Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ලොව උසම වේග පන්දු යවන්නා එයි

ලොව උසම වේග පන්දු යවන්නා එයි

ශනුක අරවින්ද - 2014 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ ලොව උසම වේග පන්දු යවන්නා ලෙස හැදින්වෙන මොහොමඞ් ඉර්ෆාන් ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා පකිස්තාන් සංචිතයට කැඳවීමට එරට ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.  

ශ‍්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී පකිස්තානු පිලේ ප‍්‍රධාන වේග පන්දු යවන්නකු වන ජුනයිඞ් ඛාන්ගේ හිසට පන්දුව වැදීමෙන් ඇතිවූ අපහසුතාව නිසා මොහොමඞ් ඉර්ෆාන් කැඳවා තිබේ. ඉර්ෆාන් අඩි හතයි අගල් 1 ක් උසැති ක‍්‍රීඩකයකු වන අතර ඔහු මේ වන 32 හැවිරිදි වියේ පසුවේ.

පකිස්තානය වෙනුවෙන් එක්දින තරග 27 කදී කඩුලූ 39 ක් සහ ටෙස්ට් තරග හතරකදී කඩුලූ 10 ක් බිද දැමීමට ඉර්ෆාන් සමත්ව තිබේ.

- 033


අදහස් (0)

ලොව උසම වේග පන්දු යවන්නා එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.