Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෙන්ඞ්ල් සිමන්ස් (නොදැවී 76) සහ මයික් හසීගේ (60) දක්ෂ පිතිහරඹය නිසා ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් පිලට එරෙහිව සහීඞ් වීර් නාරායන් සිං කී‍්‍රඩාංගණයේ අද (14) පැවති ශූරයන්ගේ විස්සයි 20 ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ පළමු වටයේ සිව්වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කී‍්‍රඩකයෝ කඩුලූ 9 ක ජයක් හිමිකරගත්හ.
මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම සිය ඕවර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 161 ක් ලබාගැනීමට සමත් විය. මෙහිදී වේගවත් ඉනිමක් කී‍්‍රඩාකළ ෆර්විස් මහරුෆ පන්දු 22 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 41ක් ලබාගත්තේය.
ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිල එය ඕවර 16.2 කදී එක් කඩුල්ලක් දැවී සම්පූර්ණ කරගැනීමට සමත් විය.
පළමු කඩුල්ල සඳහා ලෙන්ඞ්ල් සිමන්ස් සහ මයික් හසී ලකුණු 139ක සබඳතාවක් ගොඩනැංවූහ. පන්දු 51කදී නොදැවී ලකුණු 76ක් ලබාගත් ලෙන්ඞ්ල් සිමන්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඇතුළත් විය. පන්දු 40 කට මුහුණ දුන් මයික් හසී හතරේ පහර 5ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 60 ක් රැස්කළේය.
සදර්න් එක්ස්ප‍්‍රස් පිල ඕවර 20කදී කඩුලූ 6ට 161යි
(ධනුෂ්ක ගුණතිලක 30, ජෙහාන් මුබාරක් 16, ඇන්ජලෝ පෙරේරා 28, සීකුගේ ප‍්‍රසන්න 15, ෆර්විස් මහරුෆ නොදැවී 41, ජලාජ් සක්සේනා 3/1)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 16.2 කදී කඩුලූ 1 ට 165 යි
(ලෙන්ඞ්ල් සිමන්ස් නොදැවී 76, මයික් හසී 60, කිරන් පොලාඞ් නොදැවී 20)
තරගයේ වීරයා - ලෙන්ඞ්ල් සිමන්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.