Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මගේම පිතිකරුවන් සමග සටනක් නෑ

මගේම පිතිකරුවන් සමග සටනක් නෑ

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අෂාන් ප‍්‍රියංජන් සහ ෆාවාඞ් අලාම් මාධ්‍ය හමුවෙන් පසුව..


ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජාතික කණ්ඩායම නියෝජනය පිතිකරුවන් රැසක් ඇතුළත්ව සිටිය ද එය සටනක් බවට පත්නොකරගෙන කණ්ඩායම මෙහෙයවන බව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක අෂාන් ප‍්‍රියංජන් පවසීය.

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර ලබන ඉරිදා (26 වැනිදා) මාතරදී ආරම්භ වන තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී අද (23) පැවැති මාධ්‍ය හමුවේදී අෂාන් වැඩි දුරටත් මෙසේ පැවසීය.

‘‘මහේල සහ සංගක්කාරගේ අඩුව ලෙහෙසියෙන් පුරවන්න හැකි වෙයි කියලා මම හිතන්නේ නෑ. කණ්ඩායමේ සිටින සෙසු ක‍්‍රීඩකයන් සමඟ මම සටනක් ඇතිකර ගන්නනෙත් නෑ. නායකයා හැටියට කණ්ඩායම මෙහෙයවනවා’’   

‘‘මට ඉතාමත් හොඳ කණ්ඩායමක් ලැබී තිබෙනවා. ජාතික කණ්ඩායම නියෝජනය කළ පන්දු යවන්නන් රැසක් මේ කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. තරගාවලිය හොඳින් ක‍්‍රීඩා කිරීම තමයි බලාපොරොත්තුව’’ යැයි අෂාන් වැඩි දුරටත් පැවසීය.

පාකිස්තානු ‘ඒ’ පිලේ නායක ෆාවාඞ් අලාම් පැවසුවේ පාකිස්තානු ‘ඒ’ පිලකට කාලයකට පසුව ලැබුණු මෙම ‘ඒ’ සංචාරය ඉතාමත් වැදගත් බවයි.

‘‘තරුණ ක‍්‍රීඩකයන්ට කාලයකට පසුව දස්කම් දැක්වීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම තරගාවලිය ජාතික කණ්ඩායමට එන්න හොඳම අවස්ථාවක්’’


‘‘පාකිස්තානු ජාතික කණ්ඩායම ලබන ජූනි මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වෙනවා. ඒ වෙනුවෙන් පරිසරයට හුරුවීමට මේක වටිනා අවස්ථාවක්’’ යැයි අලාම් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු රොමේෂ් කළුවිතාරණ මහතා මෙම තරගාවලිය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

‘‘ලෝක කුසලාන තරගාවලියක් අවසන් වුණාම අලූත් අදහස් එනවා. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කීපදෙනෙක් ඉවත් වුණා. නවක ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලැබී තිබෙනවා.

 ‘ඒ’ කණ්ඩායමේ සිටි ක‍්‍රීඩකයන් අටක් පමණ ජාතික කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගෙන ඉන්නවා. මෙම තරගාවලියෙන් ක‍්‍රීඩකයන් කීප දෙනෙක් සොයා ගන්න මම බලාපොරොත්තු වෙනවා’’

පාකිස්තානු ‘ඒ’ පිලේ පුහුණුකරු ලෙස පාකිස්තානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන මොහොමඞ් අක්රම් කටයුතු කරයි.

 


ඡායාරූපය: චානුක කුලසේකර


අදහස් (0)

මගේම පිතිකරුවන් සමග සටනක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.