Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සිඞ්නි නුවරට පැමිණි අවස්ථාවේදී ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්ත පාර්ලිමේන්තුව විසින් විශේෂ පිළිගැනීමටකට ලක් කෙරිණ.
පළමුව ශී‍්‍ර ලංකා කණ්ඩායම වික්ටෝරියානු පාර්ලිමේන්තු සභාගර්භයට කැඳවා වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ කතානායක ටෙල්මෝ ලැන්ග්විලර් මහතා විසින් නිල වශයෙන් පිළිගන්නා ලද අතර මෙම අවස්ථාවේදී පාර්ලිම්න්තුවේ ප‍්‍රධානියා වූ ඩැනියෙල් ඇන්ඩෘස් මහතාද එහි සිටියේය. නායක ඇන්ජලෝ මැතිව්ස්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග වැනි ලෝකයේ විශිෂ්ටතම කී‍්‍රඩකයන් වික්ටෝරියා පාර්ලිමේන්තුවට පැමිණීම අගය කරන බවද ටෙල්මෝ ලැන්ග්විලර් මහතා පැවසීය.
අනතුරුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සියලූම සාමාජිකයන් සහ ඔවුන්ගේ ඥාතීන් පිළිගැනීමේ උත්සවයට වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ කතානායක ටෙල්මෝ ලැන්ග්විලර්, වික්ටෝරියා ප‍්‍රාන්ත පාර්ලිමේන්තුවේ සංචාරක සහ කී‍්‍රඩා අමාත්‍ය ජෝන් ඊරන් යන මහත්වරුන් මෙන්ම වික්ටෝරියා ප‍්‍රාන්තයේ ශී‍්‍ර ලංකා නියෝජිතවරයා මෙන්ම වික්ටෝරියා ප‍්‍රාන්තයේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාවද සහභාගි වූහ.
වික්ටෝරියා ප‍්‍රාන්තයේ වෙසෙන ප‍්‍රවීණතම නීති විශාරදයකු වන සුසන්ත කටුගම්පොල මහතා මෙම පිළිගැනීමේ උත්සවයේ ප‍්‍රධාන දේශනය පැවැත්වූ අතර ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් වරයා වන උපාලි පුෂ්පකුමාර මහතා ස්තුති කතාව පැවැත්වීය.
කැප්ෂන්
සුසන්ත කටුගම්පොල මහතා සභාව අමතමින්
ශී‍්‍ර ලංකා කණ්ඩායම වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.