Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු 106 ක් ලබාගනිමින් තවමත් පිටියේ රැඳී සිටින මහේල ජයවර්ධන 11,000 වැනි ටෙස්ට් ලකුණු සඳහා තවත් ලකුණු 83 ක් පසුපසින් සිටී.
වසර 137 ක ටෙස්ට් කි‍්‍රකට ඉතිහාසයේදී ටෙස්ට් ලකුණු 11,000 කඩයිම මෙතෙක් පසුකර ගොස් ඇත්තේ පිතිකරුවන් පස් දෙනකු පමණි.
මහේල ඊයේ (9 වැනිදා) සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 32 වැනි ශතකය රැස් කරමින් ලෝක ටෙස්ට් ක‍්‍රිකට් වංශ කථාවේ වැඩිම ශතක ලාභීන් අතර අටවැනි තැනට පත්විය. ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර ශතක 33 ක් රැස්කරමින් හත්වැනි ස්ථානයේ පසු වෙයි.
ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ශතක 51 ක්ද සමගින් ටෙස්ට් ලකුණු 15,921 ක් රැස්කරමින් පිතිකරුවන් අතර පෙරමුණේ පසු වෙයි.
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩි ශතක ලාභයෝ | ||||||||
ක්‍රීඩකයා | තරග | ඉනිම් | නො | ලකුණු | වැ/ල | සාමාන්‍ය | ශතක | 50 |
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) | 200 | 329 | 33 | 15921 | 248* | 53.78 | 51 | 68 |
රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව) | 168 | 287 | 29 | 13378 | 257 | 51.85 | 41 | 62 |
ජැක් කලිස් (දකුණු අප්‍රිකාව) | 166 | 280 | 40 | 13289 | 224 | 55.37 | 45 | 58 |
රාහුලි ද්‍රාවිඩ් (ඉන්දියාව) | 164 | 286 | 32 | 13288 | 270 | 52.31 | 36 | 63 |
බ්‍රයන් ලජරා (බ.ඉ.කොදෙව්) | 131 | 232 | 6 | 11953 | 400* | 52.88 | 34 | 48 |
ශිව්නරීන් චන්දපෝල් (බ.ඉ.කොදෙව්) | 153 | 261 | 45 | 11219 | 203* | 51.93 | 29 | 62 |
ඇලන් බොඩර් (ඕස්ට්‍රේලියාව) | 156 | 265 | 44 | 11174 | 205 | 50.56 | 27 | 63 |
ස්ටීව් වෝ (ඕස්ට්‍රේලියාව) | 168 | 260 | 46 | 10927 | 200 | 51.06 | 32 | 50 |
මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) | 140* | 235 | 15 | 10917 | 374 | 49.62 | 32 | 45 |
කුමාර සංගක්කාර (ශ්‍රී ලංකාව) | 119* | 203 | 16 | 10583 | 287 | 56.59 | 33 | 43 |
සුනිල් ගවස්කාර් (ඉන්දියාව) | 125 | 214 | 16 | 10122 | 236* | 51.12 | 34 | 45 |
ග්‍රේම් ස්මිත් (දකුණු අප්‍රිකාව) | 114 | 199 | 13 | 9220 | 277 | 49.56 | 27 | 38 |
කෙටි යෙදුම්: වැ/ල - වැඩිම ලකුණු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.