Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ඉවසිලිවන්ත පිතිහරඹයක යෙදුණු ධනංජය සිල්වා (96) ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ තරගයේ පළමු දිනය වූ අද (13 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 244 ක් ලබා ගත්හ.
ඉතාමත් අලංකාර පිතිහරඹයක නිරත වූ ධනංජය සිල්වා ශතකය පෙනි පෙනී සිටියදී පිටියෙන් ඉවත් වන විට මුලූ ලකුණු සංඛ්‍යාව 183 ක් විය. එහෙත් පසුව එක්වූ කිත්රුවන් විතානගේ (නොදැවී 63) සහ කුසල් පෙරේරා (නොදැවී 21) විනාඩි 34 කදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩන`ගමින් තම පිලේ ලකුණු සංඛ්‍යාව 244 දක්වා ඉහළ දැමූහ.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු ‘ඒ’ පිල පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් හෝරා දෙකකට වැඩි කාලයක් තිස්සේ සිය කඩුලූ ආරක්‍ෂා කරගත් ධනංජය ද සිල්වා සහ උදාර ජයසුන්දර (42) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූහ. කඩුල්ලට ඈතින් යන පන්දු නිදැල්ලේ යවමින් දුර්වල පන්දු තෝරා බේරා ගත් ආරම්භක පිතිකරුවෝ දෙදෙනා කිසිදු අපහසුතාවකට මුහුණ නොදී ශතක සම්බන්ධතාව ගොඩනැංවූහ.
විනාඩි 288 ක් පුරා පන්දු 207 කට මුහුණ දුන් ධනංජයගේ ඉනිම චිත්තාකර්ශනීය හතරේ පහර 11 කින් සමන්විත විය.
කිත්රුවන් විතානගේ සහ කුසල් පෙරේරා පන්දුවට පහර දුන්නේ හතරේ සීමාව සිය දෙපාමුල තිබූ ලෙසිනි. දෙදෙනාගේ පිත්තෙන් ගලා ආ ලකුණු 84 ට හතරේ පහර 12 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. කුසල් පෙරේරා පිටියට පැමිණි විගසින්ම පන්දු යවන්නන් ගලග‍්‍රහයෙන් ගෙන බිම හෙළුෑ අතර සියා උල්හක් හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක යෙදිණ.
හෙට (14 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම
උදාර ජයසුන්දර - ක.මු.කළා ප.සියා උල් හක් 42
ධනංජය ද සිල්වා - ඇ.ගෝර් ප.ඉමාඞ් වසිම් 96
මාධව වර්ණපුර - ක.මු.කළා ප.සෆාර් ගෝර් 7
කිත්රුවන් විතානගේ - නොදැවී 63
අශාන් පි‍්‍රයන්ජන් - දුවද්දී දැවී ගියා 5
කුසල් පෙරේරා - නොදැවී 21
අතිරේක 10
එකතුව ඕවර 81 කදී කඩුලූ 4 ක් දැවී 244
කඩුලූ වැටීම
1-101(උදාර), 2-127(මාධව), 3-183(ධනංජය), 4-195(පි‍්‍රයන්ජන්)
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ
අසේල ගුණරත්න, තරිඳු කෞෂාල්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප‍්‍රනාන්දු
පන්දු යැවීම
තබීෂ් ඛාන් : 21-6-51-0, මීර් හම්සා : 17-7-47-0, සියා උල් හක් : 16-1-56-1, උමේර් අමීන් : 6-2-13-0, සෆාර් ගෝර් : 14-2-48-1, ඉමාඞ් වසිම් : 7-1-23-1
පාකිස්තාන් ‘ඒ’ කණ්ඩායම
ෆවාඞ් අලාම් (නායක), කුරාම් මන්සූර්, සෆාර් ගොහාර්, උමේර් අමීන්, ෂාන් මසූඞ්, උස්මන් සලාවුද්දීන්, අද්නන් අක්මාල්, තබීෂ් ඛාන්, ඉමාඞ් වසිම්, සියා උල් හක් සහ මීර් හම්සා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.