Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ලාහෝර් ලයන්ස් පිලට ලකුණු 55 ක ජයක්

ලාහෝර් ලයන්ස් පිලට ලකුණු 55 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ 5 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් පිල සහ පාකිස්තානයේ ලාහෝර් ලයන්ස් පිල අතර අද (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 55 ක පහසු ජයක් අත්කර ගැනීමට ලාහෝර් ලයන්ස් පිල සමත්විය.

ඒ අනුව සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග 3 කට සහභාගී වූ සදර්න් එක්ස්ප‍්‍රස් පිල, එම තරග 3 න්ම පරාජයට පත්විය.

ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය සදර්න් එක්ස්ප‍්‍රස් පිලට  ඕවර 18 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 109 ක් පමණි.

සදර්න් එක්ස්ප‍්‍රස් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ජෙහාන් මුබාරක් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් රැස්කළේය.

සදර්න් පිලේ මුල් පිතිකරුවන් තිදෙනාම, මුලූ ලකුණු සංඛ්‍යාව 36 ක් වන විට ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යැවීමට වේග පන්දුයවන කී‍්‍රඩක අයිශාස් චීමා සමත්විය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් ලයන්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 දැවී ලකුණු 164 ලබා ගත්තේය.

ලාහෝර් ලයන්ස් පිලේ නායක මෙහොමඞ් හෆීස්, පන්දු 40 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 67 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.

සාද් නසීම් (31) සමග එක්ව ලයන්ස් ඉනිමේ 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 75 ක සමබන්ධතාවක් ගොඩනැගූ මොහොමඞ් හෆීස්, ලාහෝර් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ලයන්ස් පිලේ ආරම්භක පිතිකරු යුගලය වන උමාර් සිද්ධික් (18) අහමඞ් ශේෂාඞ් (29) පළමු කඩුල්ල සඳහා ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලාබාදුන්හ.

සදර්න් එක්ස්ප‍්‍රස් පිල වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ ෆර්ව්ස් මහරුෆ්  ඕවර 4 ක් යවමින් ලකුණු 28 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ සදර්න් එක්ස්ප‍්‍රස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ලාහෝර් ලයන්ස් පිලට ආරාධනා කළේය.

ලාහෝර් ලයන්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 164
(උමාර් සිද්ධික් 18, අහමඞ් ශේෂාඞ් 29, මෙහොමඞ් හෆීස් 67, සාද් නසීම් 31, ෆර්ව්ස් මහරුෆ් 28/3)  

සදර්න් එක්ස්ප‍්‍රස් පිල -  ඕවර 18 කදී සියලූ දෙනා දැවී 109
(තිලකරත්න සම්පත් 18, ජෙහාන් මුබාරක් 35, ඇන්ජලෝ පෙරේරා 16, ඉෂාන් ජයරත්න 16, අයිසස් චීමා 15/3, වහබ් රියාස් 20/2, අඞ්නාන් රසූල් 32/2)

-036

 


අදහස් (1)

ලාහෝර් ලයන්ස් පිලට ලකුණු 55 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.