Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මුම්බායි ඉන්දියන්ස් පිල ප්‍රධාන තරගාවලියෙන් ඉවතට

මුම්බායි ඉන්දියන්ස් පිල ප්‍රධාන තරගාවලියෙන් ඉවතට

ශනුක අරවින්ද - 2014 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයනගේ විස්සයි20 ලීග් කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ 6 වැනි තරගය ලෙස ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් පිල සහ නවසීලන්තයේ නොදර්න් දිස්ති‍්‍රක් පිල අතර අද (16 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට නොදර්න් දිස්ති‍්‍රක් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය නොදර්න් දිස්ති‍්‍රක් පිල ඕවර 17.2 අවසානයේ කඩුලූ 4 පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී ඇන්ටන් ඩෙව්සිච් (39) සහ කේන් විලියම්සන් (53) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 83 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනඟමින් නොදර්න් දිස්ති‍්‍රක් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 36 කදී වාර්තා වූ කේන් විලියම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ නොදර්න් දිස්ත්‍රික් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 132 ක් ලබා ගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක කිරන් පොලාඞ් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් රැස්කළේය.

කණ්ඩායමේ 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලසිත් මාලිංග, පන්දු 8 කදී වේගවත් ලකුණු 20 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

ටිම් සවුති සහ ස්කොට් ස්ටයිරීස් කඩුලූ 3 බැගින් දවාලමින් මුම්බායි ඉන්දියන්ස් ඉනිම අඩ පණ කළහ.

කාසියේ වාසිය දිනූ නොදර්න් දිස්ති‍්‍රක් පිල, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා මුම්බායි ඉන්දියන්ස් පිලට ආරාධනා කළේය.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 132
(ලෙන්ඞ්ල් සිමන්ස් 13, කිරන් පොලාඞ් 31, ශ්‍රෙයාස් ගෝපාල් 24, ලසිත් මාලංග 20, ටිම් සවුති 24/3, ස්කොට් ස්ටයිරීස් 21/3)

නොදර්න් දිස්ති‍්‍රක් පිල - ඕවර 20 කදී කඩුලූ 17.2 ක් දැවී 133
(ඇන්ටන් ඩෙව්සිච් 39, කේන් විලියම්සන් 53, ඩරිල් මිචෙල් නොදැවී 16, ජස්පී‍්‍රත් බුම්රා 26/2)

036

 


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පිල ප්‍රධාන තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.