Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 විකාශන අයිතිය ජාතික රූපවාහිනියට

විකාශන අයිතිය ජාතික රූපවාහිනියට

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම සහභාගී වන අන්තර්ජාතික කි‍්‍රකට් තරග ශ්‍රී ලංකාව තුළ විකාශනය කිරීමේ නිල අයිතිය ජාතික රූපවාහිනී සංස්ථාවට ලබාදීමට කි‍්‍රකට් අතුරු කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ කි‍්‍රකට් තරග විකාශනය කිරීමේ නිල අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ලබාගත් මිල ගණන් සහ අදාළ ලිපි ලේඛණ සැළකිල්ලට ගනිමින් ඉකුත් 4 වැනිදා පස්වරුවේ පැවැති කි‍්‍රකට් අතුරු කමිටු රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළෙඹ තිබේ.

ඒ අනුව මේ වසරේ (2015) සිට ඉදිරි වසර 3 ක කාලය දක්වා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම සහභාගී වන කි‍්‍රකට් තරග ශ්‍රී ලංකාව තුළ විකාශනය කිරීමේ නිල අයිතිය ජාතික රූපවාහිනී සංස්ථාවට හිමිවී තිබේ.


- 036


අදහස් (1)

විකාශන අයිතිය ජාතික රූපවාහිනියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.