Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශ්‍රී ලංකා පිල ලකුණු 77 කින් ජයගනී

ශ්‍රී ලංකා පිල ලකුණු 77 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

 

සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති දෙවැනි එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි) ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 77 කින් ජය ලැබීමට සමත් වූහ.

 

 

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය.

ලකුණු 311 ක ජයග‍්‍රහි ඉලකක්ය හඹාගිය පාකිස්තානු ඉනිම  ඕවර 43.5 කදී ලකුණු 233 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. තිසර පෙරේරා පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 19 කට කඩුලූ තුනක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.

සීකුගේ ප‍්‍රසන්න (36/2) සහ රංගන හේරත් (38/2) පාකිස්තානු ඉනිමේ මුල් පෙළ විනාශකරුවන් වෙමින් කඩුලූ දෙක බැගින් දවා ගත්හ.

මොහොමඞ් හෆීෂ් සහ අහ්මඞ් ශෙෂාඞ් දෙවැනි කඩුල්ලට ලකුණු 96 ක වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිලට හොද පීඩනයක් යොමු කිරීමට සමත් වූහ.

මොහොමඞ් හෆීෂ් පන්දු 49 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 62 ක් ලබා සිටියදී සීකුගේ ප‍්‍රසන්නගේ පන්දුවට දැවී යෑමත් සමග ලකුණු වේගය අඩාල විය. එතැන් සිට පාකිස්තානු පිතිකරුවන්ට සාර්ථක වීමේ අවස්ථාව නොලැබුණි.

ඇන්ජලෝ මැතිව්ස් (93) සහ මහේල ජයවර්ධන (67) සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 122 ක සම්බන්ධතාවට තිසර පෙරේරාගේ (65) වේගවත් ඉනිම මුසුවීමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 310 ක් රැස් කළේය.

වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් සංචිතයෙන් ඉවත්වීමෙන් දැඩි කථා බහට ලක්වූ තිසර පෙරේරා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 36 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 65 ක් රැස්කරමින් ලකුණු 310 ක් දක්වා ශ්‍රී ලංකාව ඔසවා තැබීය.    

ඇන්ජලෝ මැතිව්ස් සිය 22 වැනි එක්දින අර්ධ ශතකය ලෙස පන්දු 115 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 93 ක් රැස්කරමින් නැවතත් ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරු චරිතයට පණ දුන්නේය. මැතිව්ස් අර්ධ ශතක 22 ක් රැස්කළ ද මේ දක්වා එක්දින ශතකයක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම කැපී පෙනේ. මෙහිදී මැතිව්ස් එක්දින ලකුණු 3,000 ද සම්පූර්ණ කළේය.

මහේල ජයවර්ධන අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 76 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 67 ක් ලබා සිටියදී කඩුල්ලෙන් මෑත් වී පන්දුවට පහර දීමට යෑමෙන් මොහොමඞ් හෆීෂ්ට කඩුල්ල ජූජා කළේය. මෙය මහේලගේ 74 වැනි එක්දින අර්ධ ශතකයයි.

මහේල ජයවර්ධන සහ නායක ඇන්ජලෝ මැතිව්ස් සිවුවැනි කඩුල්ලට ලකුණු  122 ක සම්බන්ධතාවක් පැවැත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැුගෙන ආහ.
ආරම්භක පිතිකරු උපුල් තරංග (27) මුළු ලකුණු 62 කදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

කුමාර් සංගක්කාර 9 වැනි  ඕවරයේ දෙවැනි පන්දුවේදී ලකුණු 11 කට පිටියෙන් ඉවත්වීමෙන් පාකිස්තානු පන්දු යවන්නෝ තරගයේ පාලනයට සියතට ගැනීමට උත්සාහ කළහ.

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

පළමු තරගයට ක‍්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානයට මේ තරගයේදී දකුණතින් පා දඟ පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න කැදවා තිබුණි. සීකුගේ පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා අංක 6 ස්ථානයේ පන්දුවට පහර දුන්න ද අසාර්ථක විය.

දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 30 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ. 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක

- 048


අදහස් (9)

ශ්‍රී ලංකා පිල ලකුණු 77 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.