Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විටෙක වටහාගත නොහැකි අයුරින් හැසිරෙන එස්. එස්. සී. තණතීරුවේදී ශතකය අහිමිවී යාම ගැන තමන් මහත් කණගාටුවන බව උපුල් තරංග පවසයි. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වූ අද (14 වැනිදා) ශතකය පෙනි පෙනී සිටියදී තරංග දැවී ගියේය.
”මේ තණතීරුව වෙලාවකට වටහාගන්න බෑ. පන්දුව හිටපු ගමන් ඔලූවට උඩින් යනවා. ආයෙමත් හිතාගන්න බැරි විදිහට පන්දුව පහතින් සෙමින් එනවා....ඒ විතරක් නෙමේ. එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ අපි මීට පෙර දැකලා නැති විදිහට, පළමු දිනයේම පන්දුව දග කැවෙනවා” යයි උපුල් තරංග අද සවස තරගයෙන් අනතුරුව පැවසීය.
තේ පානය වන විට කඩුලූ 2 කට ලකුණු 162 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම තේ පානයත් සවස කී‍්‍රඩාව නතර කිරීමත් අතර කාලයේදී කඩුලූ 6 ක් අහිමි කරගත්තේය. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉලක්කය වන්නේ හෙට දිනයේදී ලකුණු 300 කඩයිම පසුකර යාමයි. ඒ වෙනුවෙන් සියලූම උත්සාහයන් දැරීමට ඔව්හු සූදානම් වෙති.
”අපට තවත් කඩුලූ දෙකක් ඉතිරි වෙලා තිබෙනවා. ලකුණු කීයක් ලැබුණත් ඒ හැම ලකුණක්ම අපට වැදගත්. පළමු ඉනිමේ ලබාගන්නා ලකුණු සංඛ්‍යාව ඉතාමත් වැදගත්” යයිද තරංග පැවසීය.
දිමුත් කරුණාරත්න නැවතත් කණ්ඩායමට කැඳවීම තමන්ට පීඩනයක් නොවන බව පැවසූ තරංග තමන් ටෙස්ට් කණ්ඩායමට එක්වූයේ කලකට පසුව බැවින් කණ්ඩායමේ රැඳී සිටීමට නම් ලකුණු ලබාගත යුතු බවත් පැවසීය.
”මා පසුගිය තරග වලදී ලබාගත්තේ ලකුණු 20 ක් 30 ක් වගේ ගණනක්. ඒත් කණ්ඩායමේ රැඳී ඉන්න එහෙම බෑ. දිගු ඉනිම කරා යන්න ඕනෑ” යයි පැවසූ තරංග අද තරගයේදී තමන්ගේ උඩපන්දුව රැකගත් අසාර් අලිගේ දක්‍ෂ පන්දු රැකීම අගය කිරීමටද පසුබට නොවීය.
කෙසේ වෙතත් මෙම තණතීරුවේදී පහර කරා යාම ඉතාමත් අසීරු වෙමින් තිබේ. එවන් තත්ත්වයක් හමුවේ පාකිස්තානු ඉනිම ආරම්භයේදීම කඩුලූ කිහිපයක් දවාගැනීම මගින් ප‍්‍රතිවාදීන් පීඩනයට ලක්කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට ඇත.
එහි ඇති වාසිදායක තත්ත්වය වන්නේ සිවුවැනි වතාවට පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානුවන්ට හිමිවන බැවිනි.
ඡායාරූපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.