Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නෑ

ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නෑ

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (29) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මාතරදී පැවැති පළමු තරගයෙන් කඩුලූ 8 ක ජයක් ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට මෙම තරගයේදී ද පළමු තරගයට ක‍්‍රීඩා කළ 11 දෙනාම ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කඵවිතාරණ මහතා ඊයේ (28) පස්වරුවේ පුහුණු සැසියෙන් පසුව පැවසීය.

කණ්ඩායමේ සූදානම පිළිබදව අදහස් දක්වමින් කඵවිතාරණ මහතා මෙසේ පැවසීය.  

”කණ්ඩායමේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු තියාගමු පළමු තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායම ක‍්‍රීඩා කරයි කියලා. මොකද තරග ජයග‍්‍රහණය කිරීම වැදගත් ඒ වගේම ඒ කණ්ඩායම හැටියට ක‍්‍රීඩකයන්ට අවස්ථාව බාදීමත් වැදගත්”

”ක‍්‍රීඩකයන් මොන තත්ත්වයේ ද ඉන්නේ, දුන්න අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්ත ද, ජාතික කණ්ඩායමට යන්න සුදුසු ද, අද සියයක් ගහලා හෙට මොකද කරන්නේ කියලා ගොඩක් දෙවල් බලන්න තියෙනාව”

”වේග පන්දු යවන්නන් තිදෙනා ඒ විදියටම ක‍්‍රීඩා කරයි. මේ තරගයෙන් පසුව කණ්ඩායමේ වෙනසක් කිරීම පිළිබදව බලනවා. සදකැන්, බිනුර, ධනංජය ද සිල්වා යන ක‍්‍රීඩකයන් ඉන්නවා. කණ්ඩායමේ සිටීමෙන් ද ඔහුන්ට හොද අත්දැකීම් ලැබෙනවා.

පළමු තරගයේ ජයග‍්‍රහණයෙන් පසුව කණ්ඩායමේ මානසික තත්ත්වය පිළිබදව කඵවිතාරණ මහතා මෙසේ අදහස් දැක්වීය.    

‘‘තරග තුනක් තියෙනවා පළමු තරගය හොදින් ක‍්‍රීඩා කරා කියලා අපිට සූදානම සහ හිතන ආකාරය වෙනස් කරන්නේ නෑ. එදා ක‍්‍රීඩා කළ ආකාරය ගැන කණ්ඩායම හොද විශ්වාසයකින් ඉන්නවා. ඒ තරගයේදීත් අපේ සුඵ සුඵ අඩුපාඩු තිබුණා එවා හදාගෙන ඉස්සරහයට යා යුතුයි”

”පාකිස්කානු කණ්ඩායම පළමු තරගයට වඩා හොදින් දෙවැනි තරගය ක‍්‍රීඩා කරයි. පළමු තරගයේදී ඔවුන්ට තණතිරුව සහ පරිසරය ගැන හො`ද අවබෝදයක් තිබුණේ නෑ. නමුත් පාකිස්තානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. මේ තරගය ජය ලබා තරගාවලිය ජය ගන්න බලාපොරොත්තු වෙනවා.

”කුසල් පසුගිය තරගයේදී හොදින් ක‍්‍රීඩා කළා. ඔහුගේ අබාධය දැන් සුවයි. අපි ඔහුගෙන් දිගින් දිගටම ලකුණු කරයි කියලා බලාපොරොත්තු වෙනවා”

පාකිස්තානු කණ්ඩායම ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වූ අතර එහිදී එම කණ්ඩායමේ නිලධාරියකු පැවසුවේ පළමු තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් පමණ විය හැකි බවයි.

ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය:
අෂාන් ප‍්‍රියංජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, කිත්රුවන් විතානගේ, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, ළහිරු මධුසංඛ, තරිදු කෞෂාල්, ලක්‍ෂාන් සදකැන්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප‍්‍රනාන්දු සහ නිසල තාරක

පාකිස්තානු ‘ඒ’ එක්දින සංචිතය:
ෆාවාඞ් අලාම් (නායක), උමීර් අමීන් (උප නායක), කුරාම් මන්සූර්, උමීන් සිද්දික්, අලී වකාස්, ඉම්මාද් වසිම්, ශෆාර් ගොහාර්, ශෂුබ් අහ්මඞ්, මීර් හම්ෂා, බිලාවල් බට්ටි, මොහොමඞ් රිස්වාන්, මුක්තාර් අහ්මඞ්, සාද් නසීම්, එසාන් අදිල්, ඉස්රාර් උල්හා සහ තබීෂ් ඛාන්

 


අදහස් (0)

ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.