Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශ්‍රී ලංකා පිතිකරුවන් අරමුණක් ඇති ගමනක

ශ්‍රී ලංකා පිතිකරුවන් අරමුණක් ඇති ගමනක

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (19 වැනිදා) තේ පානයට පොරතුව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6 කට ලකුණු 206 ක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 370 ක අභියෝගයක් ශ්‍රී ලංකා පිලට බාර කළේය. 

දෙවැනි ඉනිමේ තුන්වැනි ඕවරයේදීම උපුල් තරංග (14) දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු එක්වූ කුමාර් සංගක්කාර සහ කෞෂාල් සිල්වා ලකුණු 96 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් අද සවස තරගය නතර කරන විට කඩුලු 1 කට 110 ක් දක්වා ශ්‍රී ලංකා පිල ඔසවා තැබූහ.

හෙට දිනයේ යැවීමට ඕවර 90 ක් ඉතිරිව තිබෙන අතර තරගය ජයගැනීම ස‍ඳහා තවත් ලකුණු 260 ක් ලබාගත යුතුය. එම ලකුණු සංඛ්‍යාව කරා යාමට ශ්‍රී ලංකා පිල සතුව කඩුලු 9 ක් තිබේ.

පළමු ඉනිමේදි අසාර්ථක වීම නිසා අධිෂ්ඨානශීලි ලෙසින් දෙවැනි ඉනිමට පිළිපන් කෞෂාල් සිල්වා සහ සංගක්කාර දෙදෙනා දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් නොදෙමින් ලකුණු ලබාගත්හ. අවදානම් පහර නොගැසූ නමුත් ලැබෙන සියලුම දුර්වල පන්දු තෝරා ගනිමින් ඒවා හතරේ සීමාවට පිටත්කර යැවූ කෞෂාල් සහ සංගක්කාර පන්දු යවන්නන්ට කරේ නැගීමට අවස්ථාවක් නොතැබූහ.

දකුණු අප්‍රිකානු  දෙවැනි ඉනිමේ ආරම්භය තරමක් මන්දගාමී වූ නමුත් ක්‍රම ක්‍රමයෙන් ලකුණු වේගය වැඩිකරගත් ඔව්හු විනාඩියකට ලකුණක් බැගින් ලබාගනිමින් සිතුවාටත් වඩා ඉක්මනින් ශ්‍රී ලංකා පිල පීඩනය පත්කළහ. එහිදී ෆෆ් ඩු ප්ලෙසි (37), ඒ. බී. ඩිවිලියර්ස් (පන්දු 58 කින් ලකුණු 51) සහ ක්වින්ටින් ඩි කොක් (පන්දු 40 න් ලකුණු 36) දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් අවදානම බාරගනිමින් ලකුණු රැස්කිරීමේ යෙදුණහ.

ඩිල්රුවන් පෙරේරා (79/4) සහ රංගන හේරත් (84/2) බිඳ වැටුණු කඩුුලු 6  ම බෙදාගත් අතර ශමින්ද එරංග තුවාල ලබා සිටීම නිසා පිටියට නොපිවිසියේය.

හේරත්ගේ පන්දුවක් හමුවේ ඩ්‍රයිව් පහරක් ගැසීමට ගිය ඩීන් එල්ගා ලකුණු 12 කට දැවී ගිය අතර ඇල්විරෝ පීටර්සන්ට කඩුල්ලේ රැඳී සිටීමට අවසර තිබුණේ විනාඩි 79 ක් පමණි. ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් කඩුලු රකින දිනේෂ් චන්දිමාල් අත පත්වීමට පොරතුව පීටර්සන්ගේ පිත්තේ පිටත දාරය සොයා ගැනීම නිසා ඔහුගේ ඉනිම ලකුණු 32 කින් නිමා විය.

උපුග් තරංගගේ දක්ෂ පන්දු රැකීමකින් අම්ලාගේ ඉනිම ලකුණු 22 කට සීමාවූ අතර රංගන හේරත් විසින් යවන ලද පන්දුවක් ෆෆ් ඩු ප්ලෙසීගේ පිට ඉන්න මත තිබූ බේලය බිම දමමින් ඇදී ගියේය.

සුරංග ලක්මාල් ඊයේ සවස දැවී යාම නිසා 9 වැනි කඩුල්ල් ලකුණු 283 දී බිඳ වැටුණු අතර දකුණතේ මහපට ඇගිල්ලත් දබරැගිල්ලත් අතරට මැහුම් 8 ක් දමා තිබියදීත් අවසන් පිතිකරු ලෙසින් ශමින්ද එරංග පිටියට පිවිසියේය. මහත් අපහසුවෙන් පිත්ත ග‍්‍රහණය කරගනිමින් පන්දුවට මුහුණ දුන් එරංග කඩුල්ලේ එක් අන්තයක තබා පන්දුවට මුහුණ දීමේ වගකීම බාරගත් රංගන හේරත්ට යා හැකිවූයේ විනාඩි 24 ක දුරක් පමණි.

මෝනි මෝකල්ගේ පන්දුවකින් ඒ. බී. ඩිවිලියර්ස් අති විශිෂ්ට උඩපන්දුවක් රැකගැනීමට පෙර තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 7 ක් එක් කිරීමට හේරත්ට හැකි වී තිබිණ.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (2)

ශ්‍රී ලංකා පිතිකරුවන් අරමුණක් ඇති ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.