවර කිහිපයේදී අත දිගහැර පහර දීමේ අටියෙන් වුවද රයාන් මැක්ලරන් පැමිණ එකම  ඕවරයකදී මැතිව්ස්, නුවන් කුලසේකර සහ අශාන් ප‍්‍රියන්ජන් දවාගනිමින් තරගය එහැම පිටින්ම ඒ. බී. ඩිවිලියර්ස්ගේ අතට බාර කළේය.

මහේල ජයවර්ධන යනු කලක් පිඹුරු දඩයම් කළ අයෙකි. 2004 සිට 2012 දක්වා ඔහුගේ හොඳම සමය විය. මේ වන විට මහේල ජයවර්ධන යනු ‘ජීවමාන පුරාවෘතයක්’ කි. තමන්ගේ දස්කම් හරියටම අවශ්‍යවන මොහොත දක්වා සුරැුකිව තබාගන්නා වචනයේ පරිසමාප්ත අර්ථයෙම් ‘ප‍්‍රවීණයෙකි’.

”අපට ඉතාම බලවත් අවශ්‍යතා පවැති සෑම මොහොතකදීම ඔහු කණ්ඩායම ගලවාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වුණා. ආසියානු කුසලාන අවසන් තරගය වගේම එංගලන්තයට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයත් මට මතක් වෙනවා”

එංගලන්තයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 79 ක් ලබාගනිමින් තමන් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා සම්බන්ධයෙන් මැතිව්ස් පැවසීය.

”ඔහු විතරක් නෙමේ..සංගක්කාරත් නිතරම ලකුණු අතර සිටියා. ඩිල්ෂානුත් එහෙමයි...ලසිත් මාලිංග වුණත් වේලාසනින්ම දවාගත් කඩුලූ දෙක අපට හරිම වැදගත් වුණා,

”සෑම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෙක්ම ඔවන්ගේ උපරිම දායකත්වය කණ්ඩායමට දෙනවා. තරුණයන් ඒවායින් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට තියෙනවා” යයිද පල්ලෙකැළේ එක්දින තරගයෙන් පසුව මැතිව්ස්

මේ කාගේ හෝ මූණඉච්ඡවට මැතිව්ස් විසින් කියන ලද කතාවක් නොවේ. වසර ගණනාවක් තිස්සේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරම්පරා එකින් එක පරිණත වූ ආකාරයේ සත්‍ය කතාවයි. මැතිව්ස්ගේ ප‍්‍රකාශයේ ඇත්ත නැත්ත දැකගැනීමට තවත් වසර 5 ක් පමණ ගතවන තුරු ඉවසීමෙන් බලාසිටිය යුතුය.

පල්ලෙකැළේ කී‍්‍රඩාංගණය ඩිල්ෂාන් වෙනුවෙන්ම තැනුවාදෝයි සිතෙන තරම්ය. මෙම කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 11 කට සහභාගි වු ඩිල්ෂාන් ඒවායේදී ශතක 5 ක් සහ අර්ධ ශතකයක් (86) සමගින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 768 කි. ඉනිමක සාමාන්‍යය 96.00  කි. පන්දු යැවීමෙන් කඩුලූ 9 කි.

”මා පල්ලෙකැළේට එන සෑම අවස්ථාවකදීම වැඩිපුර යමක් කරන්න පුළුවන් කියා මට දැනෙනවා. ඒක පිත්තෙන් විතරක් නෙමේ. පන්දුව අතට ගත්තාමත් එහෙමයි”

”අදත් පන්දුවට පහර දෙන්න එන්න කලින් නායකයා කිව්වා ලකුණු ගහන්න පුළුවන් කියලා..මේ කී‍්‍රඩාංගණයේ තව තවත් තරග තියෙනවා නම් ඒ තරගවලදී තවත් හොඳින් කී‍්‍රඩා කරලා වාර්තාවකට වුණත් යන්න පුළුවන්” යයි තරගයේ වීරයා වූ ඩිල්ෂාන් තරගයෙන් අනතුරුව පැවසීය.

කෙසේ වෙතත් ඩිල්ෂාන්ට වැදගත් වන්නේ තරගයේ වීරයා සම්මානය නොව කණ්ඩායම ජයග‍්‍රහණය කිරීමයි.

”මා සතුටු වන්නේ කණ්ඩායම ජයග‍්‍රහණය කිරීමට උපකාරී වීම ගැනයි. එත් ශතකයක් ලබාගත හැකිව තිබූ අවස්ථාවක් ම`ගහැරී යාම ගැන නම් තරමක කණගාටුවක් තියෙනවා” යයිද ඩිල්ෂාන් පැවසීය.

පසුගිය අඩ දශකය පුරාම ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරුවා වූ ඩිල්ෂාන් පන්දුවට පහර දීමේදී අනුගමනය කළේ එකම රටාවකි. එනම් තමන්ගේ සහායක ආරම්භක පිතිකරුවා කවුරුන් වුවද එදා දිනයේදී පන්දුවට හොඳින් පහර දෙන්නාට වැඩි අවස්ථාව දීම හෝ ලබාගැනීමයි.

ඊයේ තරගයේදී තමන් හොඳින් පන්දුව දකිමින් ලකුණු ලබාගැනීම නිසා පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාව ඩිල්ෂාන් ලබාගත්තේය.

”අප සෑම තරගයක්ම සලකන්නේ සම්පූර්ණයෙන්ම අලූත් තරගයක් ලෙසයි. අද මගේ දවස නිසා මා ලකුණු ලබාගත්තා. යම් විදියකින් කුසල් හොඳින් පන්දුවට පහර දෙනවා නම් මම එක ලකුණක් තල්ලූ කරලා ඔහුට අවස්ථාව දෙනවා. අපේ සැලසුම එයයි” යයිද තරගයෙන් අනතුරුව ඩිල්ෂාන් පැවසීය.

මෙම තත්ත්වය අනුව ලබන සෙනසුරාදා (12 වැනිදා) හම්බන්තොටදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන එක්දින තරගය ඉතාමත් උද්වේගකර තරගයක් වනු නිසැකය.

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (6)

පීඩනය උත්තේජකයකි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.