Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ රැකගනී

ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ රැකගනී

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව චිතගොන්හිදී පැවැති විස්සයි:20 තරග දෙක ජයගැනීමත් සමගම අන්තර්ජාතික වි:20 කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේ තමන්ට හිමි අංක 1 ස්ථනය තවදුරටත් රැකගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්විය.

යම් හෙයකින් මෙම තරගාවලියේ තරග දෙකම පරාජය වූයේ නම් වි:20 කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් ආරම්භ කළ 2012 වසරේ සිටම ශී‍්‍ර ලංකාවට හිමි අංක 1 ස්ථානය අහිමි වීමට ඉඩ තිබිණ.

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකම ජයගැනීම නිසා ශී‍්‍ර ලංකාවට විශාල ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමි නොවුණ නමුත් ශ්‍රේණිගත ලයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාවත් ශී‍්‍ර ලංකාවත් අතර ඇති ශ්‍රේණිගත ලකුණු පරතරය 6 කි.

ශ්‍රේණිගත කිරීමේදී කණ්ඩායමකට ප‍්‍රසාද ලකුණු හිමිවන්නේ ප‍්‍රතිවාදී කණ්ඩායමේ ශ්‍රේණිගත ස්ථානය හා සංසන්දනාත්මකවය.


විස්සයි:20 කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුව

       කණ්ඩායම     ලකුණු
1.     ශී‍්‍ර ලංකාව          129
2.     ඉන්දියාව          123
3.     දකුණු අපි‍්‍රකාව    123
4.     පාකිස්තානය      121
5.     බටහිර ඉන්දීය කොදෙව්    113
6.      ඕස්ටේ‍්‍රලියාව      110
7.     නවසීලන්තය      108
8.     එංගලන්තය        105
9.     අයර්ලන්තය        87
10.     බංග්ලාදේශය     71
11.     ඇෆ්ගනිස්ථානය  70
12.    නෙදර්ලන්තය     56
13.     ස්කොට්ලන්තය  50
14.    සිම්බාබ්වේ          46
15.    කෙන්යාව          42
16.    කැනඩාව           2

 


අදහස් (2)

ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.