Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරිපෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය නිසා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති විස්සයි/20 තරගයේදී උතුර යෙළෝස් පිල පරදවා ලකුණු 21 ක පහසු ජයක් ලබාගැනීමට රුහුණු රෙඞ්ස් කණ්ඩායම සමත් විය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අල්ට‍්‍රා ටෙක් ‘සුපිරි 4’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ සිවුවැනි තරගය මෙයයි.
ලකුණු 163 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය උතුර යෙළෝස් පිලට ඕවර 20 ක් අවසානයේදී ලබාගත හැකිවූයේ ලකුණු 141 ක් පමණි.
උතුරු යෙළෝස් පිලේ නායක දිනේෂ් චන්දිමාල් පන්දු 40 කට මුහුණ දෙමින් ලකුණු 50 ක් ලබාගත් නමුත් රුහුණු පිලේ ඉෂාන් ජයරත්නගේ පන්දු යැවීම හමුවේ යෙළෝස් පිලේ සෙසු පිතිකරුවෝ පසුබැස ගියහ. දකුණතින් මඳ වෙග පන්දු යවන ඉෂාන් ජයරත්න පන්දු 16 ක් යවමින් ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගත්තේ තම පිලේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.
චන්දිමාල් හැරුණු විට උතුරු පිල වෙනුවෙන් මහේල ජයවර්ධන ලකුණු 36 ක්ද මහේල උඩවත්ත ලකුණු 34 ක්ද ලබාගත් අතර ඉලක්කම් දෙකකින් කියැවෙන ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ මෙම පිතිකරුවන් තිදෙනා පමණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් රුහුණ රෙඞ්ස් කී‍්‍රඩකයෝ උතුර යෙළෝස් පිලට එරෙහිව ඕවර 20 ක් අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට සමත් වූහ. අලංකාර හතරේ පහර 4 ක් සහිතව පන්දු 8 කදී ලකුණු 18 න් ලබාගැනීමට තිලකරත්න ඩිල්ෂාන් සමත් වූ අතර ෆර්වීස් මහරුෆ් පන්දු 17 කින් ලකුණු 21 ක් ලබාගත්තේය.
පන්දු 24 කට මුහුණ දුන් කුසල් ජනිත් පෙරේරා, හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද සමගින් ලකුණු 28 ක් ලබාගත් අතර පිතිකරු ලයිස්තුවේ උසස්වීමක් ලද සීක්කුගේ ප‍්‍රසන්න පන්දු 17 කදී ලකුණු 26 ක් ලබාගත්තේය.
කෞෂාල් වීරරත්න දැවී යාමෙන් පසුව එක්වූ ජෙහාන් මුබාරක් (නොදැවී 31) සහ ඇන්ජලෝ පෙරේරා (20) 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක් එක් කළහ. තිසර පෙරේරා කඩුලූ දෙකක් දවාගත් නමුත් ඔහුගේ ඕවර 4 න් ලකුණු 36 ක් ලබාගැනීමට රුහුණු කී‍්‍රඩකයෝ සමත් වූහ.
ලකුණු පුවරුව
රුහුණ රෙඞ්ස්
කුසල් ජනිත් - ඇ.උඩවත්ත ප.බොරලැස්ස 28
තිලකරත්න ඩිල්ශාන් - ප.එරංග 18
ෆරවීස් මහරූෆ් - ඇ.ප‍්‍රියන්ජන් ප.ධනංජය 21
සීක්කුගේ ප‍්‍රසන්න - ඇ.බොරලැස්ස ප.පෙරේරා 26
කෞෂාල් වීරරත්න - ඇ.ප‍්‍රනාන්දු ප.පෙරේරා 7
ඇන්ජලෝ පෙරේරා - ඇ.චන්දිමාල් ප.ප‍්‍රනාන්දු 20
ජේහාන් මුබාරක් - නොදැවී 31
ඩිල්රුවන් පෙරේරා - නොදැවී 0
අතිරේක 11
එකතුව ඕවර 20 කදී කඩුලූ 6ක් දැවී 162
කඩුලු වැටීම: 1-25 (ඩිල්ශාන්), 2-68 (මහරූෆ්), 3-85 (ජනිත්), 4-105 (ප‍්‍රසන්න), 5-107 (වීරරත්න), 6-160 (ඇන්ජලෝ පෙරේරා)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ: ලසිත් මාලිංග, ඉෂාන් ජයරත්න, යශෝධ ලංකා
පන්දු යැවීම:
ශමින්ද එරංග : 4-0-33-1, තිසර පෙරේරා : 4-0-36-2, දිල්හාර ප‍්‍රනාන්දු : 4-0-37-1, සොහාන් බොරලැස්ස : 3-0-20-1, අකිල ධනංජය : 4-0-21-1, ජීවන් මෙන්ඩිස් : 1-0-10-0
උතුර යෙලෝස්
මහේල උඩවත්ත - ඇ.ඩිල්රුවන් පෙරේරා ප.වීරරත්න 34
මහේල ජයවර්ධන - ඇ.ජනිත් ප.ජයරත්න 36
දිනේෂ් චන්දිමාල් - ඇ.මුබාරක් ප.මාලිංග 50
චාමර කපුගෙදර - දුවද්දී දැවී ගියා 2
ජීවන් මෙන්ඩිස් - ඇ.මුබාරක් ප.මාලිංග 3
තිසර පෙරේරා - ඇ.ඩිල්රුවන් පෙරේරා ප.මහරූෆ් 5
අශාන් ප‍්‍රියන්ජන් - ඇ.ප‍්‍රසන්න ප.මහරූෆ් 1
ශමින්ද එරංග - ඇ.මාලිංග ප.ජයරත්න 2
සොහාන් බොරලැස්ස - නොදැවී 1
අකිල ධනංජය - ඇ.ඩිල්ශාන් ප.ජයරත්න 0
දිල්හාර ප‍්‍රනාන්දු - ප.ජයරත්න 0
අතිරේක 11
එකතුව ඕවර 19.4 කදී සියළු දෙනා දැවී 141
කඩුලු වැටීම: 1-59 (ජයවර්ධන), 2-91 (උඩවත්ත), 3-104 (කපුගෙදර), 4-111 (මෙන්ඩිස්), 5-123 (පෙරේරා), 6-134 (ප‍්‍රියන්ජන්), 7-139 (චන්දිමාල්), 8-140 (එරංග), 9-141 (ධනංජය), 10-141 (ප‍්‍රනාන්දු)
පන්දු යැවීම:
ෆරවීස් මහරූෆ් : 4-0-28-2, ලසිත් මාලිංග : 4-0-30-2, ඉෂාන් ජයරත්න : 3.4-0-23-4, තිලකරත්න ඩිල්ශාන් : 4-0-28-0, ඩිල්රුවන් පෙරේරා : 3-0-16-0, කෞෂාල් වීරරත්න : 1-0-8-1, සීක්කුගේ ප‍්‍රසන්න: 1-0-5-0
ඡායාරූපය: ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.