Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායකයා අෂාන්

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායකයා අෂාන්

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව මේ මස 26 වැනිදා මාතරදී ආරම්භ වන එක්දින තරග තුනකින් සහ නිල නොවන ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස අෂාන් ප‍්‍රියන්ජන් පත්කර තිබේ.

මේ දක්වා ශ්‍රී ලංකා ‘ඒ’ පිලට උප නායකයකු පත්කර නොමැති අතර ජාතික තේරීම් කමිටුවේ සභාපති කපිල විජේගුණවර්ධන මහතා පැවසුවේ උප නායකයා පත්කිරීමට තේරීම් කමිටුව සාකච්ඡ කරමින් සිටින බවයි.

2008 වසරේ වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස අෂාන් කටයුතු කළේය. දකුණත් පිතිකරුවකු වන 25 හැවිරිදි අෂාන් මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 21 කට ක‍්‍රීඩා කර තිබේ.


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායකයා අෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.